රණවිරු සේවා අධිකාරියේ නව සභාපති රාජකාරී අරඹයි.

රණවිරු සේවා අධිකාරියේ 10 වන සභාපති ලෙස මේජර් ජෙනරල් නිශාන්ත මානගේ මහතා පත් කර ඇත.

නව සභාපතිතුමන් රණවිරු සේවා අධිකාරියේ සභාපති ධූරයේ වැඩ ඇරඹීම 2024 පෙබරවාරි මස 2 වන සිකුරාදා දිනයේ දී සිදුකරන ලදී.

බෞද්ධ ආගමික වතාවන් වලට මුල්තැන දෙමින් රාජකාරී ඇරඹීමෙන් අනතුරුව සභාපතිතුමන් විසින් සියලු නිලධාරීන් අමතමින් විශේෂ සාකච්ඡාවක් පවත්වනු ලැබීය.

මෙම අවස්ථාව ගෞරවනීය මහා සංඝරත්නය, හිටපු සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික), දැනට උපසභාපතිනිය වශයෙන් මෙන්ම සෙනෙහස විශේෂ අධ්‍යාපන හා සම්පත් කේන්ද්‍රයේ ප්‍රධාන අධීක්ෂණ නිලධාරිනිය වශයෙන් කටයුතු කරන සෝනියා කෝට්ටේගොඩ මහත්මිය ඇතුළු විශේෂ ආරාධිතයන්ගේ සහභාගිත්වයෙන් සිදු විය.

තව දුරටත්
news image

2024 නව වසරේ රාජකාරි කටයුතු ඇරඹෙයි.

රණවිරු සේවා අධිකාරියේ 2024 නව වසර සඳහා රාජකාරි කටයුතු ඇරැඹීම වෙනුවෙන් විශේෂ වැඩසටහනක් 2024 ජනවාරි මස 01 වන සදුදා දින රණවිරු සේවා අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේදී සංවිධානය කරන ලදී.

මෙහිදී රණවිරු සේවා අධිකාරියේ රාජකාරි කරනු ලබන ස්ථිර සහ අනුයුක්ත කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂකවරුන් සහ දිස්ත්‍රික් වැඩසටහන් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් නව වසරේ රාජකාරි කටයුතු ඇරඹීමේ විශේෂ වැඩසටහනක් එහි වැඩබලන සභාපතිනිය සෝනියා කෝට්ටේගොඩ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.

ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව රණවිරුවන් ඇතුළු දේශයේ ස්වෛරීය භාවය සහ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් දිවි කැප කළ සියලු දෙනා සැමරීම සඳහා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වමින් රාජ්‍ය ප්‍රතිඥාව සහ දිවුරුම් දීම සිදු කිරීම කරන ලදී.

රණවිරු සේවා අධිකාරියේ වැඩබලන සභාපතිතුමිය විසින් 2024 නව වසර සඳහා රජය විසින් හදුන්වා දී ඇති රාජ්‍ය ප්‍රතිපත්තීන් හා වැඩපිළිවෙළ පිළිබඳ සහ එකී අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා රාජ්‍ය සේවකයාගේ දායකත්වය පිළිබඳව ආයතනයේ කාර්ය මණ්ඩල සේවකයන් අභිප්‍රේරණය කරමින් කෙටි දේශනයක් සිදු කරන ලදී.

මෙම අවස්ථාව සඳහා රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්, ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීන් සම්බන්ධ විය.

තව දුරටත්
news image

2023 වර්ෂයේ දී රණවිරුවන් 255 දෙනෙකු වෙනුවෙන් ඇස් කණ්නාඩි ලබා දෙයි

රණවිරු සේවා අධිකාරියේ කොළඹ දිස්ත්‍රික්කයේ කැස්බෑව රණවිරු සංසදය නියෝජනය කරන රණවිරුවන් සිව් දෙනෙකුට ඉතා උසස් මට්ටමකින් යුතු ඇස් කණ්නාඩි ලබාදීමේ වැඩසටහනක් රණවිරු සේවා අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේදී 2023 දෙසැම්බර් මස 14 වන බ්‍රහස්පතින්දා දින පැවැත්විය.

රණවිරු සේවා අධිකාරියේ වැඩ බලන සභාපතිනී සෝනියා කෝට්ටේගොඩ මහත්මිය විසින් කැස්බෑව රණවිරු සංසදයේ රණවිරුවන් සිව්දෙනෙකු වෙත සංකේතාත්මකව මෙම උපැස් යුවල් ලබාදීම සිදු කරනු ලැබීය.

රණවිරු සේවා අධිකාරිය මගින් ක්‍රියාත්මක ආබාධිත සහායක උපකරණ ලබාදීමේ ව්‍යාපෘතිය යටතේ 2023 වර්ෂය සඳහා පමණක් දිවයින පුරා විසිරී සිටින ක්‍රියාන්විත හේතූන් මත ආබාධිත තත්ත්වයට පත් වූ රණවිරුවන් දෙසිය පනස් පස් දෙනෙකු (255) සඳහා ඉතාමත් උසස් නිමාවකින් යුතු ඇස් කණ්නාඩි ලබාදීමට රණවිරු සේවා අධිකාරියේ පුනරුත්ථාපන හා පසුඋවටැන් ව්‍යාපෘති අංශය කටයුතු කර තිබේ.

2023 වර්ෂය සඳහා රණවිරු සේවා අධිකාරියට රණවිරුවන්ගෙන් ලද ඉල්ලීම් සලකා බලා රණවිරු සේවා අධිකාරියේ දිස්ත්‍රික් නිලධාරීන් සහ පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්ගේ අධීක්ෂණයෙන් යුතුව මෙම ඇස් කණ්නාඩි රණවිරුවන් වෙනුවෙන් ලබා දීමට රණවිරු සේවා අධිකාරිය කටයුතු කරන ලදී.

මේ වන විට දිවයින පුරා විසිරී සිටින රණවිරුවන් හැත්ත හතර දෙනකු (74) සඳහා මෙම උපැස් යුවල් ඔවුන්ගේ නිවෙස් වෙතටම ලබා දී ඇත. එමෙන්ම ඉතිරි රණවිරුවන් සඳහා ඔවුන්ගේ දිස්ත්‍රික්කයන් වෙතටම ගොස් ඇස් පරීක්ෂා කොට නිවැරදි තාක්ෂණික ක්‍රමවේදයන් අනුගමනය කරමින් මෙම ඇස් කණ්නාඩි ඔවුන් වෙතට ලබාදීම රණවිරු සේවා අධිකාරියේ අරමුණයි.

තව දුරටත්
news image

සෝනියා කෝට්ටේගොඩ මහත්මිය රණවිරු සේවා අධිකාරියේ නව වැඩ බලන සභාපතිනිය ලෙස රාජකාරී අරඹයි.

රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමන් වසර හතරක සේවා කාලයකට සමුදෙමින් විශ්‍රාම දිවියට පිය නගයි

රණවිරු සේවා අධිකාරියේ සභාපති ධූරය හෙබවූ මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පි වීඑස්වී යුඑස්පී එන්ඩියු මහතා 2019.12.12 සිට 2023.11.26 දක්වා වසර හතරක කාලය තුල සමස්ත රණවිරු ප්‍රජාව වෙනුවෙන් විශිෂ්ට සේවයක් සිදු කරමින් පසුගිය දා විශ්‍රාම දිවියට පිවිසෙන ලදී.

එවකට සේනාධිනායක විසින් රණවිරු ප්‍රජාව වෙනුවෙන් විශිෂ්ට සේවයක් සිදු කිරීම සඳහා අවකාශ සලසමින් නිත්‍ය උප සේවයේ සිට සක්‍රීය සේවයට කැදවීමෙන් අනතුරුව වසර හතරක අති සාර්ථක සේවා කාලයක් ගෞරවනීය ලෙස නිමා කරමින් එතුමන් විසින් විශ්‍රාම දිවියට එළඹෙන ලදී.

රණවිරු සේවා අධිකාරියේ සුබසාධන ව්‍යාපෘතීන් වෙනුවෙන් තම දෙස් විදෙස් පුද්ගලික හිතමිතුරන්ගේ සහාය ලබාගනිමින් පුද්ගලික ධනය ද වැය කරමින් ව්‍යාපෘතීන් රැසකට අත හිත දුන් එතුමා විසින් රණවිරු සුබසාධනය නව මං පෙතකට යොමු කරන ලදී.

ගරු හිටපු සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාණෙනි රණවිරු සේවා අධිකාරියේ උප සභාපතිනී ඇතුළු කාර්ය මණ්ඩලයේ සහ සමස්ත රණවිරු ප්‍රජාවේ උණුසුම් සුබපැතුම්.

තව දුරටත්
news image

ලක්වම රිදියෙන් සැරසූ රණවිරු බලලත් නිලධාරි 11 අනිල් ප්‍රසන්නට රණවිරු සේවා අධිකාරියෙන්,උණුසුම් හර සර

චීනයේ හැන්සු නගරයේ 2023.10.20 වන දින සිට 2023.10.28 වන දින දක්වා පැවති 4 වන පැරා ආසියානු තරගාවලියේ ටී 63 කාණ්ඩයේ මීටර් 100 ඉසව්වේ රිදී පදක්කම දිනා මව් බිමට අභිමානයක් එක් කිරීමට රණවිරු බලලත් නිලධාරි 11 අනිල් ප්‍රසන්න ජයලත් සමත් විය.

ඔහු ලබා ගත් ජයග්‍රහනය වෙනුවෙන් රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ උණුසුම් ශුභාශිංසන ඔහු වෙත අද දින පුද කර සිටින ලද අතර, එම අවස්ථාව සඳහා රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චන්ද්‍රා අබේකෝන්, සභාපති ලේකම් බ්‍රිගේඩියර් නලීන් මැදිවක සහ ක්‍රිඩා භාර නිළධාරි මේජර් රනිල් බලගල්ල සහභාගී වන ලදී.

රණවිරු සේවා අධිකාරියේ ක්‍රීඩා සංචිතය නියෝජනය කරන රණවිරු බලලත් නිලධාරි 11 අනිල් ප්‍රසන්න තම ඉදිරි සැළසුම් හා පුහුණුවීම් කටයුතු පිළිබඳ වැඩි දුර සාකච්ඡාවක රණවිරු සේවා අධිකාරියේ සභාපති සහ අධ්‍යක්ෂ තුමන් සමග නිරත වන ලදී.

තව දුරටත්
news image

රණවිරු සේවා කාර්ය මණ්ඩලය වෙත පෞරුෂ සංවර්ධන පුහුණුවක් ලබා දෙයි

රණවිරු සේවා අධිකාරියේ කාර්යය මණ්ඩලය සඳහා පැවැති වර්ෂ අවසාන පෞර්ෂත්ව සංවර්ධන පුහුණු වැඩසටහන 2023 නොවැම්බර් මස 17 වන බ්‍රහස්පතින්දා දින කුකුලේග‍ඟ ලයා ලෙෂර් හෝටල් පරිශ්‍රයේදී පවත්වන ලදී.

රණවිරු සේවා අධිකාරියේ සේවයේ නියුතු ස්ථිර සහ අනුයුක්ත කාර්ය මණ්ඩලයේ සියලු සාමාජිකයන් සඳහා පැවති මෙම පෞර්ෂත්ව සංවර්ධන සහ නායකත්ව ගුණාංග දියුණු කිරීමේ වැඩමුළුවේ දී විශේෂ ආරාධිත දේශකයන් විසින් පෞරුෂ සංවර්ධනය, නායකත්වය, මානසික සංවර්ධනය සහ වඩා යහපත් රාජකාරි පරිසරයක් නිර්මාණය කර ගැනීම ආදී කරුණු පිළිබඳ උපදේශනය සිදු කරන ලදී.

රණවිරු සේවා අධිකාරියේ සභාපති, මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ සංකල්පයක් මත සංවිධානය කරනු ලැබූ මෙම පුහුණු වැඩසටහන තුළදී රණවිරු සේවා අධිකාරියේ සේවයේ නියුතු කාර්ය මණ්ඩලයේ කණ්ඩායම් හැගීම වර්ධනය කිරීම සහ නායකත්ව ගුණාංග සංවර්ධන කිරීමේ පුහුණු වැඩසටහන් වලින් සමන්විත වන ලදී.

රණවිරු සේවා අධිකාරියේ උප සභාපතිනි, සෝනියා කෝට්ටේගොඩ මහත්මිය, රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් චන්ද්‍රා අබේකෝන්, සභාපති ලේකම් බ්‍රිගේඩියර් නලීන් මැදිවක ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන් නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් සහභාගි වන ලදී.

තව දුරටත්
news image

රණවිරු දත්ත පද්ධතිය විධිමත් කිරීමට කටයුතු කෙරේ

රණවිරු සේවා අධිකාරියේ ආරම්භයේ සිට මේ දක්වා සිදුකරන ලද විවිධ ව්‍යාපෘතීන් වලට අදාල දත්ත එකම අවකාශයක මධ්‍යම දත්ත ගොනුවක් ලෙස නිර්මාණය කිරීමේ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් 2023 නොවැම්බර් මස 15 වන බදාදා දින රණවිරු සේවා අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විය.

රණවිරු සේවා අධිකාරියේ සහ සෙනෙහස අධ්‍යන කොන්ද්‍රයේ තොරතුරු තාක්ෂණ අංශ ප්‍රධානී මේජර් අනෝජ් ද සිල්වා විසින් මධ්‍යම දත්ත පද්ධතියක් නිර්මාණය කිරිම සදහා තව දුරටත් සිදු කල යුතු ක්‍රියාකාරකම් ඇතුලත් සැලැස්මක් සභාපති තුමන් ප්‍රමුඛ යුද සහ ගුවන් හමුදා තොරතුරු තාක්ෂන අංශ ප්‍රධානීන් හමුවේ ඉදිරිපත් කරන ලදි.

යුද සහ ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අංශයන්හි නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම විශේෂ සාකච්ඡාවේදී මධ්‍යම තොරතුරු පද්ධතිය කඩිනමින් අවසන් කිරීම සඳහා අවශ්‍ය කරුණු සමාලෝචනය කරන ලදී.

රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් චන්ද්‍රා අබේකෝන්, සභාපති ලේකම් බ්‍රිගේඩියර් නලීන් මැදිවක, යුද හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් නන්දන වීරතුංග, ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ ගෘප් කැප්ටන් අසිත හෙට්ටිආරච්චි සහ රණවිරු සේවා අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ගුණදාස හේමචන්ද්‍ර මහතා ඇතුළු නිළධාරීන් මෙම අවස්ථාව සදහා සහභාගී වන ලදී.

තව දුරටත්
news image

රණවිරු ණය ප්‍රතිව්‍යුහගත කිරීම සදහා සභාපති තුමන් මුලිකත්වය ගනී

රණවිරු සේවා අධිකාරිය හා සම්බන්ධ දිවයින පුරා විසිරී සිටින රණවිරු සංසද සාමාජිකයන් බැංකු හා මුල්‍ය ආයතන වෙතින් ලබාගෙන තිබෙන ණය වාරික මුදල් ගෙවා ගැනීමට ඇති අපහසුතාවය පිළිබදව සිදු කරන ලද ඉල්ලීම් සදහා ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් බැංකු සහ මුල්‍ය ආයතන නියෝජිතයින් රණවිරු සේවා අධිකාරියේ ප්‍රධාන කාර්‍යාලය වෙත කැඳවා රණවිරු ණය ප්‍රතිව්‍යුහගත කිරිමේ හැකියාවෆෆෆෆෆ පිලිබද සොයාබැලීමේ විශේෂ සාකච්ඡාවක් 2023 නොවැම්බර් මස 03 වන සිකුරාදා පැවැත්වීය.

රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතා විසින් එම මුල්‍ය ආයතන නියෝජිතයින් හමුවේ මෙසේ අගතියට පත්වී තිබෙන රණවිරුවන් සහ එම පවුල්වල සාමාජිකයින් විසින් සභාපති තුමන් වෙතින් ඉදිරිපත් කරන ලද ලිපිවල අඩංගු කරුනු සාරාංශයක් බැංකු නිළධාරින් හමුවේ ප්‍රකාශ කරන ලදි.

එමෙන්ම විවිධ කායික හා මානසික ආබාධයන්ගෙන් පෙලෙන මෙම රණවිරු ප්‍රජාව කෙරෙහි සානුකම්පිතව බලා ඔවුනට ජීවත්වීමට හැකි පරිදි රටේ පවතින උද්ධමනය, ජීවන වියදම සහ ඔවුන්ගේ මාසික වැටුප පිලිබද නැවත සලකා බලා යම් සහනදායි ක්‍රමවේදයක් මත මාසික පොලී අය කිරීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරිම කෙරෙහි අවධානය යොමු කරන මෙන් බැංකු නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටින ලදි.

මෙම අවස්ථාව සදහා ලංකා බැංකුව, ජාතික ඉතිරිකිරිමේ බැංකුව, මහජන බැංකුව, පෑන් ඒෂීයා බැංකුව, සණස සංවර්ධන බැංකුව, සම්පත් බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සහ හැටන් නැෂනල් බැංකුව නියෝජනය කරමින් නියෝජිතයන් සහභාගී විය.

තව දුරටත්
news image

ඉපලෝගමට වෛද්‍ය සායනයක්

අම්පාර රණවිරුවන්ගේ ගැටලු විසඳීමට ක්ෂේත්‍ර පරීක්ෂාවක්

අම්පාර දිස්ත්‍රික්කයේ රණවිරුවන්ගේ ගැටලු පිළිබඳ සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් සංසද සභාපතිවරුන්/කාර්ය මණ්ඩල නියෝජිතයන් සමඟ 2023.10.12 දින අම්පාර නවගම්පුර රණවිරු ගම්මාන ප්‍රජා ශාලාවේ දී පැවැත්වීය.

රණවිරු සේවා අධිකාරියේ නැගෙනහිර පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂක හා දිස්ත්‍රික් නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලද මෙම විශේෂ සාකච්ඡාවට සමගාවීම නිවෙස් ගත රණවිරුවන් ගේ සුව දුක් සොයා බැලීම ,නිවාස ණය ,දිරිය ණය ,සනීපාරක්ෂක ආධාර ලබාදීම පිළිබඳ ක්ෂේත්‍ර පරීක්ෂාවක් ද සිදු කළේය.

මෙහිදී අම්පාර දිස්ත්‍රික්කයේ රණවිරුවන් හට වෛද්‍ය උපකරණ ලබා දීම ,ඉඩම් ගැටලු පිළිබඳව ප්‍රාදේශීය ලේඛම් සමග සාකච්ඡා කිරීම ද සිදු කරන ලදී.

රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ විශේෂ උපදෙස් මත රණවිරු සුබසාධනය රණවිරුවන්ගේ නිවෙස් වෙතටම ගොස් සොයා බලා ඉටුකර දීමේ ක්‍රමවේදයේ තවත් පියවරක් ඉදිරියට තබමින් මෙම ව්‍යාපෘතීන් ක්‍රියාවට නංවයි.

තව දුරටත්
news image

රණවිරු සේවා අධිකාරියේ ක්‍රීඩකයින් තිදෙනෙකු ආසියානු පැරා වරම් ලබයි

ආසියාතික පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙල 2023.10.22 සිට 2023.10.28 දින දක්වා චීනයේ දී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා මෙවර රණවිරු සේවා අධිකාරියේ ක්‍රීඩා සංචිතය නියෝජනය කරන ක්‍රීඩකයින් තිදෙනෙකු සුදුසුකම් ලබා ඇත.

එම රණවිරුවන් අද දින රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතා හමු වී ඔවුන්ගේ පුහුණු කටයුතුවල ප්‍රගතිය, තරඟ සූදානම පිලිබඳ දැනුවත් කරමින් සුහද කතාබහක නිරත විය.

පහත නම් සඳහන් ආසියාතික පැරා ක්‍රීඩා තරගාවලියට සහභාගි වන රණවිරු සේවා අධිකාරියේ කණ්ඩායමට සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ උණුසුම් සුබපැතුම්.

බළලත් නිලධාරී 11 අනිල් ප්‍රසන්න ජයලත් (T42 කාණ්ඩයේ මීටර 100)

සැරයන් ජයසිංහ රත්නායක (T4 කාණ්ඩයේ බර එසවීම)

කෝප්‍රල් සංජීව පෙරේරා (SL 4 කාණ්ඩයේ බැට්මින්ටන්)

තව දුරටත්
news image

රණවිරු දරුවන් සදහා වෘත්තීය මාර්ගෝපදේශනයක්

රණවිරු සේවා අධිකාරියේ ශිෂ්‍යත්ව අංශය ඔස්සේ ක්‍රියාත්මක වන රණවිරු දූ දරු අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහනට සම්බන්ධව සිටින දරුවන්ගේ අ.පො.ස උසස් පෙළ හදාරන දරුවන් මූලික කරගත් අධ්‍යාපන සහ වෘත්තීය උපදේශනයන් ලබා දීමේ විශේෂ ව්‍යාපෘතියක සමාරම්භක වැඩසටහන 2023 ඔක්තෝම්බර් මස 04 දින ප.ව.3.00 ට zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වීය.

රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමන්ගේ ආරාධනයෙන් මෙම විශේෂ වැඩසටහන මෙහෙයවනු ලැබුවේ ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් මහතා විසිනි.

රණවිරු සේවා අධිකාරියේ ශිෂ්‍යත්ව අංශ ප්‍රධානී සුරේඛා ප්‍රනාන්දු මෙනවිය ගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක මෙම ශිෂ්‍යත්ව වැඩසටහනට සම්බන්ධව සිටින දිවයින පුරා විසිරී සිටින රණවිරු දරුවන් 65 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් මෙම සමාරම්භක අවස්ථාවට සහභාගි විය.

රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමන්ගේ සංකල්පයක් මත ක්‍රියාත්මක අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් රණවිරු දූ දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලබන රණවිරු දරුවන් සදහා සංවිධානය කරන ලද මෙම විශේෂ වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන සඳහා අනෙකුත් රණවිරු දරුවන් සදහා ද අවස්ථාව සලසා දෙන ලදී.

ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් මහතා දැනට නීති පීඨය කොළඹ විශ්ව විද්‍යාලය, විවෘත විශ්ව විද්‍යාලය කොළඹ, ශ්‍රී ලංකා නීති විද්‍යාලය සහ APIIT නීති පාසලේ බාහිර කථිකාචාර්යවරයෙකු වශයෙන් කටයුතු කරයි.

එමෙන්ම බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය,සෞන්දර්ය විශ්ව විද්‍යාලය සහ ගම්පහ දේශීය වෛද්‍ය විශ්ව විද්‍යාලයේ පාලක සභිකයකු වශයෙන් ද කටයුතු කරනු ලබන ප්‍රවීණ වෘත්තිය වේදියකු වේ.

එමෙන්ම ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාවේ අණදෙන නිලධාරි වරයෙකු වශයෙන් සහ සමාගම් උපදේශක සහ නායකත්ව පුහුණු උපදේශකයකු ලෙසින් කටයුතු කරන ඒ මහතා ප්‍රවීණ දේශකයෙකි.

රණවිරු සේවා අධිකාරියේ සුභසාධක ව්‍යාපෘතීන් සඳහා නිරන්තරයෙන් දායකත්වය සපයන පරිත්‍යාගශීලී සරෝජිනී මුණසිංහ මහත්මිය සහ හේමාල් මුණසිංහ මහතාගේ සම්බන්ධීකරණයෙන් පැවැති මෙම වැඩසටහන සඳහා රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චන්ද්‍රා අබේකෝන්, සභාපතිතුමන්ගේ ලේකම් බ්‍රිගේඩියර් නලින් මැදිවක, හමුදා සම්බන්ධිකරණ නිළධාරි ලුතිතන් කර්නල් රක්ශික ලියනගේ, නියෝජ්‍ය අධ්‍යක්ෂ වරුන් සහ අංශ ප්‍රධානීන් කිහිප දෙනෙක් ඇතුළු වැඩසටහන් නිලධාරීන් සහභාගි විය.

තව දුරටත්
news image

ආරක්ෂක ලේකම්ගේ ජන්ම දිනය නිමිතිකොට රණවිරුවෙකුට කෘතීම පාදයක් ලබා දෙයි

වැලිඹය ප්‍රදේශයේ අකුණු පහර ක්‍රියාන්විතයට අනුයුක්තව රාජකාරියේ නිරතව සිටියදී ත්‍රස්තවාදී බිම් බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් තම දකුණු පාදය අහිමි වූ රණක්ෂිතයට පත් බියගම රණවිරු සංසදය නියෝජනය කරන රණවිරුවෙකු වන සැරයන් මේජර් R.P.C ධර්මප්‍රිය මහතා වෙත කෘතීම පාදයක් ලබාදීමේ වැඩසටහනක් ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් රණවිරු සේවා අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේදී අද දින (2023.10.04) පැවැත්විය.

ආරක්ෂක ලේකම් තුමන්ගේ බිරිඳ වන චිත්‍රානී ගුණරත්න මහත්මිය සහ එතුමන්ගේ දියණිය වන කාංචනා ගුණරත්න මෙනවිය විසින් ආරක්ෂක ලේකම් තුමාගේ ජන්ම දිනය නිමිත්තෙන් සිදුකරන ලද පුණ්‍ය කටයුත්තටකට සමගාමීව පවුලේ සියලුම දෙනාගේ ධන පරිත්‍යාගයෙන් රුපියල් එක්ලක්ෂ හැට දෙදහස් එකසිය පනස් හතරයි ශත අනූ අටක (රු. 162,154.98/=) මූල්‍ය අනුග්‍රාහකත්වය මත රණවිරු සේවා අධිකාරිය හා සම්බන්ධව මෙම කෘතීම පාදය සකසා දීමට කටයුතු කරනු ලැබීය.

වර්ෂ 1991 සැප්තැම්බර් මස 02 වන දින LTTE ත්‍රස්තවාදීන් සමග වැලිඹය ප්‍රදේශයේ සටනට සහභාගී වෙමින් සිටියදී LTTE පීඩන බෝම්බයකට අසු වීමෙන් එම රණවිරුවාගේ දකුණු පාදය අහිමි වී ඇත. දියණියන් දෙදෙනෙකුගේ සහ පුතනුවන් දෙදෙනෙකුගේ පියකු වන මෙම රණක්ෂිතයට පත් රණවිරුවා දැනට ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත ප්‍රදේශයේ ජීවත්ව සිටී.

වර්ෂ 1991 දී තම පාදය අහිමි වීමෙන් අනතුරුව 1993 වසරේ විවාහ දිවියට පිවිසෙන මෙම රණවිරුවා වසර 2005 වෙන තෙක් පාදයක් අහිමිව තිබියදී පවා කමාන්ඩෝ රෙජිමේන්තුවට අනුයුක්තව රාජකාරි සිදු කළ ශ්‍රේෂ්ඨ නිර්භීත රණවිරුවෙකි.

දේශයේ භෞමික අඛණ්ඩතාවය, ඒකීය භාවයත්, නිදහසත් වෙනුවෙන් තම තරුණ දිවිය, ඇස්, ඉස්, මස්, ලේ කැප කළ ආඩම්බරකාර රටට ණය නැති රටම ණයගැති දේශයේ විරුවකු වෙනුවෙන් මෙවැනි උදාරතර පුණ්‍යකර්මයට දායකවීමට ලැබීම මහඟු අවස්ථාවක් බව චිත්‍රානී ගුණරත්න මහත්මිය විසින් සභාපති තුමන් හමුවේ ප්‍රකාශ කළේය.

රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික), අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චන්ද්‍රා අබේකෝන්, සභාපතිතුමන්ගේ ලේකම් බ්‍රිගේඩියර් නලින් මැදිවක, වැඩසටහන් නිලධාරීනී නෙත්මි ගයශ්‍රී මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.

තව දුරටත්
news image

මාතර දිස්ත්‍රික්කයේ රණවිරු සංසද හමුවක්

මාතර දිස්ත්‍රික්කයේ රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් මුහුණ පා සිටින පොදු ගැටලු සාකච්ඡා කරමින් ඔවුන්ගේ ගැටලු සඳහා විසඳුම් ලබාදීමට රණවිරු සේවා අධිකාරියේ කාර්ය මණ්ඩලය විසින් 2023 සැප්තැම්බර් මස 26 වන දින මාතර දී සංවිධානය කරන ලද රණවිරු දිස්ත්‍රික් ජංගම වැඩසටහනේදී කටයුතු කරන ලදී.

රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ සහභාගීත්වයෙන් පැවති මෙම විශේෂ ජංගම වැඩසටහනේදී රණවිරු පවුල් 200ට ආසන්න පිරිසකගේ ගැටලු සඳහා විසඳුම් ලබාදීමට සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් කටයුතු කරන ලදී.

රණවිරු සේවා අධිකාරියේ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් නිවාස සංවර්ධන අධිකාරියේ නියෝජිතයන් සහ ප්‍රදේශීය රාජ්‍ය යාන්ත්‍රණය නියෝජනය කරන නිලධාරීන් කිහිපදෙනෙකු මෙම අවස්ථාවට සම්බන්ධ විය.

රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චන්ද්‍රා අබේකෝන්, සභාපතිතුමන්ගේ ලේකම් බ්‍රිගේඩියර් නලින් මැදිවක, හමුදා සම්බන්ධිකරණ නිළධාරි ලුතිතන් කර්නල් රක්ශික ලියනගේ, දකුණු පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂ චන්දන අබේවර්ධන, මාතර දිස්ත්‍රික්කයේ වැඩසටහන් නිළධාරිනී නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ලහිරු රාජනායක ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.

තව දුරටත්
news image

මාතර රණවිරුවකුගේ නිවාස ගැටලුව සඳහා කඩිනමින් විසදුම් ලබා දෙයි

මාතර නිල්වලා ගං ඉවුරේ අනාරක්ෂිත නිවසක වසර ගණනාවක් තිස්සේ තම ජීවිකාව ගෙන යන මෙම රණක්ෂිතයට පත් රණවිරුවාගේ නිවාස ගැටලුව සඳහා අවශ්‍ය විසඳුම් ලබාදීමට රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතා විසින් කඩිනමින් කටයුතු සිදු කරන ලදී. එම උත්සාහයේ ප්‍රතිඵල මල්ඵල ගැන්වීමක් වශයෙන් මාතර ජංගම වැඩසටහන අවසන් වන්නට මත්තෙන් මෙම රණවිරුවා සභාපතිතුමන් වෙත ඉදිරිපත් කළ දුක්ගැනවිල්ල සලකා බලා ආරක්ෂිත නව නිවසක බලාපොරොත්තු දල්වන්නට සභාපති තුමන්ට හැකි විය. මාතර දිස්ත්‍රික්කයේ අතුරලිය රණවිරු සංසදයේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන රණවිරු ප්‍රදීප් කුමාර හේවගේ මහතා වෙත ඉතා කෙටි කාලසීමාවක් තුලදී රාජ්‍ය වියදමින් නව නිවසක් ඉදිකර දීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් සුදන්ත රණසිංහ (විශ්‍රාමික) මහතා එකඟතාවය පළ කරන ලදී. රණවිරු හේවගේ මහතා නැගෙනහිර මානුෂීය මෙහෙයුමේ දී මාවිල්ආරු මුදා ගැනීමේ ක්‍රියාන්විතයට සම්බන්ධව 8 වන ගැමුණු හේවා රෙජිමේන්තුවට අනුයුක්තව ක්‍රියාන්විත රාජකාරියේ නිරතව සිටියදී වසර 2006 අගෝස්තු මස 10 වන දින සතුරු මෝටාර් ප්‍රහාරයකට ගොදුරු වී තුවාල ලබා රණක්ෂිතයට පත් රණවිරුවෙකි. රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චන්ද්‍රා අබේකෝන් මහතා, සභාපති තුමන්ගේ ලේඛම් බ්‍රිගේඩියර් නලින් මැදිවක, දකුණු පළාත භාර නියෝජ්‍ය අධ්‍යක්ෂ චන්දන අබේවර්ධන සහ මාතර දිස්ත්‍රික් වැඩසටහන් නිලධාරීනී, නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ලහිරු රාජනායක යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට සම්බන්ධ විය.

තව දුරටත්
news image

නිවෙස් ගත මොණරාගල රණවිරුවකුගේ සුවදුක් සොයා බලයි

4 වන ගජබා රෙජිමේන්තුවට අනුයුක්තව රාජකාරි සිදු කරන අතරතුර 1998 සැප්තැම්බර් මස 09 වන දින මාන්කුලම් ප්‍රදේශයේ දී ත්‍රස්තවාදීන්ගේ මෝටාර් ප්‍රහාරයකට ලක්ව රණක්ෂිතයට පත් වී දැනට නිවෙස් ගතව ප්‍රතිකාර ලබන රණවිරු S.M.N ගුණසිංහ මහතාගේ නිවස වෙත ගොස් සුවදුක් සොයා බැලීම මොණරාගල, මඩුගල්ලේ පිහිටි ඹහුගේ නිවසේදී 2023.09 .06 දින සිදු කරන ලදී.

දිස්ත්‍රික් වැඩසටහන් නිලධාරීන්ගේ හිඟතාවය මත මොණරාගල සහ අම්පාර දිස්ත්‍රික්කයන්හි වැඩසටහන් නිලධාරී වශයෙන් රාජකාරි ආවරණය කරනු ලබන මේජර් රනිල් බලගල්ල මහතා විසින් රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ උපදෙස් මත නිවෙස් වෙතටම ගොස් රණවිරුවන් ගේ සුව දුක් සොයා බැලීමේ කටයුතු සිදුකරනු ලබයි.

තව දුරටත්
news image

රණවිරු දරුවෙකුට සනීපාරක්ෂක උපකරණ පරිත්‍යාග කෙරේ

ගුවන් හමුදා සේවයේ නියුතුව සිටියදී රිය අනතුරකට භාජනය වීමෙන් මිය ගිය රණවිරුවකුගේ උසස් අධ්‍යාපනය හදාරන රෝගාතුරව පසුවන දරුවෙකුට මසකට අවශ්‍ය සනිපාරක්ෂක උපකරණ කට්ටලයක් එම දරුවාගේ මව වෙත පරිත්‍යාග කිරීම රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් මාතරදී සිදු කරන ලදී.

රණවිරු සේවා අධිකාරියේ සභාපති තුමන්ගේ බිරිඳ වන රේඛා සේනාධීර මහත්මියගේ සම්බන්ධීකරණයෙන් ඉතාලියේ වෙසෙන නිලන්ති රේනුකා ගමගේ මහත්මියගේ මූල්‍ය අනුග්‍රාහකත්වය මත මෙම සනීපාරක්ෂක උපකරණ රණවිරු දරුවාගේ මව වෙත ප්‍රදානය කරන ලදී.

රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චන්ද්‍රා අබේකෝන් සභාපතිතුමන්ගේ ලේකම් බ්‍රිගේඩියර් නලින් මැදිවක යන මහත්වරුන් මෙම අවස්ථාවට සහභාගි විය.

තව දුරටත්
news image

මාතර දිස්ත්‍රික්කයේ රණවිරු ගැටළු විසඳීමට සභාපතිතුමන් කටයුතු කරයි

මාතර දිස්ත්‍රික්කයේ රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් මුහුණ පා සිටින පොදු ගැටලු සාකච්ඡා කරමින් ඔවුන්ගේ ගැටලු සඳහා විසඳුම් ලබාදීමට රණවිරු සේවා අධිකාරියේ කාර්ය මණ්ඩලය විසින් 2023 සැප්තැම්බර් මස 26 වන දින මාතර ප්‍රදේශයේ සංවිධානය කරන ලද රණවිරු දිස්ත්‍රික් ජංගම වැඩසටහනේදී කටයුතු කරන ලදී.

රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ සහභාගීත්වයෙන් පැවති මෙම විශේෂ ජංගම වැඩසටහනේදී රණවිරු පවුල් 200 ට ආසන්න පිරිසකගේ ගැටලු සඳහා විසඳුම් ලබාදීමට සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් කටයුතු කරන ලදී.

රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතා සහ රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චන්ද්‍රා අබේකෝන් මහතා විසින් රණවිරු ගැටලු සඳහා එම මොහොතේම විසඳුම් ලබාදීමට කටයුතු කරනු ලැබීය.

තව දුරටත්
news image

රණවිරු දරුවන්ගේ අධ්‍යාපනයට ඉතාලියේ නව දොරටු විවර වෙයි....

රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ විශේෂ ඉල්ලීමකට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් ඉතාලියේ ප්‍රධාන අධිකරණ සංඝනායක බ්‍රෙෂියා බෞද්ධ විහාරාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති වතෝගල ධම්මික නාහිමි පානන් අද දින (2023 සැප්තැම්බර් මස 25) රණවිරු සේවා අධිකාරියේ ප්‍රධාන කාර්යාලයට වැඩම කරවන ලදී.

රණවිරු සේවා අධිකාරියේ සභාපති තුමන්ගේ සංකල්පයක් මත ක්‍රියාත්මක අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් රණවිරු දූ දරුවන් සඳහා උසස් පෙළ අධ්‍යාපන අවස්ථා සඳහා පිරිනමන ශිෂ්‍යත්ව වැඩ සටහනේ වැඩ කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සහ ඉදිරියේදී තව තවත් ඉතාලිය වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ දායකත්වය මත රණවිරු දූ දරුවන් හට ශිෂ්‍යත්ව ලබාදීම සඳහා අවශ්‍ය කටයුතු ද සාකච්ඡා කරන ලදී.

රණවිරු දූ දරුවන් සවිබල ගන්වමින් ඔවුන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සඳහා නිරන්තරයෙන් ආධාර උපකාර සිදුකරන ඉතාලියේ බ්‍රිෂියා විහාරාධිපති ප්‍රමුඛ ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ නොමසුරු සහයෝගය තවදුරටත් අපි අපේක්ෂා කරන්නෙමු.

රණවිරු සේවා අධිකාරියේ සභාපති ලේකම් බ්‍රිගේඩියර් නලින් මැදිවක, ශිෂ්‍යත්ව වැඩසටහන් අංශ ප්‍රධානී සුරේඛා ප්‍රනාන්දු මහත්මියගේ සහභාගීත්වයෙන් පැවති මෙම විශේෂ සාකච්ඡාවේදී රණවිරු දූ දරුවන්ගේ හෙට දවස වඩාත් ඵලදායී දවසක් බවට පරිවර්තනය කරන්නට ප්‍රාර්ථනා කරමින් සාකච්ඡාව අවසන් කරන ලදී.

තව දුරටත්
news image

රුපියල් ලක්ෂ 30කට ආසන්න වටිනාකමින් යුත් නව නිවසක් පරිත්‍යාග කෙරේ

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිතිගම ප්‍රදේශයේ පදිංචි රණවිරු කෝප්‍රල් තිලකරත්න මහතාගේ බිරිඳ දූ දරුවන් ඇතුළු පවුලේ සියලු දෙනා වෙත හිසට නිවහනක් පිළිගැන්වීම පරිත්‍යාගශීලී සරෝජිනී මුණසිංහ සහ හේමාල් මුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 6 වන ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද නව නිවස පරිත්‍යාග කිරීමේ උත්සවයක් රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ ආරාධනයෙන් පසුගිය දා පවත්වන ලදී. රණවිරුවන් වෙනුවෙන්ම කැපවුණු සරෝජිනී මුණසිංහ සහ හේමාල් මුණසිංහ මහතාගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් ඉදිකරන ලද නව නිවස විවෘත කිරීමේ උත්සවයට සහභාගී වූ පරිත්‍යාගශීලීන්ගේ කලන මිතුරු මිතුරියන් විසින් තබන ලද සටහනක් ඔවුන්ගේ හභාගිත්වයට සහ මෙම පරිත්‍යාගයට කරන ගරු කිරීමක් විදිහට ඒ ආකාරයෙන්ම අපගේ මුහුණු පොතේ සටහන් කිරීමට කටයුතු කරන ලදී. සටහන.... හිසට සෙවණක්... 🏠️❗ හිතට නිවනක්..... 🌹❗ සිහිනයක් මල්ඵල ගන්වමින්...❗ කෘතවේදිත්වයට කෘතගුණ සලකමින්..❗ ඒ සිහිනය.. සරෝජනී මුණසිංහ සහ හේමාල් මුණසිංහ දම්පතීනගේ...❗ රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර WWV RWP RSP VSV USP ndu (විශ්‍රාමික) මහතා , පසුගිය තිස්වසරක කුරිරු යුද්ධය හමුවේ සිය මව්බිම වෙනුවෙන් කල අනුපමේය මෙහෙවර වෙනුවෙන් කෘතගුණ දැක්වීම් වස් තවත් රණවිරුවෙකු වෙනුවෙන් හිසට සෙවනක් සකසා දීම... 🌹 මොරගොල්ලාගම ඉහල නිකවැව සේරුගස්යාය පදිංචි එච්.එම්.තිලකරත්න බංඩාර රණවිරුවාණන් යුධ හමුදාවේ සේවයේ යෙදී සිටියදී 2000.09.03 වන දින අරියාල ප්‍රදේශයේදී ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්ව වම්පාදය දණහිසට ඉහළින් ඉවත් කර ඇති රණවිරුවෙකි. 🌻 රණවිරු සේවා අධිකාරියේ රණවිරු පවුල් වෙනුවෙන් ක්‍රියාත්මක නිවාස ඉදිකිරීම් වැඩඩටහනට සමගාමීව,රණවිරු සේවා අධිකාරියේ අධීක්ෂණය යටතේ, නිවසක් නොමැතිකමින් පීඩාවට පත්ව,බිරිඳ සහ දරුවන් සමඟ අසරණව සිටි එච්.එම්.තිලකරත්න බංඩාර රණවිරුවාණන් හට හිසට සෙවණක් ලබා දීමට මුල්‍ය දායකත්වය දැරීමට මුණසිංහ දම්පතීන්ට අවස්ථාව සැලසුනා මෙන්ම තිලකරත්න පවුලද භාග්‍යවන්තයන් වීම සතුට දනවන්නක්....🌹 මෙම රණවිරුවා දේශයේ භෞමික අඛණ්ඩතාවය හා ස්වෛරීත්වය වෙනුවෙන් ඉටු කරන ලද සේවය ඇගයීම වස් රණශූර පදක්කමින් පිදුම් ලත් රණශූරයකු වන අතර එවන් රණවිරුවෙකු වෙනුවෙන් දක්වන කෘතගුණ පූර්වක උපහාරයක්ම ලෙස සලකමින් , 2023 වසරේ රණවිරු සැමරුම් මාසයේ ,රණවිරු දිනයට සමගාමීව, සියලු අභීත රණවිරුවන් සිහිපත් කරමින් මෙම නිවස ඉදිකිරීමට මුණසිංහ යුවලගේ අනුග්‍රාහ දායකත්වයෙන් මුල්ගල් තබන්නට යෙදුනි.🌻 මාස හතරක් වැනි කෙටි කාල සීමාවකින්, මනා නිමාවකින්,අංග සම්පූර්ණ නිවහනක සෙවනට 2023 වසරේ සැප්තැම්බර් මස 22වෙනි දිනට (22.09.2023)යෙදුණු සුබ මොහොතින් රණවිරු තිලකරත්න මහතා ,බිරිඳ ඇතුලු දරු තිදෙනා ගෙවැදුනේ , මෙම රණවිරු පවුලේ නියඟය නිමාව යැයි සොබාදමේ අසිරිමත් ආසිරි මල් වරුසාවත් සමඟින්, රැස්ව සිටි විශාල පිරිසගේ නෙතට සතටු කඳුලක් එක්කරමින්....🌹 රණවිරු තිලකරත්න මහතා වෙත නිවහනක් ....🌹🌹 ඒ දානපතීන් යුවලකගේ සිතෙහි මුල් බැසගත්, ජාතියේ මුර දේවතාවූ රණවිරුවන් වෙනුවෙන් කෘතවේදිත්වය පලකිරීමේ සිහිනයද සැබෑකරලමින්...🌹 මා ප්‍රිය මුණසිංහ දම්පතිනි.. මේ මහඟු පුන්‍යකර්මය දැකබලා, සාක්ෂි දරමින් සතුටු සිත් ඇතිකරගැනීමට ඒ කළණ මිතුරු ඇසුර සපථ කරලීමට අපද භාග්‍යවන්තයෝ වුනෙමු...🌹🙏 භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පෙර දැරිව ඔබ දෙපල දන්දීම ප්‍රගුණ කල මුල් අවස්ථාව මෙය නොවේ...ඔබ දෙපොල,සිය දූ දරුවන් ද සමඟින් එක්ව අත් හැරීම ප්‍රගුණ කරමින් සසර පුරා සැරිසරන මේ ගමනේදී, මේ භවයේදී තවතවත් මෙවැනිම පින්කම් කරලීමට ශක්තිය දහිරිය නොමඳව ලැබී තුණුරුවනේ ආශිර්වාදයෙන් නිදුක් නීරෝගී චිර ජීවනයත් , මතු සසර භවයන්හිදී කිසියම් හෝ අව්,වැසි පින්නකින්වත් සියුම් හෝ හානියකට පත්නොවෙනු ඇති මෙන්ම සසර ගමනද කෙටිව උතුම් ආර්‍ය ධර්මය අවබෝධයටම පාරමිතාවක්ම වේවායි එක් සිත්ව මෙසේ පතන්නෙමු...🌹🙏🙏🙏 විෂේශ ස්තූතිය රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමන්,සියළුම නිලදරුවන් ඇතුළු කාර්‍ය මණ්ඩලයටත් ,ක්ශේත්‍ර රාජකාරියේ නියැලුණු සියලුම කාර්‍ය මණ්ඩලයටත්,නන් අයුරින් සහාය වූ සැමටත් , මේ කාර්‍ය සම්බන්ධීකරණය කරමින් ඉතා අලංකාර ගෘහයක් බවට පත්කරලීමට සහාය දුන් යෝධ සෙවනැල්ලක්වූ රේඛා සේනාධීර, Rekha Senadeera මහත්මියටත්...🌹🌹🌹 කළණ මිතුරිය සරෝජිනී,ඔබ දෙපොල විසින් රණවිරු නාමයට ජාතියේ කෘතගුණය පුදමින් කල මේ උදාර සද්කාර්‍යයට සහ සම්බන්ධවීමට අපටද අවශ්‍ය සියලු පහසුකම් නොඅඩුව සපයමින්, අවස්ථාව සලසාදීම පිළිබඳව පුන්‍යනුමෝදනාපූර්වක කෘතවේදිත්වය අපි " '79 -'80 ආදී රන්වැලි " සොයුරියන්ගෙන් ...

තව දුරටත්
news image

පොළොන්නරුව රණවිරු ව්‍යවසායකත්වයට සවියක්

පස්යාල රණවිරු ගම්මානයේ නායයෑම් අවදානමක් සහිත නිවාස 13 ක් සංරක්ෂණයට කඩිනම් පියවර

නිට්ටඹුව පස්යාල රණවිරු ගම්මානයේ හඳුනාගත් අනාරක්ෂිත නිවාස දහ තුනක් (13) මාස දෙකක් වැනි කෙටි කාලසීමාවක් ඇතුළත කඩිනමින් සංරක්ෂණය කිරීමේ කටයුතු සිදු කිරීමේ මූලික නිරීක්ෂණ චාරිකාවක් අද දින (15, සැප්තැම්බර්) ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් සුදන්ත රණසිංහ (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.

රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ ආරාධනයෙන් පැවති මෙම විශේෂ නිරීක්ෂණ චාරිකාව සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නියෝජනය කරන ජේෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකුද සහභාගී විය.

නිට්ටඹුව පස්යාල රණවිරු ගම්මානයේ වසර ගණනාවක සිට පවතින මෙම ගැටලුව සඳහා අවශ්‍ය විසඳුම් ලබාදීමට රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතා විසින් අවස්ථා ගණනාවකදී විවිධ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු සම්බන්ධීකරණය කරමින් උත්සහ දරන ලදී. එම උත්සාහයේ ප්‍රතිඵල මල්ඵල ගැන්වීමක් වශයෙන් සිදු වූ මෙම නිරීක්ෂණ චාරිකාවේදී පස්යාල රණවිරු ගම්මානය හඳුනාගත් රණවිරු පවුල් 13ක අනාරක්ෂිත නිවාස ඉදිකොට ඇති නායයෑම් අවදානමක් සහිත ඉඩම් මාස දෙකක් වැනි කෙටි කාලසීමාවක් තුලදී රාජ්‍ය වියදමින් සංරක්ෂණය කිරීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් සුදන්ත රණසිංහ (විශ්‍රාමික) මහතා එකඟතාවය පළ කරන ලදී.

එමෙන්ම රණවිරු ගම්මානය තුළ ජීවත්වන රණවිරු පවුල් වල සාමාජිකයින් දැනුවත් කරමින් ඔවුන් සඳහා අවශ්‍ය උපදෙස් ලබා දීමටද රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලය කටයුතු කළේය.

රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චන්ද්‍රා අබේකෝන් මහතා, ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩසටහන් නිළධාරිනී තමාලි ප්‍රියදර්ශනී මහත්මිය මෙම අවස්ථාවට සහභාගි විය.

තව දුරටත්
news image

රණවිරු දරුවන් වෙනුවෙන් ජීවන උපදේශන වැඩසටහන් මාලාවකට පියවර තබයි

රණවිරු සේවා අධිකාරිය යටතේ ක්‍රියාත්මක ශිෂ්‍යත්ව ව්‍යාපෘති අංශය ඔස්සේ ක්‍රියාත්මක වන රණවිරු දූ දරු අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහනට සම්බන්ධව සිටින දූ දරුවන්ට අවශ්‍ය වන අධ්‍යාපන සහ වෘත්තීය උපදේශනයන් ලබා දීම අරමුණු කර ගත් විශේෂ ව්‍යාපෘතියක මූලික සාකච්ඡාවක් අද දින (15, සැප්තැම්බර්) රණවිරු සේවා අධිකාරියේ මූලස්ථාන පරිශ්‍රයේදී සිදු කළේය.

රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර විශ්‍රාමික මහතාගේ ආරාධනයෙන් පැවති මෙම විශේෂ සාකච්ඡාව සඳහා ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් මහතා විසින් සම්පත් දායකත්වය ලබා දෙන ලදී.

රණවිරු දරුවන් සඳහා උපදේශනය ලබා දීමේ වැඩසටහන් මාලාවේ පළමු අදියර 2023 සැප්තැම්බර් මස 27 වන බදාදා පස්වරු තුනට Zoom තාක්ෂණය ඹස්සේ පැවැත්වීමට නියමිතයි. මෙම මෙම මූලික වැඩසටහන සඳහා අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් රණ විරු දරුවන් පනස් දෙනෙකුට (50) ආසන්න ප්‍රමාණයක් සහභාගී වීමට නියමිතව ඇත.

රණවිරු දරුවන් අට දෙනෙකු සඳහා තම පුද්ගලික මුදලින් අධ්‍යාපන ශිෂ්‍යත්ව හිමි ගන්වා ඇති සරෝජනී මුණසිංහ මහත්මිය සහ හේමාල් මුණසිංහ මහතාගේ සම්බන්ධීකරණයෙන් ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් මහතා මෙම වැඩසටහන සම්පත් දායකයෙකු ලෙස මෙහෙයවීමට කටයුතු කරයි.

ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් මහතා බාහිර කථිකාචාර්ය වරයෙකු වශයෙන් නීති පීඨය කොළඹ විශ්ව විද්‍යාලය,විවෘත විශ්ව විද්‍යාලය, ශ්‍රී ලංකා නීති විද්‍යාලය සහ APIIT නීති පාසලේ කටයුතු කරනු ලබයි. එමෙන්ම බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය, සෞන්දර්ය විශ්ව විද්‍යාලය කොළඹ සහ දේශීය වෛද්‍ය විශ්ව විද්‍යාලය ගම්පහ පාලක සභිකයකු වශයෙන් ද එතුමන් කටයුතු කරනු ලබයි. ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාවේ අණදෙන නිලධාරියෙකු මෙන්ම සමාගම් උපදේශක සහ නායකත්ව පුහුණු උපදේශකයකු ලෙස කටයුතු කරන ඒ මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවෙකි.

තව දුරටත්
news image

තමාලි තුනපහ සහ කුළු බඩු නිෂ්පාදන වෙළඳපලට

3 වන ගජබා රෙජිමේන්තුවට අනුයුක්තව ක්‍රියාන්විත රාජකාරියේ නිරතව සිටියදී ත්‍රස්තවාදී ප්‍රහාරයක් හේතුවෙන් තුවාල ලබා රණක්ෂිතයට පත්ව සිටින රණවිරු කෝප්‍රල් ආර්.එම්.එල්.කේ රත්නායක මහතා විසින් පවත්වාගෙන යන කුළු බඩු ව්‍යාපාරය සාර්ථක කරගැනීම සඳහා අවශ්‍ය වන රුපියල් 97,000/= ක් වටිනා කුළු බඩු ඇබරුම් යන්ත්‍රයක බදුල්ලේ පිහිටි ඹහුගේ නිවස වෙත ගොස් පරිත්‍යාග කිරීම පසුගිය දා සිදු කරන ලදී.

මෙම රණවිරුවා විසින් ඹහුට පරිත්‍යාග කරන ලද කුළුබඩු ඇබරුම් යන්ත්‍රය උපයෝගී කරගනිමින් මිරිස්, තුන-පහ, කුළුබඩු සහ ධාන්‍ය වර්ග ඇඹරීම බෙදාහැරීම සහ අලෙවිය "තමාලි නිෂ්පාදන" වෙළද සන්නාමය ඔස්සේ බදුල්ල ප්‍රදේශයේ සාර්ථකව පවත්වාගෙන යනු ලබයි.

රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමාගේ පුද්ගලික හිතවතකු වන ඇමරිකාවේ පදිංචි දේශහිතෛෂී පරිත්‍යාගශීලී යුවලක් වන නාලිනි ජයසිංහ මහත්මිය සහ ගාමිණී ජයසිංහ මහතාගේ මූල්‍ය අනුග්‍රාහකත්වයෙන් මෙම කුළුබඩු ඇබරුම් යන්ත්‍රය රණවිරු ව්‍යවසායකත්වය සවිබල ගැන්වීමට දක්වන අනුග්‍රහකත්වයක් වශයෙන් මෙම රණවිරුවාගේ නිවසටම ගොස් පසුගිය සතියේ දී පරිත්‍යාග කරන ලදී.

රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ පුද්ගලික අවධානයට යොමු වූ මෙම වීරෝදාර රණවිරුවාගේ පුද්ගලික ඉල්ලීමකට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් මෙම අවශ්‍යතාව සපුරාලීමට රණවිරු සේවා අධිකාරිය කඩිනමින් කටයුතු කලේය.

දියණියන් තිදෙනෙකුගේ පියෙකු වන මෙම රණවිරුවාගේ සියලු කටයුතු සාර්ථක වේවායි යන්න පරිත්‍යාගශීලී යුවල සහ සභාපති තුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ ප්‍රාර්ථනයයි.

තව දුරටත්
news image

එක්සත් රාජධානියේ රණවිරු අරමුදලෙන් රු 157,270.96 ක් වටිනා කෘතීම පාදයක් පරිත්‍යාග කරයි

රණවිරු සේවා අධිකාරිය විසින් එක්සත් රාජධානියේ සිට ක්‍රියාත්මක රණවිරු අරමුදලෙන් කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් ක්‍රියාන්විත සේවයේ යෙදී සිටියදී ආබාධිත තත්වයට පත් වූ සෙ/511152 බනි 11 මනෝජ් W.R රණවිරුවාගේ පුතණුවන් වන W.V.D දහමික යන දරුවා වෙත කෘතිම පාදයක් ලබාදීමේ වැඩසටහනක් පසුගියදා රණවිරු සේවා අධිකාරියේ සභාපති තුමන්ගේ කාර්යාලයේදී පවත්වන ලදී.

කොළඹ 7, ඩී.එස් සේනානායක විදුහලේ 8 වන වසරේ ඉගෙනුම ලබන පිහිනුම් ක්‍රීඩකයෙකු වශයෙන් විශේෂ දක්ෂතාවයන් පෙන්නුම් කරන මෙම 14 වන වියේ පසුවන රණවිරු දරුවා වෙත අනුග්‍රහය ලබාදීම සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ රණවිරු අරමුදලට (Ranaviru Fund - www.ranavirufund.org) වෙත අපගේ ගෞරවණීය ස්තුතිය පුදකර සිටිමු. රණවිරු අරමුදල එක්සත් රාජධානියේ ස්කොට්ලන්තයේ සිට වසර 15 අධික කාලයක් පුරා ක්‍රියාත්මක එරට රජයේ ලියාපදිංචි පුණ්‍ය ආයතනයකි.

යුධ හමුදා පුනරුත්ථාපන අධ්‍යක්ෂක මණ්ඩලය මගින් මෙම කෘතිම පාදය සෑදීමේ කටයුතු නිමලකල අතර ඒ සදහා රණවිරු පදනම මගින් ලබාදුන් රු.157,270.96 මුදල බැරකරන ලදී.

රණවිරුවන් හා එම පවුල් වල දරුවන් වෙනුවෙන් එක්සත් රාජධානිය මූලිකව ලොවපුරා විසිරුණු රණවිරු අරමුදලේ සියළුම සාමාජික සාමාජිකාවන් මගින් නිරතුරුවම දක්වන සහයෝගය ඉතා අගය කර සලකන අතර තව තවත් මෙවැනි කටයුතු කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවායි ප්‍රාර්ථනා කර සිටිමු.

තව දුරටත්
news image

කෑගල්ල දිස්ත්‍රික්කයේ රණවිරු සංසද හමුවක්

කෑගල්ල දිස්ත්‍රික්කයේ රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් මුහුණ පා සිටින පොදු ගැටලු සාකච්ඡා කරමින් ඔවුන්ගේ ගැටලු සඳහා විසඳුම් ලබාදීමට රණවිරු සේවා අධිකාරියේ කාර්ය මණ්ඩලය විසින් පසුගිය දා කෑගල්ලේ දී සංවිධානය කරන ලද රණවිරු දිස්ත්‍රික් ජංගම වැඩසටහනේදී කටයුතු කරන ලදී.

රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ සහභාගීත්වයෙන් පැවති මෙම විශේෂ ජංගම වැඩසටහනේදී රණවිරු පවුල් 250ට ආසන්න පිරිසකගේ ගැටලු සඳහා විසඳුම් ලබාදීමට සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් කටයුතු කරන ලදී.

මෙම අවස්ථාවේදි කෑගල්ල දිස්ත්‍රික්කයේ හඳුනාගත් රණක්ෂිතයට පත් රණවිරුවන් සඳහා අවශ්‍ය ආබාධිත සහයක උපකරණ ලබාදීම ද සභාපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කලේය.

රණවිරු සේවා අධිකාරියේ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් නිවාස සංවර්ධන අධිකාරියේ නියෝජිතයන් සහ ප්‍රදේශීය රාජ්‍ය යාන්ත්‍රණය නියෝජනය කරන නිලධාරීන් කිහිපදෙනෙකු මෙම අවස්ථාවට සම්බන්ධ විය.

රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චන්ද්‍රා අබේකෝන්, සභාපතිතුමන්ගේ ලේකම් බ්‍රිගේඩියර් නලින් මැදිවක, හමුදා සම්බන්ධිකරණ නිළධාරි ලුතිතන් කර්නල් රක්ශික ලියනගේ, පළාත් ව්‍යාපෘතිභාර නියෝජ්‍ය අධ්‍යක්ෂ තුෂාර ජයසිංහ, සබරගමුව පළාතේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රෝහණ විජේරත්න ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.

තව දුරටත්
news image

මනුසත් සදහම් සමාජ සත්කාර පිටුව සහ දහම් පැතුම එක්ව රණවිරු දියණියකගේ ජීවිතයට සවියක් වෙයි

සමනුසත් සදහම් සමාජ සත්කාර පිටුව සහ දහම් පැතුම සංවිධානයේ සසිකලා ගුණරත්න සහ නදී සමරසිංහ මහත්මීන්ගේ සම්බන්ධීකරණයෙන් දකුණු පළාතේ ගාල්ල කරන්දෙනිය රණවිරු සංසදයේ මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදූ සෙනවිරත්න රණවිරුවාගේ පූර්ණ ආබාධ තත්ත්වයට පත් දියණියහට කොමඩ් රෝදපුටුවක් පරිත්‍යාග කරන ලදී.

රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චන්ද්‍රා අබේකෝන් මහතාගේ සම්බන්ධීකරණයෙන් මෙම රෝද පුටුව රණවිරු දියණියගේ නිවසට ලබාදීමට කටයුතු කරනු ලැබීය.

ඇයගේ සහ පවුලේ සාමාජිකයන්ගේ සියලු වේදනාවන් නිවේවා යන්න රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර විශ්‍රාමික මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ ප්‍රාර්ථනයයි.

තව දුරටත්
news image

රණවිරු සුභසාධනය නිවසටම ගෙනයයි

රණවිරු සේවා අධිකාරියේ සුබසාධන ව්‍යාපෘතීන් තවත් පියවරක් ඉදිරියට තබමින් සභාපතිතුමන්ගේ සංකල්පයක් මත ක්‍රියාත්මක රණවිරුවන් වෙනුවෙන් ඹවුන්ගේ නිවෙස් වෙතටම ගොස් ඹවුන්ගේ සුවදුක් සොයා බැලීමේ තවත් වැඩසටහනක් පසුගියදා හොරණ ප්‍රදේශයේ දී සිදු කරන ලදී.

මෙහිදී ක්‍රියාන්විත රාජකාරි හේතුවෙන් තුවාල ලබා රණක්ෂිතයට පත්ව හොරණ ප්‍රදේශයේ ජීවත්වන රණවිරු ලලිත් මහතාගේ සුවදුක් සොයා බැලීම සඳහා බස්නාහිර පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ධම්මිකා ෂෙල්ටන් මහත්මිය විසින් කටයුතු කරන ලදී.

එහිදී සභාපති තුමන්ගේ නියෝගයෙන් එම රණවිරුවා හට අවශ්‍යව තිබූ අත්වාරු යුවලක් ලබා දීමට රණවිරු සේවා අධිකාරියේ නියෝජිතයන් විසින් කටයුතු කරන ලදී.

තව දුරටත්
news image

2013 වසරේ සිට නොවිසදුනු කාර්ය මණ්ඩලයේ පාලන ගැටළු විසඳීමට සභාපතිතුමන් කටයුතු කරයි

කළමනාකරණ සේවා චක්‍රලේඛ අංක 30 ප්‍රතිපදාන යන් අනුව රණවිරු සේවා අධිකාරියේ නිලධාරීන් බඳවා ගැනීමේ පටිපාටියේ තනතුරු සඳහා අන්තර්ගහනය කිරීමේ සහ එම පත්වීම් ලිපි ඔවුන් වෙත ප්‍රදානය කිරීමේ විශේෂ වැඩසටහනක් රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර විශ්‍රාමික මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (7, බ්‍රහස්පතින්දා) ප්‍රධාන කාර්යාලයේදී පවත්වන ලදී.

ඉතා දීර්ඝ කාලයක් රණවිරු සේවා අධිකාරිය හා සම්බන්ධව රාජකාරි කරනු ලබන ස්ථිර කාර්ය මණ්ඩලයේ සේවක සේවිකාවන් මුහුණ පා සිටින තනතුරු උසස්වීම්, ස්ථිර කිරීම් සහ ඒ හා බැඳුණු පාලන ගැටලු විසඳීමට රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමන් පහුගිය කාලය පුරාවටම උත්සාහ කරන ලදී.

එහි ප්‍රතිඵලයක් වශයෙන් 2013 වසරේ සිට නොවිසිදුනු ප්‍රධානතම පාලන ගැටලු කිහිපයකට විසඳුම් ලබාදීමට එතුමන්ගේ කාර්ය මණ්ඩලය මේ වනවිට සමත්වී ඇත. එම අන්තර් ග්‍රහණය කිරීමේ පත්කිරීම් ලිපි ලබාදීමේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිතුමන් ප්‍රකාශ කළේ තනතුරු සහ වගකීම් වැඩිවන අවස්ථාවලදී තම ජේෂ්ඨත්වයට ගැලපෙන පරිදි වගකීම් සහිතව තම රාජකාරිය ඉටු කළ යුතු බවයි. අනුන්ගේ වැරදි දකිනවට වඩා තමන්ගෙන් සිදුවිය යුතු සේවය මැනවින් සිදු කිරීම තුළ ආයතනයක් වශයෙන් සංවර්ධනය වීමටත් පුද්ගලිකව ජීවිතයට සංවර්ධනයක් ළඟා කර ගැනීමටත් හැකිවන බව එතුමන් පෙන්වා දෙන ලදී.

මෙම විශේෂ වැඩසටහනේදි ව්‍යාපෘති සහකාර තනතුරේ රාජකාරි කරන ලද කාර්ය මණ්ඩල සාමාජිකාවන් තිදෙනෙකු ව්‍යාපෘති සහකාර දෙවන ශ්‍රේණිය සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සිදු කෙරිණි.

එමෙන්ම මහජන සම්බන්ධතා සහකාර තනතුරේ රාජකාරි කරන ලද නිලධාරිනියක කලමනාකාර සහකාර පළවෙනි ශ්‍රේණිය වෙත අන්තර්ග්‍රහණය කිරීම සිදුවිය.

පරිගණක සහකාර තනතුරේ සේවය කරන ලද කාර්ය මණ්ඩල සාමාජිකාවන් දෙදෙනකු කළමනාකරණ සහකාර දෙවැනි සහ තුන්වැනි ශ්‍රේණීන් සඳහා අන්තර්ග්‍රහණය කිරීම ද සිදුවිය.

මෙම වැඩ සටහනේ විශේෂත්වය වනුයේ වසර ගණනාවක් රියදුරු සේවයේ නියුතු රියදුරන් තිදෙනෙකු "A" ශ්‍රේණියේ තුන්වන පන්තිය දක්වා උසස් කිරීමයි.

රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චන්ද්‍රා අබේකෝන්, සභාපතිතුමන්ගේ ලේකම් බ්‍රිගේඩියර් නලින් මැදිවක, ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරී ලුතිතන් කර්නල් අනුර බණ්ඩාර, පරිපාලන නිලධාරි ජයාන් තිලකරත්න සහ කළමණකරණ සහකාර තනූජා ධනුෂ්කි පෙරේරා මෙම අවස්ථාවට සහභාගි විය.

තනතුරු සඳහා අන්තර්ගහනය කරන ලද මහත්ම මහත්මීන්ගේ නාම ලේඛනය පහත සඳහන් පරිදි වේ.

එල්.සී.ඩී.එස්. ගුණසේකර
එම්.ජී.එස්.ප්‍රියදර්ශනි ප්‍රනාන්දු
ඩබ්.කේ.බී.එන්.ඩී ප්‍රනාන්දු
ඩී.එල්.එම්.චතුරානි
එම්.ඒ.සී.ගීතානි
එම්. විනිතා
ජේ.ඒ.එන්.එස් මැන්ඩිස්
ඊ.වසන්ත කුමාර
ඩී.ඒ.සී.එස්.බී. දසනායක

තව දුරටත්
news image

රණවිරු ව්‍යවසායකත්වය සවිබලගැන්වීමට රු 97,000/= ක අනුග්‍රාහකත්වයක්

3 වන ගජබා රෙජිමේන්තුවට අනුයුක්තව ක්‍රියාන්විත රාජකාරියේ නිරතව සිටියදී ත්‍රස්තවාදී ප්‍රහාරයක් හේතුවෙන් තුවාල ලබා රණක්ෂිතයට පත්ව සිටින රණවිරු කෝප්‍රල් ආර්.එම්.එල්.කේ රත්නායක මහතා විසින් පවත්වාගෙන යන කුළු බඩු ව්‍යාපාරය සාර්ථක කරගැනීම සඳහා අවශ්‍ය වන රුපියල් 97,000/= ක් වටිනා කුළු බඩු ඇබරුම් යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම බදුල්ලේ පිහිටි ඹහුගේ නිවසේදී සිදු කරන ලදී.

රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමාගේ පුද්ගලික හිතවතකු වන ඇමරිකාවේ පදිංචි දේශහිතෛෂී පරිත්‍යාගශීලී යුවලක් වන නාලිනි ජයසිංහ මහත්මිය සහ ගාමිණී ජයසිංහ මහතාගේ මූල්‍ය අනුග්‍රාහකත්වයෙන් මෙම කුළුබඩු ඇබරුම් යන්ත්‍රය රණවිරු ව්‍යවසායකත්වය සවිබල ගැන්වීමට දක්වන අනුග්‍රහකත්වයක් වශයෙන් මෙම රණවිරුවාගේ නිවසටම ගොස් පරිත්‍යාග කරන ලදී.

මෑතකදී පවත්වන ලද බදුල්ල දිස්ත්‍රික් රණවිරු හමුවකදී රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ පුද්ගලික අවධානයට යොමු වූ මෙම වීරෝදාර රණවිරුවාගේ පුද්ගලික ඉල්ලීමකට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් මෙම අවශ්‍යතාව සපුරාලීමට රණවිරු සේවා අධිකාරිය කටයුතු කරන ලදී.

රණවිරු සේවා අධිකාරියේ පසුඋවැටන් හා පුනරුත්ථාපන අංශයේ රාජකාරියේ නියුතු සැරයන් හෙට්ටිවාන මහතා විසින් මෙම ඇඹරුම් යන්ත්‍රය කොළඹ සිට බදුල්ලේ පිහිටි මෙම රණවිරුවාගේ නිවස වෙත රුගෙන යාමට කටයුතු කරන ලදී.

මෙම අවස්ථාව සාර්ථක කර ගැනීම සදහා සහයෝගය දැක්වූ මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩබ්ලිව් එච් ආර් ආර් වී එම් එන් ඩී කේ බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පි යුඑස්පී වීඑස්වී එන්ඩියු පීඑස්සී මහතා, 11 වන සේනාංකාධිපති තුමන් සහ 112 පාබල බලසේනා මුලස්ථානයේ බලසේනාධිපති තුමන් ඇතුළු කාර්ය මණ්ඩලය වෙත රණවිරු සේවා අධිකාරියේ විශේෂ ස්තූතිය පිරිනැමේ.

දියණියන් තිදෙනෙකුගේ පියෙකු වන මෙම රණවිරුවාගේ සියලු කටයුතු සාර්ථක වේවායි යන්න පරිත්‍යාගශීලී යුවල සහ සභාපති තුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ ප්‍රාර්ථනයයි.

තව දුරටත්
news image

නිවෙස් ගත රණවිරුවකුගේ සුවදුක් සොයා බලයි

කල්මුණේ පොලීසියට අනුයුක්තව රාජකාරි සිදු කරන අතරතුර 2000 මාර්තු මස 03 වන දින ත්‍රස්තවාදී පිස්තෝල කරුවන්ගේ ප්‍රහාරයකට ලක්ව රණක්ෂිතයට පත් වී දැනට නිවෙස් ගතව ප්‍රතිකාර ලබන රණවිරු A.M ඉල්ලියාස් මහතාගේ නිවස වෙත ගොස් සුවදුක් සොයා බැලීම කල්මුණේ සයින්දමරුදු වල දී 2023.09 .06 දින සිදු කරන ලදී.

දිස්ත්‍රික් වැඩසටහන් නිලධාරීන්ගේ හිඟතාවය මත අම්පාර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් නිලධාරී වශයෙන් රාජකාරි ආවරණය කරනු ලබන මේජර් රනිල් බලගල්ල මහතා විසින් රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ උපදෙස් මත නිවෙස් වෙතටම ගොස් රණවිරුවන් ගේ සුව දුක් සොයා බැලීමේ කටයුතු සිදුකරනු ලබයි.

තව දුරටත්
news image

2023 වසරේදී පමණක් ලක්ෂ 600ක් වටිනා නිවාස ණය රණවිරු පවුල් 85ට

රණවිරු සේවා අධිකාරිය මගින් ක්‍රියාත්මක විශේෂ සහන නිවාස ණය යෝජනා ක්‍රමය යටතේ දිවයින පුරා දිස්ත්‍රික්ක 20 ක විසිරී සිටින රණවිරු පවුල් 85 ක් සඳහා රුපියල් ලක්ෂ 600 ක් වටිනා නිවාස ණය 2023 වසරේදී තුළදී රණවිරු පවුල් වෙනුවෙන් ලබාදීමට කටයුතු කෙරේ.

රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ සෘජු අධීක්ෂණයෙන් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය යටතේ නිවසක් ඉදිකර ගැනීමට නොහැකි සහ තම නිවස සම්පූර්ණ කරගෙන නොමැති රණවිරුවන්ගේ සහ ළඟම ඥාතීන්ගේ නිවාස අවශ්‍යතාවය සපුරාලීම සඳහා අවශ්‍ය මූලික කටයුතු සිදුකිරීම කරනු ලබයි.

2023 වර්ෂය අවසන් වන්නට මත්තෙන් මෙම වසර සඳහා සකසන ලද ඉලක්කයන් මුදුන් පත්කර ගැනීමට රණවිරු සේවා අධිකාරියේ කාර්ය මණ්ඩලය සමත් වී ඇත. ඒ අනුව රු.44,700,000.00 ක් වටිනා සහන නිවාස ණය රණවිරු පවුල් 72 ට ලබා දීමට රණවිරු සේවා අධිකාරිය මේ වන විට කටයුතු කර තිබේ.

ව්‍යාපෘතිය භාර නිළධාරිනි සහ නිවාස අංශය භාර වැඩසටහන් නිලධාරීනී වශයෙන් කටයුතු කරන චම්පිකා ගුණසේකර මහත්මියගේ මෙහෙයවීමෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවයි.

ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, නුවරඑළිය, මාතලේ, ගාල්ල, මාතර, හම්බන්තොට, බදුල්ල, මොණරාගල, කෑගල්ල, රත්නපුර, අම්පාර, ත්‍රිකුණාමලය, මඩකලපුව, කුරුණෑගල, පුත්තලම, අනුරාධපුර සහ පොලොන්නරුව දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි රණවිරුවන් 72 කු තෝරා ගනිමින් මෙම ව්‍යාපෘතියට අදාල ණය මුදල් ලබා දීම මේ වන විටත් සිදු කර ඇත.

මෙම සහන නිවාස ණය මුදල උපරිමය රුපියල් ලක්ෂ 7 කට යටත්ව සියයට පහක (5) සහනදායී පොලී අනුපාතයක් යටතේ වයස 55 දක්වා වසර 4 ක කාල සීමාවකදී වාරික වශයෙන් කැපී යන පරිදි රණවිරුවන් හට සහ ඔවුන්ගේ ළඟම ඥාතීන් වෙත හිමි ගන්වනු ලබයි.

දිවයින පුරා විසිරී සිටින දිස්ත්‍රික් නිලධාරීන් සහ පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂකවරුන්ගේ නිර්දේශයෙන් පසුව රණවිරු සේවා අධිකාරියේ නිවාස ණය ව්‍යාපෘති අංශය විසින් සිදු කරන මනා ඇගයීමකින් පසුව මෙම ණය මුදල රණවිරුවන් සඳහා ලබා දීමට කටයුතු කරයි.

තව දුරටත්
news image

ගාල්ල දිස්ත්‍රික්කයේ රණවිරු ගැටළු විසඳීමට සභාපතිතුමන් කටයුතු කරයි

ගාල්ල දිස්ත්‍රික්කයේ රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් මුහුණ පා සිටින පොදු ගැටලු සාකච්ඡා කරමින් ඔවුන්ගේ ගැටලු සඳහා විසඳුම් ලබාදීමට රණවිරු සේවා අධිකාරියේ කාර්ය මණ්ඩලය විසින් පසුගිය දා ගාල්ල, බූස්ස පාබල හමුදා පුහුණු පාසලේ සංවිධානය කරන ලද රණවිරු දිස්ත්‍රික් ජංගම වැඩසටහනේදී කටයුතු කරන ලදී. .

රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ සහභාගීත්වයෙන් පැවති මෙම විශේෂ ජංගම වැඩසටහනේදී රණවිරු පවුල් 200ට ආසන්න පිරිසකගේ ගැටලු සඳහා විසඳුම් ලබාදීමට සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් කටයුතු කරන ලදී.

රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චන්ද්‍රා අබේකෝන් මහතා සහ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතා විසින් රණවිරු ගැටලු සඳහා එම මොහොතේම විසඳුම් ලබාදීමට කටයුතු කරනු ලැබීය.

තව දුරටත්
news image

අනුරාධපුර රණ විරු දරුවන් වෙනුවෙන් විශේෂ වෛද්‍ය වැඩසටහනක්

අනුරාධපුර දිස්ත්‍රික්කයෙහි මධ්‍යම නුවර ගම්පලාත රණවිරු සංසදයෙහි රණවිරු දරුවන් 20කු සදහා උපදේශන වැඩසටහනක් මධ්‍යම නුවර ගම්පලාත ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ දී පසුගිය දා පවත්වන ලදී .

අනුරාධපුර දිස්ත්‍රික් වැඩසටහන් නිළධාරිනි තරණී නිවර්තිකා මහත්මියගේ සංවිධානයෙන් පැවැත්වූ මෙම වැඩසටහන සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ මනුප ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයෙහි ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී භාතිය දිසානායක මහතා සම්පත් දායකත්වය ලබා දෙන ලදී.

රණවිරු දරුවන් සදහා පවත්වන උපදේශන වැඩසටහන් මාලාවේ පළමු අධියර වශයෙන් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

එහි දෙවන අධියර යටතේ වයස් සීමා යටතේ තෝරාගත් රණවිරු දරුවන් 40කු සදහා නොවැම්බර් මස කදවුරුගත පුහුණු වැඩසටහනක් පැවැත්වීමට පූර්ණ අනුග්‍රහය ලබා දීමටද ආයූර්වේද දෙපාර්තමේන්තුවේ නිළධාරීන් එකගතාවය පළ කරන ලදී.

තව දුරටත්
news image

ගාල්ල දිස්ත්‍රික්කයේ රණවිරු සංසද හමුවක්

රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ සංකල්පයට අනුව ක්‍රියාත්මක වන දිස්ත්‍රික් ජංගම වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් 2023 අගෝස්තු මස 31 වන දින ගාල්ල බූස්ස ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදාවේ පුහුණු පාසල් පරිශ්‍රයේ දී පැවැත්වීය.

ගාල්ල දිස්ත්‍රික්කය පුරා විසිරී සිටින රණවිරු සංසද නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම වැඩ සටහනේ දී ඔවුන්ගේ ගැටළු සඳහා අවශ්‍ය විසඳුම් ලබාදීම සිදුකරන ලදී.

මෙම වැඩසටහන් මාලාවේ ප්‍රධානම අරමුණ වන්නේ දිවයින පුරා විසිරී සිටින රණවිරු සේවා අධිකාරියට පැමිණීමේ අපහසුතාවන් පවතින රණවිරුවන්ගේ ගැටලු නිරාකරණය කර දීම සඳහා ඔවුන් වෙතට ගොස් අවශ්‍ය සියලු කටයුතු සිදු කිරීමයි.

විද්‍යාත්මකව කරන ලද මනා ඇගයීමකින් පසුව වත්මන් සභාපතිතුමන්ගේ ධූර කාලය තුළදී රණවිරු ප්‍රජාව වෙනුවෙන් සිදු කරනු ලද සුභසාධන කටයුතු සිදුකළ ආකාරය පිළිබඳව සභාපතිතුමා විසින් ගාල්ල දිස්ත්‍රික්කයේ රණවිරුවන් දැනුවත් කරන ලදී.

හමුදා සම්බන්ධිකරණ නිළධාරි ලුතිතන් කර්නල් රක්ශික ලියනගේ මහතාගේ සංවිධානයෙන් පැවති මෙම අවස්ථාවට රණවිරු පවුල්වල සාමාජිකයන් විශාල පිරිසක් සහභාගී වූහ.

රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චන්ද්‍රා අබේකෝන්, සභාපතිතුමන්ගේ ලේකම් බ්‍රිගේඩියර් නලින් මැදිවක හමුදා සම්බන්ධිකරණ නිළධාරි ලුතිතන් කර්නල් රක්ශික ලියනගේ ඇතුළු ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ නිලධාරීන් පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂකවරුන්, අංශ ප්‍රධානීන් ඇතුළු රණවිරු සේවා අධිකාරියේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් කිහිප දෙනෙකු මෙම ජංගම වැඩසටහනට සහභාගි විය.

තව දුරටත්
news image

රණවිරු දූදරුවන් දස දෙනෙකුට රුපියල් ලක්ෂ 12ක් වටිනා අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමේ

"පුදමු විරුවන් අගයමු දරුවන්" යන තේමාව මූල් කර ගනිමින් අ.පො.ස(සා. පෙළ ) A සාමාර්ථ 9 ක් ලබා විශිෂ්ට ලෙස සමත් රණවිරු දූදරුවන් 10 දෙනෙකු සදහා අ.පො.ස. උසස් පෙළ හදාරන වසර දෙක සඳහා මාසිකව රුපියල් 5000/- බැගින් රුපියල් ලක්ෂ 12ක් වටිනා විශේෂ ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමේ වැඩසටහනක් එක්සත් රාජධානියේ සර්ව වාර්ගික ප්‍රජාවගේ (Cross Ethnic Community) විශේෂ අනුග්‍රාහකත්වයෙන් අද දින රණවිරු සේවා අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේදී පවත්වන ලදී.

රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර WWV RWP RSP VSV USP ndu (විශ්‍රාමික) මහතාගේ ආරාධනයෙන් ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න WWV RWP RSP USP NDC PSC (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විශේෂ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහන සිදු කරන ලදී.

එහි තවත් ඉදිරි පියවරක් වශයෙන් තෝරාගත් රණවිරු දූදරුවන් සඳහා මෙවැනිම ආකාරයේ අධ්‍යාපනික ශිෂ්‍යත්ව 90 ක් පිරිනැමීමට එක්සත් රාජධානියේ සර්ව වාර්ගික ප්‍රජාව (Cross Ethnic Community) සංවිධානය අපේක්ෂා කරයි. එය රණවිරු සේවා අධිකාරිය ලැබූ සුවිශේෂී ජයග්‍රහණයකි.

රණවිරු සේවා අධිකාරිය වෙත පැවරී ඇති කාර්යභාරයන් අතර රණවිරු දූදරුවන්ගේ අධ්‍යාපනය නගාසිටුවීම සුවිශේෂී කාර්යයක් වේ.

ඒ අනුව රජයේ මූල්‍ය ප්‍රතිපාදන මගින් 6 සිට 10 ශ්‍රේණිය දක්වා දරුවන් හට මසකට රු.500ක් ද, අපොස සා.පෙළ හදාරන සිසු දරුවන් සදහා මසකට රු.1500 ක් ද, විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබාගත් දරුවන් සදහා මසකට රු.3000ක් ද වශයෙන් රණවිරු දූ පුතුන් 2000 කට ආසන්න පිරිසක් සදහා මිලියන 2.4ක මුදලක් සෑම මසකම ලබාදෙනු ලබයි. එයට තවත් දිරියක් වෙමින් රණවිරු සේවා අධිකාරියේ වත්මන් සභාපතිතුමන්ගේ සංකල්පයකට අනුව අ.පො.ස සාමාන්‍ය පෙළ උසස් ලෙස සමත් රණවිරු දූදරුවන් ඇගයීම මූලික පරමාර්ථය කරගනිමින් මේ විශේෂ ශිෂ්‍යත්ව වැඩසටහන මේ වසරේ දී ආරම්භ කරන ලදී. මෙහි සුවිශේෂත්වය වනුයේ රජයේ මූල්‍ය දායකත්වය නොමැතිව සභාපතිතුමන්ගේ ඥාතී හිතමිතුරන් හා පරිත්‍යාගශිලීන්ගේ මූල්‍ය අනුග්‍රහයෙන් පමණක් සිදු කිරීම සහ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඒ අදාල පාසලේ විදුහල්පති හරහා විශේෂ අධීක්ෂණයෙන් සිදු කිරීමයි.

ඒ අනුව මින් පෙර අවස්ථා 03 ක දී අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ඨ සාමාර්ථ ලබාගත් දූදරුවන් 66 දෙනෙකු වෙත මසකට රු.10000/- සහ රු5000/= බැගින් එක් වසරක් සඳහා රුපියල් ලක්ෂ 41ක් වශයෙන් රණවිරු ශිෂ්‍යත්ව අංශ භාර නිළධාරිනි සුරේඛා ප්‍රනාන්දු මහත්මියගේ මෙහෙයවීම යටතේ ලබාදීමට අවැසි කටයුතු සිදුකර ඇති අතර එය දෙවැනි වසර අවසානයේදී ලක්ෂ 82 ක වටිනාකමකින් යුත් ශිෂ්‍යත්ව ප්‍රදානයක් වනු ඇත.

රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතා විසින් සභාව ඇමතීමෙන් අනතුරුව ශිෂ්‍යත්වලාභීන් වෙත ශිෂ්‍යත්ව පිරිනැමීම ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් සිදුකරන ලදී. ඉන් අනතුරුව ආරක්ෂක ලේකම්තුමන් විසින් මෙම නව ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිළිබඳ එතුමාගේ ඉමහත් පැසසුමට ලක්වූ අතර තවදුරටත් රණවිරු දූදරුවන් දිරි ගන්වමින් සභාව අමතන ලදී.

අනතුරුව රණවිරු දියණියක වන උපේක්ෂා සඳමාලී වීරසිංහ විසින් එක්සත් රාජධානියේ සිටින පරිත්‍යාගශීලී සර්ව වාර්ගික ප්‍රජාවගේ (Cross Ethnic Community) අධ්‍යක්ෂ, ඩේවිඩ් නල්ලරත්නම් මහතා ඇතුළු එම සංවිධානය වෙත ස්තූතිය පළ කරන ලදී. වැඩසටහන අවසානයේදී රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චන්ද්‍රා අබේකෝන් මහතා විසින් මෙම අවස්ථාවට සම්බන්ධ වූ සියලු පාර්ශවයන් වෙත විශේෂ ස්තූතිය පිරි නමනු ලැබීය. රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චන්ද්‍රා අබේකෝන් මහතා, සභාපති ලේකම් බ්‍රිගේඩියර් නලීන් මැදිවක මහතා ඇතුළු ත්‍රිවිධ හමුදා සහ පොලීසියේ නිලධාරීවරුන් සහ රණවිරු සේවා අධිකාරියේ කාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීන්, රණවිරු දෙමාපියන් සහ ආදරණීය රණවිරු දූ පුතුන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.

එක්සත් රාජධානියේ සර්ව වාර්ගික ප්‍රජාවගේ (Cross Ethnic Community) අනුග්‍රාහකත්වයෙන් ලබාදෙනු ලැබූ ශිෂ්‍යත්වලාභීන්ගේ විස්තරය පහත දැක්වෙන පරිදී වේ.

1. දිවිපිදු කේ.ආර්.කුමාර රණවිරුවා වෙනුවෙන් කේ.වී.කාව්‍යා මිහිසරණි දියණියට
2. රණක්ෂිතයටපත් ආර්.එම්.ආර්.රත්නායක රණවිරුවා වෙනුවෙන් ආර්.එම්.ඕෂධී උමේෂා රත්නායක දියණියට
3. රණක්ෂිතයටපත් ඩබ්.එම්.ජී.විජේකෝන් රණවිරුවා වෙනුවෙන් ඩබ්.එම්.දිනාලි කෞමදී විජේකෝන් දියණියට
4. රණක්ෂිතයටපත් එන්.ඒ.ඩී.ඒ.එස්.කුමාර රණවිරුවා වෙනුවෙන් එන්.ඒ.ඩී.අශේන් ඉසුරංග පුතණුවන්ට
5. රණක්ෂිතයටපත් එච්.එම්.ඩබ්.ජී.එස්.බණ්ඩාර රණවිරුවා වෙනුවෙන් එච්.එම්.ඩබ්. අතිල ඉඳුවර බණ්ඩාර පුතණුවන්ට
6. රණක්ෂිතයටපත් ඩබ්.වසන්ත අනුර කුමාර රණවිරුවා වෙනුවෙන් ඩබ්.ඕෂධී ගංගාදරී දියණියට
7. රණක්ෂිතයටපත් ජේ.එස්.අනුරුද්ධ රණවිරුවා වෙනුවෙන් ජේ.එස්.සඳමිණි නෙත්සරණි දියණියට
8. රණක්ෂිතයටපත් ඩබ්.එම්.පියතිස්ස රණවිරුවා වෙනුවෙන් ඩබ්.එම්.උපේක්ෂා සඳමාලි වීරසිංහ දියණියට
9. රණක්ෂිතයටපත් ජී.ඩී.ආර්.ශාන්ත කුමාර රණවිරුවා වෙනුවෙන් ජී.ඩී.මිහිරාන් කවීශ්වර කුමාර පුතණුවන්ට
10. රණක්ෂිතයටපත් කේ.ජී.සුනිල් ශාන්ත රණවිරුවා වෙනුවෙන් කේ.ජී.භාෂනී තක්ෂිලා ලක්ෂානි දියණියට

තව දුරටත්
news image

2023 වසරේ රණවිරු සේවා අධිකාරියේ අර්ධ වාර්ෂික ප්‍රගතිය සමාලෝචනය කෙරේ

2023 වසරේ පළමු මාස හයක රණවිරු සේවා අධිකාරියේ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ විශේෂ සාකච්ඡාවක් 2023 අගෝස්තු මස 16 වැනිදා රණවිරු සේවා අධිකාරියේ ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී.

රණවිරු සේවා අධිකාරිය විසින් රණවිරු සුබසාධනය සඳහා සිදුකරන ලද ක්‍රියාකාරකම්වල ප්‍රගතිය සහ දිස්ත්‍රික්ක සහ පළාත් මට්ටමෙන් රණවිරු ගැටලු අධ්‍යයනය කිරීම සහ කාර්ය මණ්ඩලයේ පරිපාලන ගැටලු අධ්‍යයනය කිරීම ද මෙහිදී සාකච්ඡාවට භාජනය විය.

එමෙන්ම, ඉදිරි අඩ වසරේ රණවිරු සුබසාධනයට අදාළව සිදුකළ යුතු ක්‍රියාකාරකම් මෙන්ම රණවිරු සේවා අධිකාරියේ ඉදිරි සැලසුම් සාකච්ඡාවට භාජනය කිරීමද මෙහිදී සිදුවිය.

රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් (විශ්‍රාමික) නන්දන සේනාධීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ඡාව සඳහා කළමණාකරණ මණ්ඩල සභික කණිෂ්ක ද සිල්වා මහතා, අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් චන්ද්‍රා අබේකෝන්, සභාපති ලේකම්, බ්‍රිගේඩියර් නලින් මැදිවක, හමුදා සම්බන්ධීකරණ නිලධාරී, ලුතිතන් කර්නල් රක්ශික ලියනගේ සහ පළාත් භාර නියෝජ්‍ය අධ්‍යක්ෂ මහත්ම මහත්මීන්, දිස්ත්‍රික් නිළධාරීන් හා අංශ ප්‍රධානීන් නිත්‍ය කාර්ය මණ්ඩලයේ අංශ භාර නිළධාරීන් ද සහභාගී විය.

තව දුරටත්
news image

රණවිරු දරුවන් 23 දෙනෙකු සදහා රුපියල් ලක්ෂ 2,760,000/ ක් වටිනා අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමේ

පරිත්‍යාගශීලී ඉතාලියේ වෙසෙන ප්‍රියන්ත මුණසිංහ ප්‍රමුඛ ශ්‍රී ලාංකික හිත මිත්‍රාදීන්ගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් මසකට එක් රණවිරු දරුවකු සදහා රුපියල් 5000/- බැගින් වසර දෙකක් සදහා රුපියල් 120,000/ බැගින් උසස් පෙළ අධ්‍යාපනය හදාරන අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් ව විශිෂ්ට සාමාර්ථ ලබා ගත් රණවිරු දරුවන් 23 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ 2,760,000/ ක් වටිනා අධ්‍යාපනික ශිෂ්‍යත්ව පිරිනැමීමේ විශේෂ වැඩසටහනක් රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ ආරාධනයෙන් අද (15) දින සිදු කෙරිණි. සභාපතිතුමන් රණවිරු ප්‍රජාව වෙනුවෙන් සිදු කරන ලද සේවය වෙනුවෙන් අතහිත දීමක් වශයෙන් සභාපති තුමාගේ ඉතාලියේ වෙසෙන හිත මිත්‍රාදීන් සහ සභාපති තුමාගේ වැඩිමහල් පුත් චේත සේනාධීර මහතා විසින් මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා මූල්‍ය දායකත්වය දරන ලදී. සභාපතිතුමන් සමගින් යුද බිමෙහි එක්ව සටන් වැදුණු පරිත්‍යාගශීලී රණවිරු ප්‍රියන්ත මුණසිංහ මහතා විසින් කරන ලද විශේෂ ඉල්ලීමකට අනුව ශිෂ්‍යත්ව අංශය වෙත උසස් පෙළ අයදුම්පත්‍ර ලබා දී ඇති රණවිරු දරුවන් අතරින් සාමාන්‍ය පෙළ ඉතා විශිෂ්ට ප්‍රතිඵල ලබා ගත් දරුවන් හට මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය සිදු කෙරිණි. එවකට යුද පෙරමුණ මෙහෙයවූ ශ්‍රේෂ්ඨ සෙන්පතියන් වන දිවංගත මේජර් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා සහ මේජර් ජෙනරාල් විජය විමලරත්න මහතා වෙත දක්වන විශේෂ උපහාරයක් වශයෙන් ඔවුන්ගේ බිරින්දෑවරුන් වන ලලී කොබ්බෑකඩුව මහත්මිය සහ මානෙල් විමලරත්න මහත්මිය විශේෂ ආරාධිතයන් වශයෙන් කැඳවා විරු දූ දරුවන් හට මෙම ශිෂ්‍යත්ව ලබා දීම සිදු කරන ලදී. තවද මෙම අවස්ථාව සදහා විශේෂ ආරාධිතයකු වශයෙන් සහභාගී වූ පරිත්‍යාගශීලී ප්‍රියන්ත මුණසිංහ මහතාගේ පාසැල් කාලයේ ගුරුවරියක වූ කළුතර තිස්ස මහා විද්‍යාලයේ විශ්‍රාමික ගුරු මෑණියකු වන අප්සරා ගුණවර්ධන මහත්මිය විසින් දරුවන් හමුවේ හරවත් දේශනයක් සිදු කලේය. පරිත්‍යාගශීලීන් වෙනුවෙන් රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමන් විසින් නිකුත් කරන ලද ස්තුති ලිපි ප්‍රදානය කිරීම රණවිරු දියණියකගේ ස්තූතියි කතාවෙන් අනතුරුව සිදු කරන ලදී. ශිෂ්‍යත්ව අංශ ප්‍රධානී සුරේඛා ප්‍රනාන්දු මහත්මිය විසින් ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමේ වැඩසටහනේ ස්තූතියි කතාව රණවිරු සේවා අධිකාරිය වෙනුවෙන් සිදු කළේය. පරිත්‍යාගශීලීන් සහ ශිෂ්‍යත්වලාභීන්ගේ විස්තරය පහත සඳහන් පරිදි වේ. 1. ඉතාලියේ ප්‍රධාන අධිකරණ සංඝනායක බ්‍රේෂියා බෞද්ධ විහාරාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති වතෝගල ධම්මික නාහිමිපාණන් වහන්සේ විසින් පිරිනමනු ලැබූ ශිෂ්‍යත්වය, ආබාධිත විශ්‍රාමික එච්.ඒ.පී.පී. හෙට්ටිආරච්චි රණවිරුවා වෙනුවෙන් එච්.ඒ.හිරුණ සාරංග හෙට්ටිආරච්චි පුතණුවන්ට. 2. ආනන්ද කුමාර සමරතුංග මහතා විසින් පිරිනමනු ලැබූ ශිෂ්‍යත්වය, ආබාධිත විශ්‍රාමික බී.ඒ.සමන් බාලසූරිය වෙනුවෙන් බීඒ නෙත්මි සිතුමිනි බාලසූරිය දියණිය 3. හසිත කුමාර නිශ්ශංක මහතා විසින් පිරිනමනු ලැබූ ශිෂ්‍යත්වය, දිවිපිදු ජේ.ජී.නලින් නිශාන්ත රණවිරුවා වෙනුවෙන් ජේ.ජී.තරුෂි එරන්දනා දියණියට 4. ටී.එම්.ටිෂාන් දුමින්ද මහතා විසින් පිරිනමනු ලැබූ ශිෂ්‍යත්වය, ආබාධිත විශ්‍රාමික ආර්.ඩී.ඩබ්.මනෝරංජන රණවිරුවා වෙනුවෙන් ආර්.ඩී.පූර්ණි විනුජති දියණියට 5. දිලූපා ලලන්ති ද සිල්වා මහත්මිය විසින් පිරිනමනු ලැබූ ශිෂ්‍යත්වය, ආබාධිත විශ්‍රාමික වයි.කේ.ප්‍රීති කුමාර රණවිරුවා වෙනුවෙන් වයි.කේ.කවීෂා දෙව්මිණි දියණියට 6. ඩී.ප්‍රසාද් තරංග මහතා විසින් පිරිනමනු ලැබූ ශිෂ්‍යත්වය, ආබාධිත විශ්‍රාමික කේ.ඒච්.සුමිත් ප්‍රියනන්ද රණවිරුවා වෙනුවෙන් කේ.ඒච්.සුසර අමානෙත් පුතණුවන්ට 7. ‌ඩබ්.ඒ.ටිෂාන්ත උදය කුමාර මහතා විසින් පිරිනමනු ලැබූ ශිෂ්‍යත්වය, ආබාධිත විශ්‍රාමික එස්.පී.ටී.බී.ඒ.ජයවර්ධන රණවිරුවා වෙනුවෙන් එස්.පී.ටී.බී.සඳනි නිමාෂා ජයවර්ධන දියණියට. 8. තිළිණ දොන් සේකරගේ මහතා විසින් පිරිනමනු ලැබූ ශිෂ්‍යත්වය, ආබාධිත විශ්‍රාමික කේ.ආර්.ප්‍රසාද් සමන්ත රණවිරුවා වෙනුවෙන් ඒ.ආර්.නුෂාධි සෙව්මිණි දියණියට. 9. නිලන්ති රේණුකා ගමගේ මහත්මිය විසින් පිරිනමනු ලැබූ ශිෂ්‍යත්වය, ආබාධිත විශ්‍රාමික ඩබ්.ඒ.සුනිල් රණවිරුවා වෙනුවෙන් ඩබ්.ඒ්.නෙත්මි දියණියට. 10. ලලන්ත රොෂේන් සමරතුංග මහතා විසින් පිරිනමනු ලැබූ ශිෂ්‍යත්වය, ආබාධිත විශ්‍රාමික සී.ආර්.හපුආරච්චි රණවිරුවා වෙනුවෙන් හිරුක දින්සර හපුආරච්චි පුතණුවන්ට 11. තිෂානි සමරතුංග මහත්මිය විසින් පිරිනමනු ලැබූ ශිෂ්‍යත්වය, දිවිපිදු ඩබ්.ටී.ජී.උපාලි රණවිරුවා වෙනුවෙන් ඩබ්.ටී.ටී.ඉමල්ෂා නෙත්මිණි දියණියට. 12. ඩබ්.එම්.සුනිල් ශාන්ත ප්‍රනාන්දු මහතා විසින් පිරිනමනු ලැබූ ශිෂ්‍යත්වය, ආබාධිත විශ්‍රාමික ඩී.ජී.පී.පුෂ්පරාජ රණවිරුවා වෙනුවෙන් ඩී.ජී.සඳනිකා තෙව්මි දහනායක දියණියට 13. එම්.ඒ.කුමුදුනී මහත්මිය විසින් පිරිනමනු ලැබූ ශිෂ්‍යත්වය, දිවිපිදු ජේ.පී.විමලසිරි රණවිරුවා‌ වෙනුවෙන් පී.කවීෂ ඉඳුමිණ ජයසිංහ පුතණුවන්ට 14. ෂෙල්ටන් කූරන්ගේ මහතා විසින් පිරිනමනු ලැබූ ශිෂ්‍යත්වය, දිවිපිදූ කේ.එම්.යූ.එස්.කේ.උඩුගම රණවිරුවා වෙනුවෙන් කේ.එම්.රශ්මිකා නේත්‍රාංජලී ඉන්ද්‍රචාපා දියණියට 15. කේ.ජී.රාණි ආයිරාංගනී මහත්මිය විසින් පිරිනමනු ලැබූ ශිෂ්‍යත්වය, ආබාධිත විශ්‍රාමික ඊ.එම්.එස්.ඒ.බංඩාර රණවිරුවා වෙනුවෙන් ඊ.එම්.ජලිත සත්සර ඒකනායක පුතණුවන්ට 16. නුවන් ශ්‍රීනාත් ජායුගොඩ මහතා විසින් පිරිනමනු ලැබූ ශිෂ්‍යත්වය, ආබාධිත විශ්‍රාමික සී.ඩබ්.ඉන්ද්‍රරත්න රණවිරුවා වෙනුවෙන් ජී.ඩබ්.සාහිතා හේෂානි සේදර දියණියට 17. එච්.ඉෂාන් ෂාලින්ත මහතා විසින් පිරිනමනු ලැබූ ශිෂ්‍යත්වය, ආබාධිත විශ්‍රාමික ජී.ජී.ඩබ්.චන්ද්‍රසේකර රණවිරුවා වෙනුවෙන් ජී.ජී.ඩබ්.තිසරණී තාරකී චන්ද්‍රසේකර දියණියට 18. කේ.එම්.කේ.ක්‍රිෂාන්ත මහතා විසින් පිරිනමනු ලැබූ ශිෂ්‍යත්වය, දිවිපිදු කේ.නිමල් රණවිරුවා වෙනුවෙන් කේ.කවීෂා රවිහාරි දියණියට 19. එච්.ඉෂාන් ෂාලින්ත පෙරේරා මහතා විසින් පිරිනමනු ලැබූ ශිෂ්‍යත්වය, දිවිපිදු ඒ.එම්.ගුණසිංහ රණවිරුවා වෙනුවෙන් ඒ.එම්.මෙනුරි බුද්ධිකා ගුණසිංහ දියණියට 20. ඩී.කේ.ඩී.නිලාන් සුදේශ් මහතා විසින් පිරිනමනු ලැබූ ශිෂ්‍යත්වය, දිවිපිදු පී.ඩී.එස්.එස්. අබේරත්න රණවිරුවා වෙනුවෙන් පී.ඩී.ෂරනි කේෂලා අබේරත්න දියණියට 21. චේත සේනාධීර මහතා සහ භාෂිනී පතිරණ මහත්මිය විසින් පිරිනමනු ලැබූ ශිෂ්‍යත්වය, අබාධිත විශ්‍රාමික සී.පී.අබේගුණසේකර රණවිරුවා වෙනුවෙන් පසිඳු ශාමික අබේගුණසේකර පුතණුවන්ට 22. ආනන්ද කුමාර සමරතුංග මහතා විසින් පිරිනමනු ලැබූ ශිෂ්‍යත්වය දිවිපිදු එම්.රංජිත් රණවිරුවා වෙනුවෙන්, රුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව හදාරන එම්.සචිනි හංසිකා දියණියට 23. ‌ ෂෙල්ටන් කූරන්ගේ මහතා විසින් පිරිනමනු ලැබූ ශිෂ්‍යත්වය දිවිපිදු ඩී.ඩී.එන්.ජයන්ත රණවිරුවා වෙනුවෙන්, යාපන‍ය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව හදාරන ඩී.ඩී.එන්.මධූෂා දර්ශනී දියණිය ජයසිකුරු ක්‍රියාන්විතයේ දී රට දැය වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කළ ඥාති සොයුරු සේවා අංකය 03580 මේජර් චන්දන සාන්තප්‍රිය ද සිල්වා රණවිරුවානන් සිහිපත් කිරීම මෙම සියලුම ආධාර ලබාදීමේදි මූලික අරමුණක් විය. දිවිපිදු ඊ.එස්.ටී.සම්පත් රණවිරුවා‍ගේ අසනීප තතවයෙන් පසුවන පුතණුවන් වන සවිත් ගිම්හාන දරුවා හට අවශ්‍ය සෞඛ්‍ය උපකරණ ඔහුට ලබාදීම සදහා ඉතාලියේ වෙසෙන ප්‍රියන්ත මුණසිංහ මහතාගේ අනුග්‍රහයෙන් සභාපති තුමා වෙත භාර දිම අසංග මධුෂාන් මුණසිංහ මහතාගේ සුරතින් සිදුවිය. පරිත්‍යාගශීලීන්, ලලී කොබ්බෑකඩුව මහත්මිය, මානෙල් විමලරත්න මහත්මිය, අප්සරා ගුණවර්ධන මහත්මිය, රණවිරු සේවා අධිකාරියේ උප සභාපතිනී සෝනියා කෝට්ටේගොඩ මහත්මිය, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් කේ.ජේ කුලරත්න මහතා, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ආර්.එස් වික්‍රමරත්න මහතා, කළමණාකරණ මණ්ඩල සභික, කණිෂ්ක ද සිල්වා මහතා, රේඛා සේනාධීර මහත්මිය, අසංක මදුෂාන් මුණසිංහ මහතා, රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චන්ද්‍රා අබේකෝන්, සභාපති තුමන්ගේ ලේකම් බ්‍රිගේඩියර් නලින් මැදිවක, ශිෂ්‍යත්ව අංශ ප්‍රධානී සුරේඛා ප්‍රනාන්දු, ඇතුළු කාර්ය මණ්ඩලයේ නිලධාරී මහත්ම මහත්මීන් රණවිරු දූදරුවන් සහ එම දෙමව්පියන් මෙම අවස්ථාවට සහභාගි විය.

තව දුරටත්
news image

විදෙස්ගත දමිළ ශ්‍රී ලංකාකික පරිත්‍යාගශීලියකු රණවිරු සුබසාධනයට එක් වෙයි

එංගලන්තයේ ජීවත් වන ශ්‍රී ලාංකික දමිළ ව්‍යාපාරිකයකු වන සුදන් මහතා සහ එම පවුලේ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන්

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජීවත්වන රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් එකොළොස් දෙනෙකු (11) සඳහා රුපියල් 10,000/ බැගින් රු 110,000/ ක මුදලක් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගියදා අනුරාධපුරයේ පැවැත්වූ දිස්ත්‍රික් රණවිරු සංසද ජංගම වැඩසටහනට සමගාමීව සිදු කරන ලදී. රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ ආරාධනයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ රණවිරු පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් පැවැත්වූ රණවිරු ජංගම වැඩසටහනේදී හදුනාගත් රණක්ෂිතයට පත් රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් එකළොස් දෙනෙකු (11) සදහා මෙම මුදල් පරිත්‍යාගය සිදු කරන ලදී.

රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චන්ද්‍රා අබේකෝන්, සභාපතිතුමන්ගේ ලේකම් බ්‍රිගේඩියර් නලින් මැදිවක ඇතුළු රණවිරු සේවා අධිකාරියේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.

තව දුරටත්
news image

අනුරාධපුර රණවිරු සංසද හමුවක්

රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ සංකල්පයට අනුව ක්‍රියාත්මක වන දිස්ත්‍රික් ජංගම වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් 2023 අගෝස්තු මස 11 වන දින අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පැවැත්වීය.

අනුරාධපුර දිස්ත්‍රික්කය පුරා විසිරී සිටින රණවිරු සංසද නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම වැඩ සටහනේ දී ඔවුන්ගේ ගැටළු නිරාකරණය කිරීම සඳහා අවශ්‍ය විසඳුම් ලබාදීම සිදුකරන ලදී.

මෙම වැඩසටහන් මාලාවේ ප්‍රධානම අරමුණ වන්නේ දිවයින පුරා විසිරී සිටින රණවිරු සේවා අධිකාරියට පැමිණීමේ අපහසුතාවන් පවතින රණවිරුවන්ගේ ගැටලු නිරාකරණය කර දීම සඳහා ඔවුන් වෙතට ගොස් අවශ්‍ය සියලු කටයුතු සිදු කිරීමයි. රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් දැනට මුහුණ පා සිටින ගැටළු සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලය හමුවේ ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දීම මෙම වැඩසටහනේ තවත් විශේෂ ලක්ෂණයකි.

විද්‍යාත්මකව කරන ලද මනා ඇගයීමකින් පසුව වත්මන් සභාපතිතුමන්ගේ ධූර කාලය තුළදී රණවිරු ප්‍රජාව වෙනුවෙන් සිදු කරනු ලද සුභසාධන කටයුතු සිදුකළ ආකාරය පිළිබඳව සභාපතිතුමා විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ රණවිරුවන් දැනුවත් කරන ලදී.

රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චන්ද්‍රා අබේකෝන්, සභාපතිතුමන්ගේ ලේකම් බ්‍රිගේඩියර් නලින් මැදිවක ඇතුළු ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ නිලධාරීන් පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂකවරුන්, අංශ ප්‍රධානීන් ඇතුළු වැඩසටහන් නිලධාරීන් කිහිප දෙනෙකු මෙම ජංගම වැඩසටහනට සහභාගි විය.

තව දුරටත්
news image

එංගලන්තයේ සිටින දමිළ ශ්‍රී ලංකාකික පරිත්‍යාගශීලියකුගෙන් රණවිරුවන් සදහා මුදල් ආධාර පිරිනැමේ

රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර විශ්‍රාමික මහතාගේ පුද්ගලික හිතවතකු වන එංගලන්තයේ ජීවත් වන ශ්‍රී ලාංකික දමිළ ව්‍යාපාරිකයකු වන සුදන් මහතා එම මහත්මිය සහ දරු දැරියන් ගේ සහභාගීත්වයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ රණවිරුවන් සඳහා පැවැත්වූ ජංගම වැඩසටහනේදී හදුනාගත් රණක්ෂිතයට පත් රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සය දෙනෙකු (6) සදහා රුපියල් 20,000/ බැගින් රු 120,000/ ක මුදලක් පරිත්‍යාග කරන ලදී.

රණවිරු සුබසාධනයේ තවත් පියවරක් ඉදිරියට තබමින් සභාපතිතුමා විසින් තම පවුලේ සාමාජිකයන්, නෑදෑ හිතමිතුරන් සහ රණවිරු සුභසාධන කටයුතු සඳහා උනන්දුවක් දක්වන දානපතියන් සම්බන්ධ කර ගනිමින් රණවිරු සුබසාධනය වෙනුවෙන් සිදු කරන සේවය සඳහා අතහිත දීමක් වශයෙන් මෙම පරිත්‍යාගය සිදු කරන ලද බව මෙම දානපති සුදන් මහතා පවසන ලදී.

රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චන්ද්‍රා අබේකෝන්, සභාපතිතුමන්ගේ ලේකම් බ්‍රිගේඩියර් නලින් මැදිවක ඇතුළු රණවිරු සේවා අධිකාරියේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.

තව දුරටත්
news image

කුරුණෑගල දිස්ත්‍රික්කයේ රණවිරු සංසද හමුවක්

රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ සංකල්පයට අනුව ක්‍රියාත්මක වන දිස්ත්‍රික් ජංගම වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් 2023 අගෝස්තු මස 10 වන දින කුරුණෑගල මල්කඩුවාව හෙරලියාවත්තේ පිහිටි ජාතික ආරක්ෂක බලමුළුවේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පැවැත්වීය.

කුරුණෑගල දිස්ත්‍රික්කය පුරා විසිරී සිටින රණවිරු සංසද නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම වැඩ සටහනේ දී ඔවුන්ගේ ගැටළු සඳහා අවශ්‍ය විසඳුම් ලබාදීම සිදුකරන ලදී.

මෙම වැඩසටහන් මාලාවේ ප්‍රධානම අරමුණ වන්නේ දිවයින පුරා විසිරී සිටින රණවිරු සේවා අධිකාරියට පැමිණීමේ අපහසුතාවන් පවතින රණවිරුවන්ගේ ගැටලු නිරාකරණය කර දීම සඳහා ඔවුන් වෙතට ගොස් අවශ්‍ය සියලු කටයුතු සිදු කිරීමයි.

විද්‍යාත්මකව කරන ලද මනා ඇගයීමකින් පසුව වත්මන් සභාපතිතුමන්ගේ ධූර කාලය තුළදී රණවිරු ප්‍රජාව වෙනුවෙන් සිදු කරනු ලද සුභසාධන කටයුතු සිදුකළ ආකාරය පිළිබඳව සභාපතිතුමා විසින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ රණවිරුවන් දැනුවත් කරන ලදී.

රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චන්ද්‍රා අබේකෝන්, සභාපතිතුමන්ගේ ලේකම් බ්‍රිගේඩියර් නලින් මැදිවක ඇතුළු ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ නිලධාරීන් පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂකවරුන්, අංශ ප්‍රධානීන් ඇතුළු රණවිරු සේවා අධිකාරියේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් කිහිප දෙනෙකු මෙම ජංගම වැඩසටහනට සහභාගි විය.

තව දුරටත්
news image

ත්‍රිකුණාමලය දිස්ත්‍රිකයේ කන්තලේ රණවිරු සංසදයේ රණවිරු බිරින්දෑවරුන් සදහා "පේශකර්ම අත්‍යන්ත්‍ර රෙදිපිළි නිෂ්පාදනය" පිළිබඳව වැඩසටහනක්

ත්‍රිකුණාමලය දිස්ත්‍රිකයේ කන්තලේ රණවිරු සංසදයේ රණවිරු බිරින්දෑවරුන් සදහා "පේශකර්ම අත්‍යන්ත්‍ර රෙදිපිළි නිෂ්පාදනය" පිළිබඳව අර්ධ වාර්ෂික පුහුණු වැඩසටහනක් 2023/07/28 දින කන්තලේ පේශකර්ම ආයතනයේ දී ආරම්භ කරන ලදී. පේශකර්ම උපදේශිකා නිරෝශා කුමාරි මහත්මියගේ සම්පත් දායකත්වයෙන් අත්‍යන්ත්‍ර Handloom නිෂ්පාදන සදහා උනන්දුවක් දක්වන රණවිරු බිරින්දෑවරුන් පිරිසකට මාසිකව දිරි දීමනාවක් යටතේ පුහුණුව ලබාදෙනු ලබන අතර පවතින සීමිත සම්පත්,බළශක්ති ඉතිරිය,ක්‍රියා කරවීමේ ශාරීරික හා මානසික යෝග්‍යතාව සංවර්ධනය, ප්‍රාදේශීය ආර්ථික ගොඩනැංවීමට දායකත්වය ලබාගැනීමේ මූලික පියවර කරුණු සැළකිල්ලට ගෙන මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

තව දුරටත්
news image

අනුරාධපුර රණජයපුර රණවිරු ගම්මානයේ ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

අනුරාධපුර රණජයපුර රණවිරු ගම්මානයේ රණවිරු දරුවන් උදෙසා ළමා සමාජයක් පිහිටුවා ඇති අතර, එම දරුවන් හා පාසලේ අනෙකුත් රණවිරු දරුවනුත් සම්බන්ධ කරගනිමින් ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා රණජයපුර මහා විද්‍යාලයේ දී සාර්ථකව පවත්වන ලදී. මේ සඳහා සම්පත් දායකත්වය ලබා දෙන ලද්දේ ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වනිතා සංවර්ධන ක්ෂේත්‍ර සහකාර ඒ.ඩී ආශා ගීතානි මහත්මිය වන අතර උපදේශන සහකාර නිමේෂා රංගනී රාජපක්ෂ මහත්මිය, විදේශ රැකියා සංවර්ධන නිලධාරී ඒ.පී.අබේරත්න මහතා ද මීට සම්බන්ධ වී සිටියහ. මෙම වැඩසටහන පැවැත්වීම හා සංග්‍රහ කටයුතු ලබා දීම ඉපලෝගම රණජයපුර රණවිරු ගම්මානයේ සුභ සාධක සංසඳයේ නිලධාරි මහත්ම මහත්මීන්ගෙන් සිදු විය.

තව දුරටත්
news image

පළුගස්වැව රණවිරු සංසදයේ සාමාජික සාමාජිකාවන් සඳහා යෝගට් නිෂ්පාදනය සම්බන්ධයෙන් ප්‍රායෝගික පුහුණු වැඩසටහනක්

ඇමරිකාවේ නිෂ්පාදිත LN4 වර්ගයේ නවීන තාක්ෂණයෙන් යුත් කෘත්‍රිම අත් රණවිරුවන් වෙත ලබාදීම රණවිරු සේවා අධිකාරියේ සුබසාධනයේ තවත් ඓතිහාසික පිටුවකට එක්වේ..

ශ්‍රී ලංකා යුද හමුදාවේ 5 වන ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවට අනුයුක්තව එලුවන්කුලම ප්‍රදේශයේ ක්‍රියාන්විත රාජකාරියේ නිරතව සිටියදී 2008 මාර්තු මස 05 වන දින ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්වීමෙන් තම දකුණු අත අහිමි වූ රණවිරු බනි 11 ඕ.පී. රංජිත් සිරිවර්ධන වෙත LN4 වර්ගයේ කෘත්‍රිම අතක් ලබාදීම රණවිරු සේවා අධිකාරියේදී සිදු කලේය.

මෙම අවස්ථාව සදහා රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ විශේෂ ඉල්ලීමට මත LN4 කෘත්‍රිම අත් ලබාදීමේ ශ්‍රී ලංකාවේ සන්නාම තානාපති ලෙස කටයුතු කරන කරන මොහාමඩ් සමූන් මහතා සහභාගී වන ලදී.

මීට පෙර අවස්ථාවන් කිහිපයකදීම ක්‍රියාන්විත හේතූන් මත මැණික් කටුව අසලින් එක් අතක් අහිමි වූ රණවිරුවන් සදහා කෘත්‍රිම අත් සකසා දී තිබුණද එම කෘත්‍රිම අත භාවිතයෙන් යමක් සිදුකර ගත නොහැකි අතර එය හුදෙක්ම අතක පෙනුම ලබාගැනීම සදහා භාවි⁣තා කරනු ලබන ආදේශකයක් වශයෙන් පමණක් භාවිතා කරන ලදී.

ඇමරිකාවේ නිෂ්පාදිත LN4 වර්ගයේ නවීන තාක්ෂණයෙන් යුත් මෙම කෘත්‍රිම අත අනෙක් අතෙහි ආධාරයෙන් ක්‍රියා කළ හැකිය . මෙම LN4 වර්ගයේ කෘත්‍රිම අතෙහි ඇගිලි අනෙක් අතෙහි ආධාරයෙන් දිග ඇරීමට හැකිය. ඒ අනුව මෙම කෘත්‍රිම අත මගින් යමක් අල්ලා ගැනීමට ,රඳවා ගැනීමට සහ ලිවීමට ආදී කටයුතු ස්වාධීන ලෙස කර ගැනීමට හැකියාවක් ඇත. මෙම කෘත්‍රිම අත බරින් ඉතාම අඩු අතර මිනුම් ලබා ගැනීමකින් තොරව අත සදහා පැලදිය හැකි ලෙස නිර්මාණය කර ඇති හෙයින් භාවිතය ඉතාම පහසුවේ. වර්තමානයේ පවතින සාම්ප්‍රදායික පුනරුත්ථාපන ක්‍රමවේදය මගින් ලබාදෙන කෘත්‍රිම අත් වෙනු⁣වට නව තාක්ෂණයෙන් යාවත්කාලීන වුණු ආබාධිත සහයක උපකරණ ලබාදීමේ තවත් එක් පියවරක් වශයෙන් මෙම කෘත්‍රීම අත් ලබාදීම සැලකිය හැකිය.

උපතින් දකුණත භාවිතා කරන්නෙකු වූ රණවිරු ඕ.පී. රංජිත් සිරිවර්ධන මහතා වර්ෂ 2008 දී තම අත අහිමි වීමෙන් අනතුරුව වම් අතින් සියලුම වැඩ කටයුතු කිරීම සඳහා ස්වෝත්සාහයෙන් පුරුදු පුහුණු වී ඇත.

යුද්ධයෙන් ආබාධිතතාව තරුණ වියේ දීම සමාජගත වූ ⁣රංජිත් රණවිරුවා තමන්ගේ සියලුම කටයුතු මෙන්ම අකුරු ලිවීමේ කටයුතු ද තමන්ට නුහුරු වමතින් සිදු කිරීමට පුරුදු වී ඇත.

මෙම වීරෝදාර රණවිරුවා වසර 15කට පමණ පසුව නැවතත් මෙම කෘත්‍රීම අත භාවිතයෙන් දකුණු අතින් ලියැවුණු ප්‍රථම අත් අකුර වශයෙන් තම නම පුංචි කඩදාසි කොළයක රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමන් ඉදිරියේදීම සටහන් කරන ලදී.

වසර 23ක රණවිරු සේවා අධිකාරියේ සුබසාධන ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් නවීන තාක්ෂණයෙන් සන්නද්ධ, උසස් ප්‍රමිතියෙන් යුත් මෙවැනිම කෘත්‍රීම අත් අවශ්‍ය රණවිරුවන් වෙනුවෙන් ඉදිරියේ දීත් නොමිලේ ලබාදෙන බව රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමන්ගේ ඉතා සමීප මිතුරෙකු වන LN4 කෘත්‍රිම අත් ලබාදීමේ ශ්‍රී ලංකාවේ සන්නාම තානාපති මොහාමඩ් සමූන් මහතා මෙහිදී සදහන් කරන ලදී.

ශ්‍රී ලංකාව පුරා විසීරී සිටින සමස්ත රණවිරු ප්‍රජාවේ කාලීන අවශ්‍යතාවය නිවැරදිව හඳුනාගත් යුද්ධයේ දී රණක්ෂිතයටපත්ව ජාතියේ පිනට තම ජීවිතය බේරුණු වර්තමාන සභාපතිතුමා විසින් රණවිරු ප්‍රජාව උදෙසා සිදුකරන කාර්යභාරයට ගරු කිරීමක් වශයෙන් මෙවැනි පරිත්‍යාගයන් සිදුකිරීමට ඉදිරියේ දීත් කටයුතු කිරීම සතුටට කාරණයක් බව LN4 කෘත්‍රිම අත් ලබාදීමේ ශ්‍රී ලංකාවේ සන්නාම තානාපති ලෙස කටයුතු කරන කරන මොහාමඩ් සමූන් මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

ඔබ අප සියලු දෙනා අද බුක්ති විදින නිදහස දිනාගැනීම උදෙසා පෙරට එමින් සිය ශරීරාංග කැපකළ මෙවැනි උතුම් විරෝධාර රණවිරුවන්ගේ ජීවයට සවියක් වන්නට, මුවගට සිනහවක් ගෙනෙන්නට, ජීවිතය සවිබල ගන්වන්නට රණවිරු සේවා අධිකාරිය හා සම්බන්ධ වෙන මෙන් ඉතා ගෞරව පුර්වකව ඉල්ලා සිටිමු.

තව දුරටත්
news image

රණවිරු දියණියක වෙත ක්‍රීඩා අනුග්‍රාහකත්වය ලබා දෙයි

රණක්ෂිතයට පත් රණවිරු මාණ්ඩලික සැරයන් අනුර MS රණවිරුවාගේ දියණිය වන MG චතුරිකා ප්‍රමුදිතා දියණිය මීටර් 400 ඉසව්වෙන් ජාතික මට්ටමේ දක්ෂතා දැක්වා ඇති රණවිරු මළල ක්‍රීඩා දියණියකි.

ගම්පහ හොලික්‍රොස් විද්‍යාලයේ ක්‍රීඩා සංචිතය නියෝජනය කරන දීප්තිමත් ශිෂ්‍යාවක වන ඇය තම ක්‍රීඩා දක්ෂතාවය මත ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ සිට මෙම විද්‍යාලයට නවතමයෙන් සම්බන්ධ වන ලදී.

ඇයගේ දක්ෂතා තව දුරටත් වර්ධනය කිරීමේ අරමුණින් ඇය හට අවශ්‍ය රුපියල් 42,500/ ක් වටිනා ධාවන සපත්තු යුවලක් රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ ආරාධනයෙන් එම දියණිය වෙත ලබා දීම අද දින රණවිරු සේවා අධිකාරියේදී සිදු කරන ලදී.

තව දුරටත්
news image

කළුතර දිස්ත්‍රික් රණවිරු ප්‍රජාව වෙනුවෙන් රුපියල් ලක්ෂ 723 ක්

2023 වර්ෂය සදහා රණවිරු සේවා අධිකාරියේ සේවාලාභීන් ව්‍යාප්තව සිටින පළාත් 8ක රණවිරු සංසද 268ක් ආවරණය කරමින් සිදු කෙරෙන රණවිරු ප්‍රජා සංවර්ධන වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී 2023 ජූලි මස 25 වන දින පවත්වන ලදී.

මෙම රණවිරු ප්‍රජා සංවර්ධන වැඩසටහන සඳහා කළුතර දිස්ත්‍රික්කයේ රණවිරු සංසද නියෝජනය කරන රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් දෙසීයකට ආසන්න පිරිසක් සහභාගි විය. සාම්ප්‍රදායානූකූලව ආගම සිහිකිරීමෙන් අනතුරුව රණවිරු පාඨය ප්‍රකාශයට පත් කරමින් රණවිරු අනුස්මරණය සිදු කිරීමෙන් අනතුරුව කළුතර දිස්ත්‍රික් වැඩසටහන් නිළධාරිනී සුසීමා වයිමන් මහත්මිය විසින් පිළිගැනීමේ කතාව සහ මෙම වැඩ සටහනේ අරමුණ පැහැදිලි කරන ලදී.

රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතා විසින් රුස්ව සිටි රණවිරු ප්‍රජාව අමතමින් ප්‍රකාශ කළේ 2023 වර්ෂය තුළ පමණක් කළුතර දිස්ත්‍රික්කයේ රණවිරුවන්ගේ සුභසාධන කටයුතු සඳහා රුපියල් ලක්ෂ 723 කට ආසන්න මුදලක් රණවිරු සේවා අධිකාරිය මගින් වැය කර ඇති බවයි. මෙවැනි ව්‍යාපෘතීන් අනාගතයේ දී සිදු කිරීමට බලාපොරොත්තු වන අතර රණවිරු දරුවන් සවිබල ගැන්වීම අරමුණු කරගනිමින් විශේෂ ශිෂ්‍යත්ව ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ලබන බව ද එතුමන් ප්‍රකාශ කර සිටියේය.

කළුතර දිස්ත්‍රික් නිවාස සංවර්ධන අධිකාරියේ නියෝජිතයන් මෙම අවස්ථාව සහභාගී වූ අතර සංසද නිලධාරී සහ සාමාජික ගැටළු සාකච්ඡාවට භාජනය කරමින් රණවිරුවන් සහ ඔවුන්ගේ ළඟම ඥාතීන්ගේ ගැටළු සොයා බැලීම සඳහා රණවිරු සේවා අධිකාරියේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ජංගම සේවා කඳවුරක් පවත්වන ලදී.

රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික), සභාපතිතුමන්ගේ ලේකම් බ්‍රිගේඩියර් නලින් මැදිවක ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන්, පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්, අංශ ප්‍රධානීන්, යුද හමුදා වැටුප් හා ලේඛන අධ්‍යක්ෂ මණ්ඩලයේ නියෝජිතයකු සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් මෙම ජංගම වැඩසටහන සඳහා සහභාගී විය.

තව දුරටත්
news image

රණවිරු දරුවන් පස් දෙනෙකු සදහා රුපියල් ලක්ෂ 6ක් වටිනා අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමේ

පරිත්‍යාගශීලී කනිල් විජේරත්න , අසංකා විජේරත්න හා ඉතාලියේ වෙසෙන ප්‍රියන්ත මුණසිංහ ප්‍රමුඛ ශ්‍රී ලාංකික හිත මිත්‍රාදීන්ගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් මසකට එක් රණවිරු දරුවකු සදහා රුපියල් 5000/- බැගින් වසර දෙකක් සදහා රුපියල් 120,000/ බැගින් උසස් පෙළ අධ්‍යාපනය හදාරන අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් ව විශිෂ්ට සාමාර්ථ 9ක් ලබා ගත් රණවිරු දරුවන් 5 දෙනෙකු සඳහා අධ්‍යාපනික ශිෂ්‍යත්ව පිරිනැමීමේ විශේෂ වැඩසටහනක් රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ ආරාධනයෙන් අද දින සිදු කෙරිණි.

සභාපතිතුමන් රණවිරු ප්‍රජාව වෙනුවෙන් සිදු කරන ලද සේවය වෙනුවෙන් අතහිත දීමක් වශයෙන් ඔහුගේ ඥාතීන් වන කනිල් විජේරත්න , අසංකා විජේරත්න හා සභාපති තුමාගේ ඉතාලියේ වෙසෙන හිත මිත්‍රාදීන් වන ප්‍රියන්ත මුණසිංහ මහතා , අජිත් ගමගෙදර මහතා , සිරියාවතී ගමගෙදර මහත්මිය යන පිරිස විසින් මෙම වැඩසටහන සඳහා මූල්‍ය දායකත්වය දරන ලදී.

අධ්‍යාපනය තුළින් රණවිරු දරුවන් සවිබල ගැන්වීම අරමුණු කර ගනිමින් රණවිරු සේවා අධිකාරියේ සභාපති තුමන්ගේ සංකල්පයක් මත ක්‍රියාත්මක මෙම විශේෂ ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ රණවිරු දරුවන් පස් දෙනකු සඳහා උසස් අධ්‍යාපන ප්‍රවේශය ලබා ගැනීමට මාසිකව මූල්‍යමය ආධාර පිරිනැමීම මෙහිදී සිදුවේ.

සභාපතිතුමා විසින් කරන ලද විශේෂ ඉල්ලීමකට අනුව ශිෂ්‍යත්ව අංශය වෙත උසස් පෙළ අයදුම්පත්‍ර ලබා දී ඇති රණවිරු දරුවන් අතරින් සාමාන්‍ය පෙළ ඉතා විශිෂ්ට ප්‍රතිඵල ලබා ගත් දරුවන් තෝරා ගැනීම එම පරිත්‍යාගශීලීන් විසින් සිදු කර ඇත.

මෙම අවස්ථාවට සහභාගි වූ රණවිරු දූ දරුවන් සහ දෙමව්පියන් සදහා මෙම පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රහයෙන් ගමන් වියදම් සඳහාද මූල්‍ය දායකත්වය ලබා දීම විශේෂ කටයුත්තක් ලෙස සැලකිය හැක.

පරිත්‍යාගශීලී එව්මි සේනාධීර මහත්මිය රණවිරු සේවා අධිකාරියේ සභාපති තුමන්ගේ ලේකම් බ්‍රිගේඩියර් නලින් මැදිවක, ශිෂ්‍යත්ව අංශ ප්‍රධානී සුරේඛා ප්‍රනාන්දු, ඇතුළු කාර්ය මණ්ඩලයේ නිලධාරී මහත්ම මහත්මීන් රණවිරු දූදරුවන් සහ එම දෙමව්පියන් සමගින් මෙම අවස්ථාවට සහභාගි විය.

තව දුරටත්
news image

පරිවාස කාලය අවසන් කළ නිලධාරීන් දසදෙනකු ස්ථිර කෙරේ

පරිවාස කාලය අවසන් කල රණවිරු සේවා අධිකාරියේ දැනට සේවයේ නියුතු නිලධාරී මහත්ම මහත්මීන් දස දෙනෙකු සදහා ස්ථිර පත්වීම් ලබා දීම 2023.07.21 දින පෙ.ව 10.00 ට රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් රණවිරු සේවා අධිකාරියේ රැස්වීම් ශාලාවේදී පැවැත්වීය. සභාපති ලේකම් බ්‍රිගේඩියර් නලින් මැදිවක, එච්.ජේ.තිලකරත්න පරිපාලන නිලධාරි රණවිරු සේවා අධිකාරිය ඇතුළු කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකු මෙම අවස්ථාවට සහභාගි විය. අද දින සේවා ස්ථීරත්වය ලබාගත් පහත නම් සඳහන් අපගේම නිලධාරි මහත්ම මහත්මීන් හට සූභ අනාගතයක් වේවායි සභාපතිතුමන් ඇතුළු සියලුම දෙනා ප්‍රාර්ථනා කර සිටී. දේශයේ ස්වෛරිභාවය උදෙසා සටන් වැදුන රණවිරු පවුල්වල සාමාජිකයන්ගේ සුබසාධනය වෙනුවෙන් තව දුරටත් කටයුතු කිරීමට හැකිවේවා යන්න අපගේ ප්‍රාර්ථනයයි. 1. හර්ෂි ද සිල්වා මිය - සහකාර අධ්‍යක්ෂ(මුල්‍ය) 2. වශිකා ජයසිංහ මිය - ගිණුම් නිලධාරි 3. නදීෂා ඉදුනිල් මිය - ගිණුම් නිලධාරි 4. ෂෙහානි අමරකෝන් මිය - වැඩසටහන් නිලධාරි 5. කසුන් චතුරංග මහතා - වැඩසටහන් නිලධාරි 6. චමිදු ශිරාන් මහතා - වැඩසටහන් නිලධාරි 7. නෙත්මි ගයත් ශ්‍රි මිය - වැඩසටහන් නිලධාරි 8. චාලක නුවන් මහතා- වැඩසටහන් නිලධාරි 9. තරනි නිවර්තිකා මිය - වැඩසටහන් නිලධාරි 10. ගයාන් විජයවික්‍රම මහතා - වැඩසටහන් නිලධාරි

තව දුරටත්
news image

රණවිරු සුබසාධනයේ තවත් ඓතිහාසික පිටුවක් අලුතෙන් ලිය වෙයි

ශ්‍රී ලංකා යුද හමුදාවේ 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අනුයුක්තව පුලියන්කුලම ප්‍රදේශයේ ක්‍රියාන්විත රාජකාරියේ නිරතව සිටියදී 1997 අගෝස්තු මස 21 වන දින ත්‍රස්තවාදීන් විසින් අටවන ලද මර උගුලකට හසු වීමෙන් තම දකුණු අත අහිමි වූ රණවිරු සැරයන් එච්.ජී නෙලුම් කුමාර වෙත කෘත්‍රිම අතක් ලබාදීම රණවිරු සේවා අධිකාරියේදී සිදු කලේය.

රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ විශේෂ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් LN4 කෘත්‍රිම අත් ලබාදීමේ ශ්‍රී ලංකාවේ සන්නාම තානාපති ලෙස කටයුතු කරන කරන මොහාමඩ් සමූන් මහතා විසින් 2023 ජූලි මස 12 වන දින රණක්ෂිතයටපත් රණවිරු නෙලුම් කුමාර මහතා සදහා LN4 වර්ගයේ කෘත්‍රිම අතක් පරිත්‍යාග කිරීම රණවිරු සේවා අධිකාරියේ දී සිදුකරන ලදී.

මීට පෙර අවස්ථාවන් කිහිපයකදීම ක්‍රියාන්විත හේතූන් මත මැණික් කටුව අසලින් එක් අතක් අහිමි වූ රණවිරුවන් සදහා කෘත්‍රිම අත් සකසා දී තිබුණද එම කෘත්‍රිම අත භාවිතයෙන් යමක් සිදුකර ගත නොහැකි අතර එය හුදෙක්ම අතක පෙනුම ලබාගැනීම සදහා භාවි⁣තා කරනු ලබන ආදේශකයක් වශයෙන් පමණක් භාවිතා කරන ලදී. මෙම ඇමරිකාවේ නිෂ්පාදිත LN4 වර්ගයේ නවීන තාක්ෂණයෙන් යුත් කෘත්‍රිම අත අනෙක් අතෙහි ආධාරයෙන් ක්‍රියා කළ හැකිය . මෙම නව කෘත්‍රිම අත මගින් අනෙක් අතෙහි ආධාරයෙන් යමක් අල්ලා ගැනීමට ,රඳවා ගැනීමට සහ ලිවීමට ආදී කටයුතු ස්වාධීන ලෙස කර ගැනීමට හැකියාවක් ඇත. මෙම කෘත්‍රිම අත බරින් ඉතාම අඩු අතර භාවිතයද ඉතාම පහසුවේ. වර්තමානයේ පවතින පුනරුත්ථාපන ක්‍රමවේදයට ඔබ්බෙන් නව තාක්ෂණයෙන් යාවත්කාලීන වුණු ආබාධිත සහයක උපකරණ ලබාදීමේ තවත් එක් පියවරක් වශයෙන් මෙම කෘත්‍රීම අත ලබාදීම සැලකිය හැකිය. උපතින් දකුණත භාවිතා කරන්නෙකු වූ රණවිරු නෙළුම් කුමාර මහතා වර්ෂ 1997 තම අත අහිමි වීමෙන් අනතුරුව වම් අතින් සියලුම වැඩ කටයුතු කිරීම සඳහා ස්වෝත්සාහයෙන් පුරුදු පුහුණු වී ඇත. විසිතුරු මත්ස්‍ය ව්‍යාපාරයක් තම ස්වයං රැකියාව වශයෙන් පවත්වාගෙන යමින් වමතින් සියලුම කටයුතු සිදු කරමින් යතුරු ලියනය සහ අකුරු ලිවීමේ කටයුතු ද තමන්ට නුහුරු වමතින් සිදු කිරීමට පුරුදු වූ මෙම වීරෝදාර රණවිරුවා වසර 25 කට පමණ පසුව නැවතත් මෙම කෘත්‍රීම අත භාවිතයෙන් දකුණු අතින් ලියැවුණු ප්‍රථම අත් අකුර වශයෙන් තම නම පුංචි කඩදාසි කොළයක රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමන් ඉදිරියේදීම සටහන් කරන ලදී. වසර 23ක රණවිරු සේවා අධිකාරියේ සුබසාධන ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් නවීන තාක්ෂණයෙන් සන්නද්ධ, උසස් ප්‍රමිතියෙන් යුත් මෙවැනිම කෘත්‍රීම අත් අවශ්‍ය රණවිරුවන් වෙනුවෙන් අනාගතයේදීත් නොමිලේ සැපයීම සඳහා අප සභාපතිතුමන්ගේ ඉතා සමීප මිතුරෙකු වන මෙම පරිත්‍යාගශීලී මහත්මා එකඟතාවය පළ කරන ලදී. සමස්ත රණවිරු ප්‍රජාවේ අවශ්‍යතාවය හඳුනන යුද්ධයෙන් ඉතා දරුණු ලෙස තුවාල සිදු වූ ජාතියේ පිනට තම ජීවිතය බේරුණු වර්තමාන සභාපතිතුමා විසින් රණවිරු ප්‍රජාව උදෙසා සිදුකරන කාර්යභාරයට ගරු කිරීමක් වශයෙන් මෙවැනි පරිත්‍යාගයන් අනාගතයේ දී තව තවත් සිදු කිරීමට කටයුතු කරන බව පරිත්‍යාගශීලී මහත්මා වැඩිදුරටත් පවසා සිටියේය. ඔබේත්, රටේත් නිදහස වෙනුවෙන් කැප වුනු මෙවැනි උතුම් විරෝධාර රණවිරුවන්ගේ ජීවයට සවියක් වන්නට, මුවගට සිනහවක් ගෙනෙන්නට, ජීවිතය සවි බල ගන්වන්නට අප හා සම්බන්ධ වෙන මෙන් ඉතා ගෞරව පුර්වකව ඉල්ලා සිටිමු.

තව දුරටත්
news image

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් රණවිරු කොඩියට දායකත්වයක්

රණවිරු සේවා අධිකාරිය මගින් ක්‍රියාත්මක අරමුදල් සම්පාදනය කිරීමේ ක්‍රියාදාමයෙහි රණවිරු කොඩි අලෙවියෙහි එක් අවස්ථාවක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් ගීතමානී කරුණාරත්න මහත්මිය වෙත රණවිරු කොඩිය පිළිගැන්වීම පසුගිය දා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු කරන ලදී. රණවිරු සේවා අධිකාරිය සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් තුමිය සහ අතිරේක ලේකම්වරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරුන් ඇතුළු අංශ ප්‍රධානීන් හමුවේ විශේෂ දැනුවත් කිරීමක් රණවිරු සේවා අධිකාරියේ පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂ සහ රාජ්‍ය අංශය වෙත රණවිරු කොඩි අලෙවි කිරීමේ කමිටු ප්‍රධානී චන්දන අබේවර්ධන මහතා විසින් සිදු කලේය. රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමන් නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිළධාරී පාලන හා මානව සම්පත් ලුතිතන් කර්නල් රොහාන් පෙරේරා, මනෝ සමාජීය අංශ ප්‍රධානී නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ලහිරු රාජණායක, ප්‍රසම්පාදන අංශ ප්‍රධානී වශිකා ජයසිංහ ඇතුළු කාර්ය මණ්ඩලයේ නිලධාරී මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් මෙම රණවිරු කොඩිය පැළැදවීම සිදු කරන ලදී.

තව දුරටත්
news image

මාතලේ දිස්ත්‍රික්කයේ රණවිරු අනුස්මරණ වැඩසටහනක්

මාතලේ දිස්ත්‍රික්කයේ, රත්තොට සංසදය හා අඹන්ගගකෝරළේ රණවිරු සංසදය විසින් රණවිරැ අනුස්මරණ දිනයට සමගාමීව දිවිපිදූ හා අතුරැදන් රණවිරැවන් සිහිපත් කරමින් රත්තොට රණවිරු ස්මාරකය අබියසදී විශේෂ රණවිරු සැමරුම් උත්සවයක් සංවිධානය කරනු ලැබීය.

මේ සදහා රත්තොට ගනේතැන්න විහාරාධිපති පූජ්‍යපාද කුරීවෙල සුමංගල හිමි හා වනමන්දා ආශ්‍රම නිර්මාතෘ පූජ්‍යපාද මාතලේ අනෝමදස්සී හිමියන් මූලිකත්වයෙන් දිවිපිදූ රණවිරුවන් සදහා පිං අනුමෝදන් කිරීම හා ශරීරාංග පූජා කර රණවිරුවන් හා සියලුම සංසද සාමාජිකයන් සදහා ආශිර්වාදාත්මක අධිශ්ඨාන පූජාවක් සිදු කරන ලදි.

මාතලේ දිස්ත්‍රික්කයේ වැඩසටහන් නිළධාරිනී තනූජා දර්ශනී මහත්මියගේ සංවිධානයෙන් පැවති මෙම විශේෂ රණවිරු අනුස්මරණ වැඩසටහන සඳහා රත්තොට ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමිය ,රත්තොට ප්‍රාදේශීය ලේකම්තුමිය, රත්තොට පොලිස් ස්ථානාධිපතිවරයා නියෝජනය කරමින් නිලධාරීන්ද, රත්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරුන්ද , සංසද නිලධාරී මණ්ඩලය ඇතුළු සංසද සාමාජිකයන් සම්බන්ධ විය.

තව දුරටත්
news image

අනුරාධපුර දිස්ත්‍රික්කයේ රණවිරු පවුල්වල සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් විශේෂ වෛද්‍ය සායනයක්

"හෙළවිරු සුව ධරණී" ආයුර්වේද සුව සායන වැඩසටහනෙහි අනුරාධපුර දිස්ත්‍රික්කයේ 12 වන වැඩසටහන පසුගිය දා තබුත්තේගම රණවිරු අනුස්මරණ ශාලාවේදී සාර්ථකව පවත්වන ලදී.

ප්‍රතිකාර ලබා ගැනීම සදහා 80 දෙනෙකු පමණ පැමිණ සිටි අතර එම සියලු දෙනාගේම නොමිලේ අක්ෂි පරීක්ෂණයක් ද පවත්වන ලදී.

මේ සදහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ, තබුත්තේගම කොට්ටාශය භාරව කටයුතු කරන ප්‍රජා සෞබ්‍ය වෛද්‍ය නිලධාරීතුමියගේ හා කාර්යමණ්ඩලයේ සහයෝගයත්, ගල්ගමුව ඔප්ටිකල්ස් ආයතනයත් පුර්ණ සහයෝගය ලබා දෙන ලදී.

මෙම වැඩසටහන තබුත්තේගම රණවිරු ප්‍රජාව වෙත පවත්වන දෙවන අවස්ථාව වන අතර, සෑම මසකම 14 වන දින මෙම වැඩසටහන එම ස්ථානයේදීම පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

තව දුරටත්
news image

ගම්පහ දිස්ත්‍රික්කයේ රණවිරු සංසද හමුවක්

රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර විශ්‍රාමික මහතාගේ සංකල්පයට අනුව ක්‍රියාත්මක වන දිස්ත්‍රික් ජංගම වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් පසුගියදා ගම්පහ මහනගර සභාවේදී පැවැත්වීය.

ගම්පහ දිස්ත්‍රික්කය පුරා විසිරී සිටින රණවිරු සංසද නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම වැඩ සටහනේ දී ඔවුන්ගේ ගැටළු නිරාකරණය කිරීම සඳහා අවශ්‍ය විසඳුම් ලබාදීම සිදුකරන ලදී. මෙම වැඩසටහන් මාලාවේ ප්‍රධානම අරමුණ වන්නේ දිවයින පුරා විසිරී සිටින රණවිරු සේවා අධිකාරියට පැමිණීමේ අපහසුතාවන් පවතින රණවිරුවන්ගේ ගැටලු නිරාකරණය කර දීම සඳහා ඔවුන් වෙතට ගොස් අවශ්‍ය සියලු කටයුතු සිදු කිරීමයි.

විද්‍යාත්මකව කරන ලද මනා ඇගයීමකින් පසුව වත්මන් සභාපතිතුමන්ගේ ධූර කාලය තුළදී රණවිරු ප්‍රජාව වෙනුවෙන් සිදු කරනු ලද සුභසාධන කටයුතු සිදුකළ ආකාරය පිළිබඳව සභාපතිතුමා විසින් ගම්පහ දිස්ත්‍රික්කයේ රණවිරුවන් දැනුවත් කරන ලදී.

රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික), සභාපතිතුමන්ගේ ලේකම් බ්‍රිගේඩියර් නලින් මැදිවක ඇතුළු ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ නිලධාරීන් පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂකවරුන්, අංශ ප්‍රධානීන් ඇතුළු වැඩසටහන් නිලධාරීන් කිහිප දෙනෙකු මෙම ජංගම වැඩසටහනට සහභාගි විය.

තව දුරටත්
news image

හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත රණවිරු සංසදය මගින් පවත්වනු ලබන දානමය පිංකම

හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත රණවිරු සංසදය මගින් පවත්වනු ලබන දානමය පිංකම පසුගිය දින සිරි සුනන්දාරාම විහරස්තනයෙදි මහ සඟරුවන උදෙසා පූජා කරන ලදි.

රට ,ජාතිය ,ආගම වෙනුවෙන් දිවිපිදූ ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ හා සිවිල් ආරක්ෂක බලකායේ රණවිරුවන්ට පිංපැමින වීමත් සියලුම ආබාධිත රණවිරුවන්ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම හා මියගිය රණවිරුවන්ගේ දෙමාපියන් සහ බිරින්දෑවරුන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම හා සියලුම රණවිරු පවුල් වල සුජීවත්ව වාසය කරනු ලබන සියලුම දෙනාට සෙත් ප්‍රාර්ථනා සිදු කරමින් බෙලිඅත්ත සිරි සුනන්දාරාම විහරස්තනයෙදි අටපිරිකර සෙසු පිරිකර ඇතුලු මහා සංඝගතදක්ෂිණාවක් සිදු කරන ලදි.

තව දුරටත්
news image

INSEE සිමෙන්ති සමාගම විසින් විරුසර වරප්‍රසාද කාඩ්පත් හිමි රණවිරුවන් සඳහා සහනදායී මිල යටතේ සංස්ථා සිමෙන්ති නිකුත් කිරීම අරඹයි.

මානුෂීය මෙහෙයුමේ දී දිවි පිදූ රණවිරුවන්ගේ ළඟම ඥාතීන්ට, ආබාධිත රණවිරුවන් හා දැනට සේවයේ යෙදී සිටින රණවිරුවන් වෙනුවෙන් සහන මිලක් යටතේ INSEE සිමෙන්ති ලබා ගැනීම සදහා රණවිරු සේවා අධිකාරිය හා INSEE සමාගම විසින් අවබෝධතා ගිවිසුම් සදහා අත්සන් තබන ලදී.

රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ ආරාධනයෙන් INSEE සිමෙන්ති සමාගමේ සභාපති නන්දන ඒකනායක මහතා ඇතුළු එම සමාගමේ නියෝජිතයන් විසින් සංකේතාත්මකව එයට අදාල කූපන් පත් ප්‍රමාණය රණවිරු සේවා අධිකාරියේ විරුසරු කාඩ්පත් අංශ ප්‍රධානී ලුතිතන් කමාන්ඩර් ලංකා අබේසේකර වෙත ප්‍රදානය කිරීම මෙහිදී සිදු විය.

එහීදී මුල් පියවර වශයෙන් සිමෙන්ති බෑග‍් 300 බැඟින් වූ උපරිමයකට යටත්ව දිවයින පුරා විහිදී සිටින රණවිරු පවුල් වෙනුවෙන් සහන මිලට කූපන්පත් ලබා දීම සිදුකරයි.

INSEE සංස්ථා සිමෙන්ති මෙම විශේෂ වරප්‍රසාදය යටතේ රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් ලබාදීමට කටයුතු කරනු ලබයි.

මෙම පහසුකම යටතේ සිමෙන්ති ලබාගැනීමට අවශ්‍ය අයවළුන් හට රණවිරු සේවා අධිකාරියේ ලුතිනන් කොමාන්ඩර් ලංකා අබේසේකර මහතා 0772996980 අමතා තම අවශ්‍යතාවය සපුරා ගැනීමට කටයුතු කළ හැකි බව ඉතා සතුටින් දැනුම් දෙමු.

දේශයේ නිදහස උදෙසා සටන් වැද රණවිරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල් වල නිවාස අවශ්‍යතාවය සපුරා දීමේ අරමුණින් යුතුව රණවිරු සේවා අධිකාරිය රණවිරුවන්ට සහනයක් ලබාදීමේ අරමුණ ඇතිව මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවයි.

රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික), නන්දන අමුණුතුඩුව මහතා අධ්‍යක්ෂ වාණිජ, චන්දන නානායක්කාර මහතා ප්‍රධානී බාහිර සම්බන්ධතා හා ව්‍යාපාර සංවර්ධන, ගයනි පෙරේරා මහත්මිය ප්‍රධානී අලෙවිකරණ, කෝලිත හර්ෂණ මහතා විධායක ව්‍යාපාර සංවර්ධන සහ සත්‍යා ප්‍රේමරත්න සහකාර සන්නාම කළමණාකාර ඇතුළු INSEE සමාගමේ නියෝජිතයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.

තව දුරටත්
news image

සභාපතිතුමන් ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි

රණවිරු සේවා අධිකාරියේ සුබසාධන ව්‍යාපෘතීන් සඳහා පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගුවන් හමුදාධිපති වශයෙන් සමස්ත ගුවන් හමුදාවේම සේවය රණවිරු ප්‍රජාව උදෙසා සපයනු වස් සිදුකරන ලද අප්‍රතිහත සහ අමිල කාර්යභාරය වෙනුවෙන් කෘතගුණ පූර්වක හමු වීමක් ලෙස නුදුරේ දී විශ්‍රාම යෑමට නියමිත වර්තමාන ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ඔහුගේ කාර්යාලයේ දී හමු වී එම සියලූ කටයුතු වෙනුවෙන් ස්තුතිය පළ කිරීමේ විශේෂ හමුවක් රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ සහභාගිත්වයෙන් පසුගියදා සිදුවිය.

ගුවන් හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමට නියමිත වර්තමාන ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා සමස්ත රණවිරු පවුල්වල සුබසාධනය වෙනුවෙන් සිදු කළ සේවය සහ කැපවීම වෙනුවෙන් රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමන් විසින් විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.

මෙහිදී රණවිරු ප්‍රජාව සවිබල ගැන්වීම වෙනුවෙන් සභාපතිතුමා විසින් සිදුකරන ලද සේවය අගයමින් ගුවන් හමුදාධිපති තුමන් විසින් සභාපතිතුමන් වෙත සමරු ඵලකයක් පිළිගැන්වීය.

නුදුරේදි විශ්‍රාම දිවියට පා තබන ගුවන් හමුදාධිපති තුමනි තෙරුවන් සරණින් ඔබගේ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා..

සභාපතිතුමන් ඇතුළු රණවිරු ප්‍රජාවේ සුභාසිංශන..

තව දුරටත්
news image

රණවිරු දරුවන් සදහා ශිෂ්‍යත්ව හතක් ප්‍රදානය කෙරේ

දේශබන්දු ඒ.එම් මුණසිංහ සහ විරත් මුණසිංහ අරමුදල මගින් පරිත්‍යාගශීලී හේමාල් මුණසිංහ මහතාගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් මසකට රුපියල් දස දහසක් බැගින් උසස් පෙළ අධ්‍යාපනය හදාරන රණවිරු දරුවන් 7 දෙනෙකු සඳහා අධ්‍යාපනික ශිෂ්‍යත්ව පිරිනැමීමේ විශේෂ වැඩසටහනක් රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර විශ්‍රාමික මහතාගේ ආරාධනයෙන් අද දින සිදු කෙරිණි.

සභාපතිතුමන් රණවිරු ප්‍රජාව වෙනුවෙන් සිදු කරන ලද සේවය අගය කිරීමක් ලෙස ඔහුගේ කළ්‍යණ මිතුරකු වශයෙන් මෙම වැඩසටහන සඳහා මූල්‍ය දායකත්වය පරිත්‍යාගශීලි හේමාල් මුණසිංහ මහතා විසින් දරන ලදී.

මෙම විශේෂ ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ රණ විරු දරුවන් හය දෙනකු සඳහා උසස් අධ්‍යාපන ප්‍රවේශය ලබා ගැනීමට මාසිකව මූල්‍යමය ආධාර පිරිනැමීම මෙහිදී සිදුවේ. සභාපතිතුමා විසින් කරන ලද විශේෂ ඉල්ලීමකට අනුව ශිෂ්‍යත්ව අංශය මගින් උසස් පෙළ අයදුම්පත්‍ර ලබා දී ඇති රණවිරු දරුවන් අතරින් සාමාන්‍ය පෙළ ඉතා විශිෂ්ට ප්‍රතිඵල ලබා ගත් දරුවන් තෝරා ගැනීම එම පදනම මගින් සිදු කර ඇත.

එමෙන්ම මින් එක් ශිෂ්‍යත්වයක් සරෝජනී මුණසිංහ මහත්මියගේ අනුග්‍රහකත්වයෙන් තම මියගිය පුතණුවන්ට පිං අනුමෝදන් වීම පිණිස එක් දරුවෙකු වෙත ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාවට සහභාගි වූ රණවිරු දූ දරුවන් සහ දෙමව්පියන් සදහා හේමාල් මුණසිංහ මහතාගේ පුද්ගලික අනුග්‍රහයෙන් ගමන් වියදම් සහ දිවා ආහාරය සඳහා මූල්‍ය දායකත්වය ලබා දීම විශේෂ කටයුත්තක් ලෙස සැලකිය හැක.

රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික), සභාපති තුමන්ගේ ලේකම් බ්‍රිගේඩියර් නලින් මැදිවක, ශිෂ්‍යත්ව අංශ ප්‍රධානී සුරේඛා ප්‍රනාන්දු, ඇතුළු කාර්ය මණ්ඩලයේ නිලධාරී මහත්ම මහත්මීන් රණවිරු දූදරුවන් සහ එම දෙමව්පියන් සමගින් මෙම අවස්ථාවට සහභාගි විය.

තව දුරටත්
news image

එව්මි සේනාධීර මහත්මියගෙන් ශිෂ්‍යාධාරයක්

ආසියානු පැරාඔලිම්පික් රන් පදක්කම් බලාපොරොත්තුවට තවත් පියවරක්

රණවිරු සේවා අධිකාරියේ ක්‍රීඩා සංචිතය නියෝජනය කරන බළලත් නිළධාරී II අනිල් ප්‍රසන්න ජයලත් ක්‍රීඩකයා T42 මීටර් 100 දිවීමේ තරඟ ඉසව්ව සඳහා සහභාගී වීමට නියමිතව ඇත. ඔහුගේ පුහුණු වීම් මෙන්ම, අවශ්‍ය විටමින් හා ශක්ති ජනක පානයන් මේ වන විටත් රණවිරු සේවා අධිකාරිය වෙතින් ලබා දෙන අතර පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා දීම සඳහා ද සභාපති තුමාගේ අවධානය යොමු විය.

මෙම රණවිරුවාගේ ක්‍රීඩා කුසලතාවයන් ඔප නැංවීම සඳහා අවශ්‍ය පෝෂ්‍ය දායි ආහාර ලබා ගැනීම වෙනුවෙන් මාසිකව රු. 3,9000.00 ක දීමනාවක් ඔහු වෙත ලබා දීමට රණවිරු සේවා අධිකාරිය කටයුතු කරනු ලබයි. එම ක්‍රීඩා සංවර්ධන වැඩ සටහනේ මාසික පළමු ආහාර දීමනාව ලබා දෙමින් ඔහුගේ ක්‍රීඩා කටයුතු වෙනුවෙන් පිළිගැන්වීමේ විශේෂ සාකච්ඡාවක් රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර විශ්‍රාමික මහතාගේ ප්‍රධානත්වයෙන් 2023 ජූනි මස 16 වන දින පවත්වන ලදී.

තව දුරටත්
news image

ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති තුමන්ගෙන් රණවිරු කොඩියට දායකත්වයක්

රණවිරු සේවා අධිකාරිය මගින් ක්‍රියාත්මක අරමුදල් සම්පාදනය කිරීමේ ක්‍රියාදාමයෙහි රණවිරු කොඩි අලෙවියෙහි එක් අවස්ථාවක් ලෙස ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ආචාර්ය චමීර සී යාපා අබේවර්ධන මහතා වෙත රණවිරු කොඩිය පිළිගැන්වීම පසුගිය දා සිදු කරන ලදී.

රණවිරු සේවා අධිකාරිය සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් පිළිබඳව ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති අධ්‍යක්ෂ මණ්ඩලය සහ අංශ ප්‍රධානීන් හමුවේ විශේෂ දැනුවත් කිරීමක් බස්නාහිර පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂක තුමිය විසින් සිදු කලේය.

රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමන් නියෝජනය කරමින් නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ධම්මිකා ෂෙල්ටන්, නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ලහිරු රාජණායක, කොළඹ දිස්ත්‍රික් වැඩසටහන් නිළධාරිනී, නයනි දාබරේ මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලයේ නිලධාරී මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් මෙම රණවිරු කොඩිය පැළැදවීම සිදු කරන ලදී.

තව දුරටත්
news image

ක්‍රිකට් ක්‍රීඩාව සඳහා සභාපතිතුමන් ගෙන් අත්වැලක්

බුලත්කොහුපිටිය රණවිරු සංසදයේ රණවිරු ක්‍රිකට් ක්‍රීඩක සුරංග විජේරත්න ගේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කර ගැනීම සඳහා රණවිරු සේවා අධිකාරියේ මැදිහත්වීම මත සම්පූර්ණ ක්‍රීඩා කට්ටලයක් ලබා දීම 2023 ජුනි මස 19 වන දින දී රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජනරාල් (විශ්‍රාමික) නන්දන සේනාධීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

දැනට ශ්‍රී ලංකා ආබාධිත ක්‍රිකට් ජාතික කණ්ඩායමේ තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දක්වන රණවිරු සුරංග විජේරත්න හට තවදුරටත් ක්‍රීඩා දක්ෂතා ඔප්නංවා ගැනීම වෙනුවෙන් ඔහුට අවශ්‍ය අංගසම්පූර්ණ ක්‍රීඩා කට්ටලයක් ලබා දීම සඳහා අවශ්‍ය මූලික කටයුතු රණවිරු සේවා අධිකාරියේ ක්‍රීඩා අංශ භාර නිලධාරී මේජර් රනිල් බලගල්ල විසින් සිදු කරන ලදී.

ජාත්‍යන්තර ජයග්‍රහණ මවුබිමට රැගෙන එමින් ශ්‍රී ලාංකේය රණවිරු නාමය ජාත්‍යන්තරයට ගෙන යමින් කෘත ගුණ දක්වන තලයකට රැගෙන යෑම සඳහා වන ශක්තීන් ධෛර්යය ලැබේවායි සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලය ප්‍රාර්ථනා කර සිටිමු.

තව දුරටත්
news image

ඉඩම් සංවර්ධන සංස්ථාවෙන් රණවිරු කොඩියට දායකත්වයක්

රණවිරු සේවා අධිකාරිය මගින් ක්‍රියාත්මක අරමුදල් සම්පාදනය කිරීමේ ක්‍රියාදාමයෙහි රණවිරු කොඩි අලෙවියෙහි තවත් අවස්ථාවක් ලෙස ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන සංස්ථාවේ සභාපති රියර් අද්මිරාල් ඉංජිනේරු හිරාන් බාලසූරිය මහතා වෙත රණවිරු කොඩිය පිළිගැන්වීම පසුගිය දා සිදු කරන ලදී.

ඉඩම් සංවර්ධන සංස්ථාවේ කාර්ය මණ්ඩලය වෙත සහ ඹවුන් හා සම්බන්ධ සැපයුම්කරුවන් හා ඒ අනුබද්ධ ආයතන වෙත රණවිරු කොඩි ප්‍රදානය සඳහා අවස්ථාවක් ලබා ගැනීමද මෙහිදී සිදුවිය.

රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික) මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ නිලධාරී මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් මෙම රණවිරු කොඩිය පැළැදවීම සිදු කලේය.

තව දුරටත්
news image

අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති තුමන්ගෙන් රණවිරු කොඩියට දායකත්වයක්

රණවිරු සේවා අධිකාරිය මගින් ක්‍රියාත්මක අරමුදල් සම්පාදනය කිරීමේ ක්‍රියාදාමයෙහි රණවිරු කොඩි අලෙවියෙහි එක් අවස්ථාවක් ලෙස අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය කින්ග්ස්ලි බර්නාඩ් මහතා වෙත රණවිරු කොඩිය පිළිගැන්වීම පසුගිය දා සිදු කරන ලදී.

රණවිරු ව්‍යවසායකයන් සහ ඔවුන්ගේ නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳ පොළ වෙත ගෙන යාමට අවශ්‍ය අපනයන උපදේශනය ලබා දීමේ මැදිහත්කරුවා වශයෙන් ක්‍රියා කිරීමට අවශ්‍ය ඉදිරි කටයුතු සිදු කිරීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලයේ සහයෝගය ලබා දීමට එකග වන ලදී.

එමෙන්ම දැනට ප්‍රාදේශීය වශයෙන් නිෂ්පාදන කාර්ය සදහා සම්බන්ධව සිටින අපනයනය සදහා උනන්දුවක් දක්වන රණවිරුවන් සඳහා විශේෂ පුහුණු සහ දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාවට නැංවීම සඳහා එකගතාවය පළ කරන ලදී.

රණවිරු සේවා අධිකාරියේ සුබසාධන ව්‍යාපෘතීන් සඳහා අවශ්‍ය ආයතන සහ පරිත්‍යාගශීලීන් සම්බන්ධ කරවීම සඳහා වන සහයෝගය ලබාදීමටද එතුමන් එකග විය.

රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික) මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ නිලධාරී මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් මෙම රණවිරු කොඩිය පැළැදවීම සිදු කරන ලදී.

තව දුරටත්
news image

රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති තුමන්ගෙන් රණවිරු කොඩියට දායකත්වයක්

රණවිරු සේවා අධිකාරිය මගින් ක්‍රියාත්මක අරමුදල් සම්පාදනය කිරීමේ ක්‍රියාදාමයෙහි රණවිරු කොඩි අලෙවියෙහි තවත් එක් අවස්ථාවක් ලෙස රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති බී.එස් ගුණරත්න මහතා වෙත රණවිරු කොඩිය පිළිගැන්වීම 2023 ජුනි මස 12 වන දින සිදු කරන ලදී.

රාජ්‍ය දැව සංස්ථාවේ මානව සම්පත් කලමනාකරණ හා පාලන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරල් එම්.ඒ.සී.එන් සමරසිංහ මහතාගේ සම්බන්ධීකරණය මත පැවැත් වූ මෙම වැඩසටහනේ දී අංශ ප්‍රධානීන් වෙත රණවිරු කොඩිය පළඳා රණවිරු සුබසාධනය සඳහා ඔවුන්ගේ සහයෝගය ලබා ගැනීමට ද අවස්ථාව සලසා ගන්නා ලදී.

රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික) මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ නිලධාරී මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් මෙම රණවිරු කොඩිය පැළැදවීම සිදු කරන ලදී

තව දුරටත්
news image

රණක්ෂිතයට පත් රණවිරුවෙකු සඳහා උසස් තත්වයේ ශ්‍රවණාධාර යුගලක් ලබා දෙයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 2 වන කමාන්ඩෝ රෙජිමේන්තුවට අනුයුක්තව ක්‍රියාන්විත රාජකාරියේ නිරතව සිටිය දී රණක්ෂිතයට පත් මාණ්ඩලික සැරයන් ඩබ්ලිව්.එම්.හේරත් (සෙ/550492) රණවිරුවාගේ ශ්‍රවණාබාධිත තත්ත්වය මග හැර ගැනීම සදහා සහාය වන විද්‍යුත් ආරෝපණය කල හැකි බැටරියකින් සමන්විත නවීන තාක්ෂණයෙන් යුත් ශ්‍රවණාධාර යුගලක් ලබා දීම අද දින රණවිරු සේවා අධිකාරියේ දී සිදුවිය.

මෙම රණවිරුවාගේ ඉල්ලීමකට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් ශ්‍රවණාබාධිත තත්ත්වය සදහා කඩිනමින් ශ්‍රවණාධාර ලබාදීම සදහා රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතා කටයුතු කරන ලදී.

රණවිරු සේවා අධිකාරියේ උප සභාපතිනී සෝනියා කෝට්ටේගොඩ මහත්මිය, අධ්‍යක්ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික), බස්නාහිර පලාත් නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ධම්මිකා ෂෙල්ටන් , පළාත් හා පුනරුත්ථාපන අංශ ප්‍රධානී තුෂාර ජයසිංහ සහ වැඩසටහන් නිලධාරීනී නෙත්මි ගයත් ශ්‍රී යන මහත්ම මහත්මීන් මේ අවස්ථාව සදහා සහභාගීවිය.

තව දුරටත්
news image

අමානා බැංකුවෙන් රණවිරු සුභසාධනයට අත්වැලක්

අමානා බැංකුවේ නියෝජිතයින් ට රණවිරු කොඩිය පිළිගැන්වීම සහ රණවිරු සුබසාධන ව්‍යාපෘතීන් පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක විශ්‍රාමික මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා අමානා සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලයේදී පවත්වන ලදී.

මෙම විශේෂ සාකච්ඡාව සඳහා අමානා බැංකුවේ බැංකු සහ අලෙවිකරණ නියෝජ්‍ය සභාපති සිද්දික් අක්බාර් මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් පිරිසක් සහභාගී වූහ. අමානා බැංකුව විසින් ක්‍රියාවට නගන දෙමව්පියන් අහිමි දරුවන් සඳහා වයස අවුරුදු 18 වන තෙක් රැක බලා ගැනීම සඳහා ක්‍රියාත්මක මූල්‍ය සවිබලකරනය සඳහා වූ ශිෂ්‍යත්ව වැඩසටහනට සඳ හිරුත් දරුවන් සම්බන්ධ කර ගැනීම උදෙසා අවධානය යොමු කලේය.

එමෙන් ම දෙමවුපියන් අහිමි දරුවන් උදෙසා සැලසුම් සහගත මෙම කෘතගුණ පූර්වක සුබසාධන වැඩසටහන ඔස්සේ එම දරුවන්ගේ අනාගත රැකියාවන් සඳහා යොමුවීමට අවශ්‍ය මාර්ගයක් විවර කිරීම සඳහාද අවධානය යොමු කලේය. මෙම විශේෂ මානව සුබසාධන ව්‍යාපෘතීන් සඳහා රණවිරු දරුවන් ඇතුලත් කිරීමට ද එකඟතාවය පළ කරන ලදී.

එමෙන්ම පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා සඳහා රණවිරු දරුවන්ට දොරටු විවෘත කර දීමට අවශ්‍ය ඉදිරි කටයුතු සිදු කිරීමට ද මෙහිදී එකඟ විය.

තව දුරටත්
news image

බෙලිඅත්ත සංසදයෙන් රුක් රෝපණ වැඩසටහනක්

2023 ජුනි 05 දිනට යෙදුන ලෝක පරිසර දිනයට සමගාමීව පවත්වන ලද රුක්රෝපන වැඩසටහනක් බෙලිඅත්ත රණවිරු සංසදයේ රණවිරු ප්‍රජාව එක්ව සංවිධානය කරන ලදී.

මෙහි දී ඇහැල, කුඹුක් පැල 200කට ආසන්න ප්‍රමාණයක් බෙලිඅත්ත ආයුර්වේද පරිශ්‍රයේ හා බෙලිඅත්ත දුම්රිය පොළ යන ස්ථානයයන්හි රුක්රෝපනයක් සිදු කලේය. රුක්රෝපනය සඳහා අවශ්‍ය පැල මධ්‍යම පරිසර අධිකාරිය හා සෙන්ට්‍රල් පිනෑන්ස් සමාගම (හම්බන්තොට) ආයතන මගින් ලබා දුනි.

මේ සඳහා ආයුර්වේද රෝහලේ වෛද්‍යවරුන් හා කාර්යමණ්ඩලය,මධ්‍යම පරිසර අධිකාරියේ දිස්ත්‍රික් නිලධාරී ඒ.පද්මසිරි මහතා,⁣සෙන්ට්‍රල් ප්‍රිනෑස් සමාගමේ ප්‍රාදේශීය කළමනාකරු ඒ.ඩබ්.නවීන් දර්ශන මහතා හා එම නිලධාරීන්,බෙලිඅත්ත පොලීසිය පරිසර ඒකකයේ උප පොලිස් පරීක්ෂක ගාමිණි මහතා හා බෙලිඅත්ත ග්‍රාම සේවා වසමේ ග්‍රාම නිලධාරීතුමිය සම්බන්ධ විය.

තව දුරටත්
news image

සෙනෙහසේ දරුවන් සෙනෙහසින් පොසොන් සමරයි

නාරාහේන්පිට මැනිං ටවුන් කඳවුරු පරිශ්‍රය තුල පිහිටා තිබෙන සෙනෙහස විශේෂ සම්පත් අධ්‍යාපන කේන්ද්‍රය කාර්ය මණ්ඩලයේ සහ දරු දැරියන්ගේ බැතිබර දායකත්වයෙන් සංවිධානය කරන ලද විශේෂ පොසොන් බැති ගී සංදර්ශන සහ කොස් දන්සල 2023 ජුනි මස පළමුවෙනි බ්‍රහස්පතින්දා සවස් කාලයේ දී මැනිං ටවුන් කඳවුරු පරිශ්‍ර ක්‍රීඩා පිටියේ දී පවත්වන ලදී.

රණවිරු සේවා අධිකාරියේ උප සභාපතිනිය මෙන්ම සෙනෙහස අධ්‍යාපන සම්පත් කෙන්ද්‍රයේ ප්‍රධාන අධීක්ෂණ නිළධාරිනී සෝනියා කෝට්ටේගොඩ මහත්මියගේ මගපෙන්වීම යටතේ සෙනෙහස සම්පත් කේන්ද්‍රයේ සේනාවිධායක තුමන්ගේ සංකල්පනාවක් මත කාර්ය මණ්ඩලයේ සියලුම සාමාජිකන්ගේ දායකත්වයෙන් සංවිධානය කර තිබූ මෙම විශේෂ පොසොන් වැඩසටහන සඳහා රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතා ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වන ලදී.

සෙනෙහස සම්පත් කේන්ද්‍රයේ සේනාවිධායක තුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන්, ප්‍රදේශවාසීන් සහ දරු දැරියන්ගේ දෙමව්පියන් මෙම පොසොන් උත්සව අවස්ථාවට සහභාගී විය.

තව දුරටත්
news image

ජාතික සමූපකාර මණ්ඩලයේ සභාපති තුමන්ගෙන් රණවිරු කොඩියට දායකත්වයක්

රණවිරු සේවා අධිකාරිය මගින් ක්‍රියාත්මක අරමුදල් සම්පාදනය කිරීමේ ක්‍රියාදාමයෙහි රණවිරු කොඩි අලෙවියෙහි එක් අවස්ථාවක් ලෙස ජාතික සමුපකාර මණ්ඩලයේ සභාපති පී.ඩී. සරත් වීරසිරි මහතා වෙත රණවිරු කොඩිය පිළිගැන්වීම 2023 මැයි මස 31වන දින සිදු කරන ලදී.

ජාතික සමූපකාර මණ්ඩලය හා සම්බන්ධ ග්‍රාමීය සමූපකාර සමිති හා එහි සාමාජිකයන් හරහා රණවිරු සේවා අධිකාරියේ සුබසාධන ව්‍යාපෘතීන් කෙරෙහි සම්බන්ධ කර ලීමේ කටයුතු ඉදිරියේදී සිදුකිරීමට ද එතුමන් එකඟ වන ලදී.

මේ හරහා රණවිරු සුබසාධනයට අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගැනීම සඳහා අවශ්‍ය වන මැදිහත්වීම ලබාදීමට ද එතුමන් කැමැත්ත පළ කළේය.

දිවයින පුරා විහිදී තිබෙන රණවිරු සංසද 254 සමගින් සමූපකාර සමිතීන් සමග අනුබද්ධ කරමින් රණවිරු ප්‍රජාව වෙත වැඩි ප්‍රතිලාභ අත්කර දීම සඳහා අවශ්‍ය ඉදිරි කටයුතු සිදු කිරීමටද රණවිරු සේවා අධිකාරිය සහ ජාතික සමූපකාර මණ්ඩලය ඒකාබද්ධව ජාතික මට්ටමේ අවබෝධතා ගිවිසුම් යුතුව එම කටයුතු ඉදිරියට ගෙන යෑම සඳහා වන මූලික සාකච්ඡාවක් ද මෙහි දී පැවැත්වීය.

රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික) මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ නිලධාරී මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් මෙම රණවිරු කොඩිය පැළැදවීම සිදු කරන ලදී.

තව දුරටත්
news image

ශ්‍රී ලංකා ධීවර සංස්ථාවේ සභාපති ඩී.වී උපුල් මහතා ගෙන් රණවිරු කොඩියට නිවාසයකින් දායකත්වයක්

රණවිරු සේවා අධිකාරිය මගින් ක්‍රියාත්මක අරමුදල් සම්පාදනය කිරීමේ ක්‍රියාදාමයෙහි රණවිරු කොඩි අලෙවියෙහි එක් අවස්ථාවක් ලෙස ශ්‍රී ලංකා ධීවර සංස්ථාවේ සභාපති ඩී.වී උපුල් මහතා වෙත රණවිරු කොඩිය පිළිගැන්වීම 2023 මැයි මස 30 වැනි දින සිදු කරන ලදී.

ධීවර සංස්ථාව හා සම්බන්ධ ආයෝජකයන් හා සමාගම් රණවිරු සේවා අධිකාරියේ සුබසාධන ව්‍යාපෘතීන් කෙරෙහි සම්බන්ධ කර ලීමේ කටයුතු ඉදිරියේදී සිදුකිරීමට ද එතුමන් එකඟ වන ලදී. මේ හරහා රණවිරු සුබසාධනයට අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගැනීම සඳහා අවශ්‍ය වන මැදිහත්වීම ලබාදීමට ද එතුමන් එකඟතාවය පළ කරන ලදී.

ධීවර සංස්ථාවේ සභාපතිතුමන්ගේ සහ ඔහුගේ මිතුරන් කිහිප දෙනෙකුගේ අනුග්‍රාහකත්වය මත යුද්ධයෙන් රණක්ෂිතයට පත් රණවිරුවෙකු සඳහා නිවසක් පරිත්‍යාග කිරීමට එකඟතාවය පළ කරන ලදී.

රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික) මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ නිලධාරී මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් මෙම රණවිරු කොඩිය පැළැදවීම සිදු කරන ලදී.

තව දුරටත්
news image

නාවික හා ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් තුමන්ගෙන් රණවිරු කොඩියට දායකත්වයක්

රණවිරු සේවා අධිකාරිය මගින් ක්‍රියාත්මක අරමුදල් සම්පාදනය කිරීමේ ක්‍රියාදාමයෙහි රණවිරු කොඩි අලෙවියෙහි එක් අවස්ථාවක් ලෙස වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.ස් රුවන්චන්ද්‍ර මහතා වෙත රණවිරු කොඩිය පිළිගැන්වීම අද දින සිදු කරන ලදී. මෙම හමුවේදී රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂක තුමන් විසින් සිදුකරන ලද විශේෂ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ සැපයුම්කරුවන් හා ඒ හා සම්බන්ධ වන පෞද්ගලික ආයතන සහ ආයෝජකයන් දැනුවත් කරමින් රණවිරු සේවා අධිකාරියේ සුබසාධන ව්‍යාපෘතීන් සඳහා ඔවුන් සම්බන්ධ කරවීමට අවශ්‍ය මැදිහත්වීම සිදු කිරීමට එකඟතාවය පළ කරන ලදී.

රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික) මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ නිලධාරී මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් මෙම රණවිරු කොඩිය පැළැදවීම සිදු කරන ලදී.

තව දුරටත්
news image

රත්නපුර රණවිරු සැමරුම් උත්සවයක් සංවිධානය කෙරේ

වරාය අධිකාරියේ සභාපති තුමන්ගෙන් රණවිරු කොඩියට දායකත්වයක්

රණවිරු සේවා අධිකාරිය මගින් ක්‍රියාත්මක අරමුදල් සම්පාදනය කිරීමේ ක්‍රියාදාමයෙහි රණවිරු කොඩි අලෙවියෙහි එක් අවස්ථාවක් ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත් ද බර්නාඩ් මහතා වෙත රණවිරු කොඩිය පිළිගැන්වීම අද දින (29) සිදු කරන ලදී.

වරාය අධිකාරිය හා සම්බන්ධ ආයෝජකයන් හා සමාගම් රණවිරු සේවා අධිකාරියේ සුබසාධන ව්‍යාපෘතීන් කෙරෙහි සම්බන්ධ කර ලීමේ කටයුතු ඉදිරියේදී සිදුකිරීමට ද එතුමන් එකඟ වන ලදී. මේ හරහා රණවිරු සුබසාධනයට අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගැනීම සඳහා අවශ්‍ය වන මැදිහත්වීම ලබාදීමට ද එතුමන් එකඟතාවය පළ කරන ලදී.

රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික) මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ නිලධාරී මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් මෙම රණවිරු කොඩිය පැළැදවීම සිදු කරන ලදී.

තව දුරටත්
news image

විදේශ කටයුතු අමාත්‍යතුමන්ගෙන් රණවිරු කොඩියට දායකත්වයක්

රණවිරු සේවා අධිකාරිය මගින් ක්‍රියාත්මක අරමුදල් සම්පාදනය කිරීමේ ක්‍රියාදාමයෙහි රණවිරු කොඩි අලෙවියෙහි එක් අවස්ථාවක් ලෙස විදේශ කටයුතු අමාත්‍ය අලී සබ්රි මහතා වෙත රණවිරු කොඩිය පිළිගැන්වීම පසු ගිය දා සිදු කරන ලදී.

රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික) මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ නිලධාරී මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් මෙම රණවිරු කොඩිය පැළැදවීම සිදු කරන ලදී.

එමෙන්ම විදෙස් රාජ්‍යයන් 60ක ව්‍යාප්තව තිබෙන ශ්‍රී ලංකා දූත මෙහෙවර කාර්යාලයන් ඔස්සේ ශ්‍රී විදෙස්ගත ලාංකිකයන්ගේ දායකත්වය අරමුදල් සම්පාදනය කිරීම සඳහා වන අවශ්‍ය ඉදිරි කටයුතු සිදු කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන බව ද අමාත්‍ය තුමන් මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

තව දුරටත්
news image

මුණසිංහ පවුලෙන් රණවිරුවකු සදහා නිවසක්

රණවිරු නාමයට ජාතියේ කෘතගුණ දැක්වීම තේමා කර ගනිමින් රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ සමීපතම මිතුරකුගෙන් සිදු කරන ලද විශේෂ ඉල්ලීමකට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් කොළඹ 07 හි පදිංචි හේමාල් මුණසිංහ මැතිතුමා සහ සරෝජනී මුණසිංහ මැතිණිය විසින් රුපියල් ලක්ෂ 15ක තම පුද්ගලික ධන පරිත්‍යාගයෙන් නිවසක් නොමැති යුද්ධයේදී තුවාල ලබා සිටින එච්.එම් තිලකරත්න රණවිරුවාගේ හිසට සෙවණක් ලබාදෙන්නට අනුග්‍රාහකත්වය දක්වන ලදී.

තවද, රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාට දක්වනු ලබන කෘතගුණ දැක්වීමක් සහ මෙම රණවිරුවා වෙනුවෙන් දක්වන කෘතගුණ පූර්වක උපහාරයක් ලෙස මෙම නිවස ඉදිකිරීමට මූල්‍ය අනුග්‍රාහකත්වය ලබා දීම අද දින රණවිරු සේවා අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේදී සිදු කරන ලදී.

මොරගොල්ලාගම ඉහල නිකවැව සේරුගස්යාය පදිංචි එච්.එම්.තිලකරත්න බංඩාර රණවිරුවාණන් යුධ හමුදාවේ සේවයේ යෙදී සිටියදී 2000.09.03 වන දින අරියාල ප්‍රදේශයේදී ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්ව වම්පාදය දණහිසට ඉහළින් ඉවත් කර ඇති රණවිරුවෙකි. මෙම රණවිරුවා දේශයේ භෞමික අඛණ්ඩතාවය හා ස්වෛරීත්වය වෙනුවෙන් ඉටු කරන ලද සේවය ඇගයීම වස් රණශූර පදක්කමින් පිදුම් ලත් රණශූරයකු බව ගෞරව අභිමානයෙන් යුතුව සදහන් කරමි.

දරුවන් තිදෙනෙකු සහ බිරිඳ සමඟ තමන්ගේ නිවාස සිහිනය ඉටුකර ගැනීමට නොහැකිව දැඩි අපහසුතාවයට පත්ව සිටි මොහොතක නිවසක සිහිනය සැබෑකර දීම උතුම් වූ සත්කාර්යයකි.

එසේම පරිත්‍යාගශිලී මුණසිංහ යුවලගේ මුදලින් රුපියල් ලක්ෂ පහලොවක් පමණ ( රු. 1500,000 ) වටිනා ධන පරිත්‍යාගයෙන් එච්.එම්.තිලකරත්න බංඩාර රණවිරුවා වෙනුවෙන් අංග සම්පූර්ණ නිවසක් ඉදිකිරීමේ මහඟු සත්කාර්යය සදහා රණවිරු සමරුම් මාසය තුළදී දායකත්වය ලබා දීම මහත් වූ ගෞරවයක් බව කෘතවේදීව සිහිපත් කර සිටිමු.

මෙම සත්ක්‍රියාව වෙනුවෙන් සභාපතිතුමන් ඇතුළු රණවිරු සේවා අධිකාරියේ කාර්ය මණ්ඩලය සමස්ත රණවිරු ප්‍රජාව වෙනුවෙන් හේමාල් මුණසිංහ මහතාට සහ සරෝජනී මුණසිංහ මහත්මිය වෙත ගෞරව පූර්වක ස්තුතිය පළකරන්නෙමු.

තව දුරටත්
news image

රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කරමින් ජාතික රණවිරු කොඩිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත පැළඳවීම

රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කරමින් ජාතික රණවිරු කොඩිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත පැළඳවීමෙන් පසු අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායක මැතිතුමා වෙත ද එතුමන්ගේ කාර්යාලයේ දී රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) විසින් පළඳවනු ලැබීය.

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික), රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ, මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික), රණවිරු සේවා අධිකාරියේ සභාපති තුමන්ගේ ලේකම්, බ්‍රිගේඩියර් රෝෂන් තිරිමාන්න මෙම අවස්ථාවට සහභාගී විය.

තව දුරටත්
news image

රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කරමින් ජාතික රණවිරු කොඩිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත පැළඳවීම

රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කරමින් ජාතික රණවිරු කොඩිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත පැළඳවීම අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) විසින් ප්‍රථම රණවිරු සැමරුම් කොඩිය අතිගරු ජනාධිපතිතුමන් වෙත පළඳවනු ලැබීමත් සමඟ රණවිරු සැමරුම් මාසයේ ඇරඹුම සනිටුහන් කරන ලදී.

දශක 03කට අධික කාලයක් පැවති ත්‍රස්තවාදය නිමාකර නිදහස්, නිවහල් දේශයක් වෙනුවෙන් කැපවූ අභීත රණවිරුවන් අනුස්මරණය කරමින් රණවිරු මාසය සැමරේ. එමගින් දේශයේ උත්තරීතර රණවිරුවන් විසින් තම මව්බිමේ භෞමික අඛණ්ඩතාවයත්, ඒකීයභාවයත් සුරැකීම උදෙසා තම ජීවිත පරිත්‍යාගයෙන් සිදුකරන ලද උත්තරීතර කැපකිරීම අනුස්මරණය කරමින් ඔවුන් හට ගෞරව දැක්වීම මෙහි ප්‍රධාන අපේක්ෂාවයි.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායක මැතිතුමා, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික), රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ, මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික), රණවිරු සේවා අධිකාරියේ සභාපති තුමන්ගේ ලේකම්, බ්‍රිගේඩියර් රෝෂන් තිරිමාන්න මෙම අවස්ථාවට සහභාගී විය.

තව දුරටත්
news image

විරුසරු කාඩ් පත සමගින් කැළණි කේබල්ස් එක්වෙයි

විරුසරු කාඩ් පත් හිමි රණවිරු ප්‍රජාව වෙනුවෙන් විශේෂ වෙළද වට්ටම් රුසක් ලබාදීමේ අරමුණින් රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතා සහ කැළණි කේබල්ස් පුද්ගලික සමාගමේ සාමාන්‍ය්‍යාධිකාරී අලෙවි ප්‍රවර්ධන ආචාර්ය අනිල් මුණසිංහ මහතා අතර විශේෂ හමුවක් පසුගිය දා රණවිරු සේවා අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේදී පවත්වන ලදී.

රණවිරු ප්‍රජාවේ නිවාස ඉදිකිරීමේදී අවශ්‍යවන විදුලි රැහැන්, විදුලි බල්බ, හෝල්ඩර්ස්, කේබල්ස්, ස්විච් බෝර්ඩ්ස්, විදුලි පංකා, වයරින් සහ ඒ ආශ්‍රිත ඉදිකිරීම් උපකරණ ඉතාම සහනදායි මිලට ලබා දෙමින් රණවිරුවන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට අතහිත දීම මෙම හමුවේ අරමුණයි.

රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික), සභාපති තුමන්ගේ ලේකම් බ්‍රිගේඩියර් රෝෂන් තිරිමාන්න, විරුසරු කාඩ්පත් අංශය භාර නිලධාරී, ලුතිතන් කමාන්ඩර් ලංකා අබේසේකර සහ කැළණි කේබල්ස් පුද්ගලික සමාගමේ නියෝජිතයකු මෙම අවස්ථාව සඳහා සහභාගී වන ලදී.

තව දුරටත්
news image

රණවිරු දියණියකගේ ක්‍රීඩා කෞශල්‍යය නංවාලීමට අනුග්‍රාහකත්වයක්

පළාත් සහ ජාතික මට්ටමෙන් කරාටේ ක්‍රීඩා ඉසව්වෙන් ජයග්‍රහණ රුසක් හිමිකර ගත් දැනට පොළොන්නරුව ජනාධිපති විද්‍යාලයේ 3 වන වසරේ අධ්‍යාපනය ලබන රණවිරු දියණියක වන දුලානි අනන්‍යා සිල්වා දියණියගේ කරාටේ ක්‍රීඩා කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් කරාටේ ක්‍රීඩාව සඳහා අවශ්‍ය සියලුම ක්‍රීඩා උපකරණ ලබා ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය දායකත්වය ලබා දීමට රණවිරු සේවා අධිකාරිය විසින් කටයුතු කරන ලදී.

රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතා විසින් එම දියණියගේ පියා වන රණවිරු බලලත් නිලධාරි 11 චමින්ද ජයලත් සිල්වා හට මෙයට අදාල චෙක්පත ලබාදීම 2023 අප්‍රේල් මස 20 වන දින රණවිරු සේවා අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේදී සිදුකරන ලදී.

රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික), ක්‍රීඩා සංචිතය භාර නිලධාරී මේජර් රනිල් බලගල්ල මෙම අවස්ථාව සඳහා සහභාගී විය.

තව දුරටත්
news image

සරල ගෘහස්ථ කාර්යාලීය අවුරුදු උත්සවයක් සංවිධානය කෙරේ

2023 සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය සංකේතවත් කරමින් රණවිරු සේවා අධිකාරියේ කාර්ය මණ්ඩලයේ සාමූහිකත්වය වර්ධනය කරමින් ඹවුන්ගේ මානසික අභිප්‍රේරණය සඳහා සංවිධානය කරන ලද විශේෂ ගෘහස්ථ කාර්‍යාලයට ගැලපෙන ආකාරයේ අවුරුදු උත්සවයක් රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ සංකල්පයක් මත පසුගියදා රණවිරු සේවා අධිකාරියේ මූලස්ථාන පරිශ්‍රයේදී ඉතා සාර්ථකව පත්වන ලදී.

සිංහල හින්දු අලුත් අවුරුදු චාරිත්‍රයන්ට මුල්තැන දෙමින් ජන ක්‍රීඩා සහ සිංහල අලුත් අවුරුදු ක්‍රීඩා වලින් සමන්විත වූ මෙම කාර්යාලීය අවුරුදු උත්සවය සදහා රණවිරු සේවා අධිකාරියේ මුදල් වැය කිරීමකින් තොරව අනුග්‍රහක භවතුන්ගේ සහයෝගයෙන් යුතුව පවත්වන ලදි.

රණවිරු සේවා අධිකාරියේ උප සභාපතිනි, සෝනියා කෝට්ටේගොඩ මහත්මිය, අධ්‍යක්ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික), සභාපතිතුමන්ගේ ලේකම් බ්‍රිගේඩියර් රෝෂන් තිරිමාන්න ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන්, අංශ ප්‍රධානීන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් සහභාගි විය.

තව දුරටත්
news image

කාබනික ගෙවතු වගාව පිළිබඳව දිඹුලාගල රණවිරු සංසද සාමාජිකයන් දැනුවත් කෙරේ

රණවිරු සේවා අධිකාරියේ විශ්‍රාමික රණවිරු හා විශේෂ ව්‍යාපෘති අංශයේ සංවිධානයෙන් ක්‍රියාන්විත රාජකාරියේදී රණක්ෂිතයට පත් රණවිරුවන් හා සංසද සාමාජිකයන් යොදවා ගනිමින් කාබනික පොහොර භාවිතය,ගෙවතු වගාව, වී ගොවිතැන නගා සිටවිමේ දීප ව්‍යාප්ත වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක්‌ දිඹුලාගල ප්‍රදේශයේදී 2023 මාර්තු මස 28 දින පවත්වනු ලැබීය.

මෙම වැඩසටහන සදහා දිඹුලාගල ප්‍රදේශයේ රණවිරු සංසද සාමාජිකයන් 30 දෙනෙකු පමණ සහභාගි විය.

පොළොන්නරුව දිස්ත්‍රික් ර්‍ වැඩසටහන් නිලධාරී කසුන් චතුරංග මහතාගේ සංවිධානයෙන් පැවැත්වූ මෙම වැඩසටහන සඳහා රණවිරු සේවා අධිකාරියේ විශේෂ කෘෂි පුහුණු උපදේශක කෝප්‍රල් සුමිත් කුමාර මහතා හා මහවැලි B කලාපයේ දිඹුලාගල ඒකක කළමනාකරු සම්පත් මහාතා, පශු සම්පත් සංවර්ධන සහකාර ඉෂංක දිසානායක මහත්මයාගේ සම්පත් දායකත්වයෙන් මෙම වැඩසටහන සාර්ථකව පැවැත්වීය.

තව දුරටත්
news image

දෙස් විදෙස් පරිත්‍යාගගශීලින්ගෙන් රණවිරු දරුවන් උදෙසා ශිෂ්‍යත්ව පිරිනැමීමක්

රණවිරු සේවා අධිකාරිය විසින් දෙස් විදෙස් පරිත්‍යාගීලින්ගෙන් සිදු කරන ලද විශේෂ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ක්‍රියාන්විත නොවන හේතූන් මත මියගිය යුද, නාවික, ගුවන් සහ පොලිස් දෙපාර්තමේන්තුවට අයත් රණවිරුවන්ගේ දරු දැරියන් දහසය දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනක් රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ සේවා වනිතා ඒකකයන්ගේ සභාපතිනියන්ගේ සහභාගීත්වයෙන් පසුගිය දා රණවිරු සේවා අධිකාරියේ මූලස්ථාන කාර්යාලයේ දී පැවැත්විය.

එක්සත් රාජධානිය පදනම්ව 2007 වසරේ සිට ක්‍රියාත්මක ශ්‍රී ලංකික රණවිරුවන් සහ ඔවුන්ගේ සමීප පවුල්වල සමාජියකයන්ගේ සුභ සාධනය වෙනුවෙන් දැනටත් සක්‍රීයව ක්‍රියාත්මකවන ලියාපදිංචි පුණ්‍ය ආයතනයක් වන "අපේ කාලයේ විරුවන් වෙනුවෙන්" යන පාඨය තේමාව කොටගත් රණවිරු අරමුදල (ව්ව්ව්.රනවිරුෆුන්ඩ්.ඔර්ග්) සහ ඒ හා සම්බන්ධ පරිත්‍යාගශීලින්ගේ දායකත්වය මුලිකකොට ගෙන මෙන්ම ශ්‍රී ලංකාවේ සිටින සරෝජනී මුණසිංහ මහත්මියගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් මෙවර මෙම ශිෂ්‍යත්ව ප්‍රධානය සිදුකෙරිණි.

ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ මියගිය රණවිරුවන්ගේ දූ දරුවන් හට රණවිරු සේවා අධිකාරියේ මාපිය කැපකරු ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ එක් දරුවකුට රුපියල් 5,000 බැගින් දරු දැරියන් දහසය දෙනෙකු සඳහා වසරක කාලයකට යටත්ව මෙම මූලික ශිෂ්‍යත්ව පිරිනැමීම සිදු කෙරිනි.

මෙම ශිෂ්‍යත්ව පිළිගැන්වීමේ වැඩසටහන සඳහා යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය ජානකී ලියනගේ මැතිණිය, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය මාලා ළමාහේවා මැතිණිය, ගුවන් හමුදා සේවා වනිතා සභාපතිනිය චාමිනී පතිරණ මැතිණිය, පොලිස් සේවා වනිතා ඒකකය නියෝජනය කරමින් කාන්තා නියෝජ්‍ය පොලිස්පති ජයන්තා පද්මිණී මැතිණිය ඇතුළු රණවිරු දරු දැරියන් දෙමව්පියන් සහ කාර්යමණ්ඩල සාමාජිකයන් පිරිසක් සහභාගි විය.

රණවිරු අරමුදල සහ විදෙස් පරිත්‍යාගශීලීන් 15 දෙනෙකු නියෝජනය කරමින් එක්සත් රාජධානියේ වෙසෙන නුවන් ඊශ්වර මහතා සහ එම මහත්මිය මෙම අවස්ථාවට සම්බන්ධ වී දූදරුවන් හට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට කටයුතු කරන ලදී.

රණවිරු සේවා අධිකාරියේ උප සභාපතිනිය සහ සෙනෙහස විශේෂ අධ්‍යාපන සම්පත් කේන්ද්‍රයේ ප්‍රධාන අධීක්ෂණ නිළධාරිනී සෝනියා කෝට්ටේගොඩ මහත්මිය, අධ්‍යක්ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික), සභාපතිතුමන්ගේ ලේකම් බ්‍රිගේඩියර් රෝෂන් තිරිමාන්න, මාපිය කැපකරු ශිෂ්‍යත්ව වැඩසටහන් අංශය භාර නිළධාරිනී සුරේඛා ප්‍රනාන්දු මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් මෙම අවස්ථාවට එක් විය.

අපගේ රණවිරු දූදරුවන් 15 දෙනෙකු වෙනුවෙන් මසකට රුපියල් 5,000 බැගින් වූ අධ්‍යාපනික ශිෂ්‍යත්ව විදෙස් ගත පරිත්‍යාගශීලීන්ගේ ශ්‍රම හා මූල්‍ය දායකත්වය මත ගොඩනැගී ඇති රණවිරු අරමුදල (ර්‍අනවිරු Fඋන්ඩ්), රණවිරු අරමුදලේ සියළුම පරිත්‍යාගශීලීන් සහ පහත නම් සඳහන් පරිත්‍යාගශීලීන් හට අපගේ විශේෂ ස්තුතිය පිරිනමමු.

වෛද්‍ය උදිත බෝපිටිය ආචාර්ය ශානිකා හේවගේ ආචාර්ය සුනිල් සිරිවර්ධන නන්දික ලියනගේ මහතා ආචාර්ය අසුන්ත එල්ලාවල ධම්මිකා රණසිංහ මහත්මිය වෛද්‍ය උපක සංජීව වෛද්‍ය සුභාශිනී වැන්දබෝනා නුවන් ඊශ්වර මහතා චරිත අමදෝරු මහතා අනුරුද්ධිකා ප්‍රනාන්දු මහත්මිය

තව දුරටත්
news image

මඩකලපුව දිස්ත්‍රික්කයේ රණවිරු සංසද හමුවක්

රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ සංකල්පයට අනුව ක්‍රියාත්මක වන දිස්ත්‍රික් ජංගම වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් පසුගියදා මඩකලපුවේදී පැවැත්වීය.

මඩකලපුව දිස්ත්‍රික්කය පුරා විසිරී සිටින රණවිරු සංසද නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම වැඩ සටහනේ දී ඔවුන්ගේ ගැටළු නිරාකරණය කිරීම සඳහා අවශ්‍ය විසඳුම් ලබාදීම සිදුකරන ලදී.

මෙම වැඩසටහන් මාලාවේ ප්‍රධානම අරමුණ වන්නේ දිවයින පුරා විසිරී සිටින රණවිරු සේවා අධිකාරියට පැමිණීමේ අපහසුතාවන් පවතින රණවිරුවන්ගේ ගැටලු නිරාකරණය කර දීම සඳහා ඔවුන් වෙතට ගොස් අවශ්‍ය සියලු කටයුතු සිදු කිරීමයි.

රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික), සභාපතිතුමන්ගේ ලේකම් බ්‍රිගේඩියර් රෝෂන් තිරිමාන්න ඇතුළු ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ නිලධාරීන්, මඩකළපුව දිස්ත්‍රික් රාජ්‍ය නිලධාරීන්, පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂකවරුන්, අංශ ප්‍රධානීන් ඇතුළු වැඩසටහන් නිලධාරීන් කිහිප දෙනෙකු මෙම ජංගම වැඩසටහට සහභාගි විය.

තව දුරටත්
news image

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ රණවිරු සංසද හමුවක්

රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර විශ්‍රාමික මහතාගේ සංකල්පයට අනුව ක්‍රියාත්මක වන දිස්ත්‍රික් ජංගම වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් පසුගියදා ත්‍රීකුණාමලයේදී පැවැත්වීය.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය පුරා විසිරී සිටින රණවිරු සංසද නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම වැඩ සටහනේ දී ඔවුන්ගේ ගැටළු නිරාකරණය කිරීම සඳහා අවශ්‍ය විසඳුම් ලබාදීම සිදුකරන ලදී.

මෙම වැඩසටහන් මාලාවේ ප්‍රධානම අරමුණ වන්නේ දිවයින පුරා විසිරී සිටින රණවිරු සේවා අධිකාරියට පැමිණීමේ අපහසුතාවන් පවතින රණවිරුවන්ගේ ගැටලු නිරාකරණය කර දීම සඳහා ඔවුන් වෙතට ගොස් අවශ්‍ය සියලු කටයුතු සිදු කිරීමයි.

ත්‍රිකුණාමලය දිසාපති, බී.එච්.එන් ජයවික්‍රම, රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික), සභාපතිතුමන්ගේ ලේකම් බ්‍රිගේඩියර් රෝෂන් තිරිමාන්න ඇතුළු ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ නිලධාරීන් පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂකවරුන්, අංශ ප්‍රධානීන් ඇතුළු වැඩසටහන් නිලධාරීන් කිහිප දෙනෙකු මෙම ජංගම වැඩසටහට සහභාගි විය.

තව දුරටත්
news image

ගල්නෑව රණවිරු ප්‍රජාව වෙත වෛද්‍ය සායනයක්

අනුරාධපුර දිස්ත්‍රික්කයේ හෙළ විරු සුව ධරණි වෛද්‍ය සායනයේ පස්වන වැඩසටහන ගල්නෑව රණවිරු සංසදයේ සංවිධානයෙන් ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පවත්වන්නට යෙදුණි.

මේ සඳහා ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිනියන් දෙපලක් ද අනුරාධපුර දිස්ත්‍රික්කය භාරව කටයුතු කරන ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ආනන්ද සමරනායක මැතිතුමාගේ සහභාගිත්වය ද සිදුවිය.

මීට සමගාමීව සායනයට පැමිණ සිටි සියලු දෙනාගේ අක්ෂි පරීක්ෂණයක්ද සිදුකරන ලද අතර පරීක්ෂණ වාර්තා ද නිකුත් කරන ලදී.

ගල්නෑව රණවිරු සංසදයේ ගරු ලේකම් ශාමලී මහත්මිය විසින් තම පුතණුවන් ගේ ජන්ම දිනය නිමිති කොටගෙන වෛද්‍ය සායනය සඳහා පැමිණ සිටි සියලු දෙනා සඳහා දිවා ආහාරය පිරිනමන ලදී.

තව දුරටත්
news image

දෙහිඅත්තකණ්ඩියට රණවිරු ස්මාරකයක්

දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ ජීවත්ව සිටින යුද්ධයෙන් මියගිය රණවිරුවන් සිහි කිරීම සඳහා එම රණවිරු පවුල්වල දායකත්වයෙන් සහ ප්‍රදේශයේ දානපතියන්ගේ මුල්‍ය පරිත්‍යාගයෙන් ඉදිකරන ලද රණවිරු ස්මාරකය විවෘත කිරීම රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා දෙහිඅත්තකන්ඩිය නගරයේ දී පැවැත්විය.

දෙහිඅත්තකණ්ඩිය රණවිරු සංසද වල ආරාධනයෙන් පැවති මෙම වැඩසටහන සඳහා ගරුතර මහා සංඝරත්නය, රණවිරු සේවා අධිකාරියේ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, දේශපාලන අධිකාරිය නියෝජනය කරන නියෝජිතයන්, පරිත්‍යාගශීලින් මෙන්ම ප්‍රදේශවාසීන් පිරිසක් සහභාගි විය.

තව දුරටත්
news image

රණවිරු පවුල් දෙකක් සදහා කෑගල්ලෙන් ඉඩම් ලබා දෙයි

ඉඩම් නොමැති රණවිරු පවුල් දෙකක් සඳහා කෑගල්ල දිස්ත්‍රික්කයේ මංගලම ප්‍රදේශයේ පිහිටි පර්චස් 10ට ආසන්න ඉඩම් කැබලි දෙකක් සඳහා ඔප්පු අත්සන් කිරීමේ මූලික වැඩසටහනක් රණවිරු සේවා අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේදී 2023 මාර්තු මස 9 වන දින පවත්වන ලදී.

ඉඩම් නොමැති රණවිරුවන් වෙත ලබාදීම සඳහා කෑගල්ල ප්‍රදේශයේ පදිංචි පරිත්‍යාගශීලියකු වන ඩබ්.කේ රණවන මහතා විසින් තෑගි ඔප්පුවකින් රණවිරු සේවා අධිකාරිය වෙත පරිත්‍යාග කරන ලද පර්චස් 10.8 ක සහ පර්චස් 8.8 ක ඉඩම් කොටස් දෙක ශ්‍රීලංකා යුද්ධ හමුදාවේ ආබාධිත රණවිරු ප්‍රසන්න මංජුල රාජපක්ෂ සහ කංකානම් ගමගේ සෝමරත්න යන මහත්වරුන් වෙත ලබා දීම සිදු කරන ලදී.

මෙම ඉඩම් කැබලි සඳහා වන නිත්‍යානුකූල අයිතිය පැවරීම සඳහා රණවිරු සේවා අධිකාරියේ මැදිහත්වීම මත ශ්‍රී ලංකා යුද හමුදාවේ නීති සේවා අධ්‍යක්ෂක මණ්ඩලයේ සහාය ඇතිව ඉහත සඳහන් රණවිරු පවුල් දෙක සඳහා ඔප්පු අත්සන් කිරීම රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.

රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමන් විසින් මෙම ඔප්පු නිළ වශයෙන් අත්සන යොදා සහතික කරන ලදී.

රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂක තුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ නිලධාරීන්, යුද හමුදා නීති සේවා අධ්‍යක්ෂ මණ්ඩලයේ නිලධාරීන් සහ රණවිරු පවුල්වල සාමාජිකයන් කීප දෙනෙකු මෙම අවස්ථාව සදහා සහභාගී වන ලදී.

තව දුරටත්
news image

"ජාතික රණවිරු සැමරුම -2023" අභිමානවත්ව සැමරීම සඳහා මූලික සැලසුම් සකස් කෙරේ"

රණවිරු සේවා අධිකාරිය මගින් සංවිධානය කරනු ලබන "ජාතික රණවිරු සැමරුම -2023" අභිමානවත්ව පැවැත්වීම සඳහා අවශ්‍ය මූලික කටයුතු පිළිබඳ සාකච්ඡාවක් පසුගියදා රණවිරු සේවා අධිකාරියේ සභාපති, මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබීය.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය, ත්‍රිවිධ හමුදාව පොලීසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතිව ආරක්ෂක අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ දාහතර වන ජාතික රණවිරු සැමරුම සාර්ථකව සිදුකිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම මෙහි දී සිදු විය.

රණව්රු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ, මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික), සභාපති ලේකම්, බ්‍රිගේඩියර් රෝෂන් තිරිමාන්න, රණව්රු සේවා අධිකාරියේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්, මෙම විශේෂ සාකච්ඡාව සඳහා සහභාගි විය.

තව දුරටත්
news image

රන් පදක්කම් ලාභී අනිල් ප්‍රසන්න සභාපතිතුමන් හමුවෙයි

රණවිරු අනිල් ප්‍රසන්න පැරා ඔලිම්පික් පදක්කමක් අභියස

රණවිරු සේවා අධිකාරියේ ක්‍රීඩා සංචිතය නියෝජනය කරන රණවිරු සාජන් මේජර් අනිල් ප්‍රසන්න ජයලත් T 42 කාණ්ඩය නියෝජනය කරමින් 2023 පෙබරවාරි මස 28 වැනි දින ඩුබායිහි දී පැවැත්වූ Grand Prix මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 තරග ඉසව්ව සඳහා සහභාගීවී ප්‍රථම ස්ථානය දිනා ගනිමින් එහි රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතා ඇතුළු කාර්ය මණ්ඩලය සමස්ත රණවිරු ප්‍රජාව වෙනුවෙන් රණවිරු අනිල් ප්‍රසන්න ජයලත් හට උණුසුම් සුබාසිංශන පිරිනමන්නෙමු.

එමෙන්ම මීළග පැරා ඔලිම්පික් තරගාවලිය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පදක්කමක් දිනා ගනිමින් කීර්තියක් අත් කර දීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් සැපයීම සඳහා රණවිරු සේවා අධිකාරියේ ක්‍රීඩා සංචිතය කටයුතු කරන බව අවිවාදයෙන් සදහන් කරමු.

තව දුරටත්
news image

නුවරඑළිය, බදුල්ල සහ මොණරාගල ජංගම වැඩසටහන් පිළිබඳව පසුවිපරමක් සිදු කෙරේ

රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ සංකල්පයකට අනුව දිවයින පුරා විසිරී සිටින රණවිරුවන් වෙනුවෙන් පවත්වන ලද දිස්ත්‍රික් රණවිරු සේවා ජංගම වැඩසටහන් පිළිබඳව පසුවිපරමක් සිදු කිරීමේ විශේෂ සාකච්ඡාවක් 2023 පෙබරවාරි මස 28 වන දින රණවිරු සේවා අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ දී පවත්වන ලදී.

රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම පසුවිපරම් සාකච්ඡාවේදී රණවිරුවන් විසින් ඉදිරිපත් කරන ලද ගැටළු වෙනුවෙන් ලබා දෙන ලද විසදුම් පිළිබඳව පසුවිපරමක් සභාපති තුමන්ගේ ලේකම් බ්‍රිගේඩියර් රෝෂන් තිරිමාන්න මහතාගේද සහභාගීත්වයෙන් යුතුව සිදු කලේය.

මෙම වැඩසටහන සඳහා සම්බන්ධ වූ ත්‍රිවිධ හමුදා නිලධාරීන්, අංශ ප්‍රධානීන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.

තව දුරටත්
news image

මොණරාගල දිස්ත්‍රික්කයේ රණවිරු සංසදය හමුවක්

රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර විශ්‍රාමික මහතාගේ සංකල්පයට අනුව ක්‍රියාත්මක වන දිස්ත්‍රික් ජංගම වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් පසුගියදා මොණරාගලදී පැවැත්වීය.

මොණරාගල දිස්ත්‍රික්කය පුරා විසිරී සිටින රණවිරු සංසදය නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම වැඩ සටහනේ දී ඔවුන්ගේ ගැටළු නිරාකරණය කිරීම සඳහා අවශ්‍ය විසඳුම් ලබාදීම සිදුකරන ලදී. එමෙන්ම සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලය වෙත තම ගැටළු සියලු දෙනා ඉදිරියේ ඉදිරිපත් කිරීම සඳහා වන අවකාශයන් සැලසීම ද සිදු කරන ලදී.

මෙම වැඩසටහන් මාලාවේ ප්‍රධානම අරමුණ වන්නේ දිවයින පුරා විසිරී සිටින රණවිරු සේවා අධිකාරියට පැමිණීමේ අපහසුතාවන් පවතින රණවිරුවන් ඔවුන්ගේ ගැටලු නිරාකරණය කර දීම සඳහා ඔවුන් වෙතට ගොස් අවශ්‍ය සියලු කටයුතු සිදු කිරීමයි.

රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික), සභාපතිතුමන්ගේ ලේකම් බ්‍රිගේඩියර් රෝෂන් තිරිමාන්න ඇතුළු ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ නිලධාරීන් පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂකවරුන්, අංශ ප්‍රධානීන් ඇතුළු වැඩසටහන් නිලධාරීන් කිහිප දෙනෙකු මෙම ජංගම වැඩසටහට සහභාගි විය.

තව දුරටත්
news image

මඩකලපුව දිස්ත්‍රික්කයේ රණවිරුවන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක්

මඩකලපුව දිස්ත්‍රික්කයේ රණක්ෂිතයට පත් රණවිරුවන් හා දිවිපිදු රණවිරු පවුල් සාමාජිකයන් මුහුණ දෙන ගැටළු පිළිබඳව සාකච්ඡාකිරීමේ විශේෂ වැඩසටහනක් පසුගියදා මඩකලපුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්‍යාලය පරිශ්‍ර ශ්‍රවණාගාරයේදී පැවැත්වීය.

මෙහිදී රණවිරු ප්‍රජාව මුහුණ දෙන ගැටළු පිළිබඳව සාකච්ඡාවට ගැනුණු අතර ඇතැම් ගැටළු සදහා එම අවස්ථාවේදීම විසදුම් ලබා දෙන ලදී.

ත්‍රිකුණාමලය හා මඩකලපුව දිස්ත්‍රික් වැඩසටහන් නිලධාරී චමත් අනුපම ලියනගේ මහතාගේ සහ නැගෙනහිර පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂ ගුණදාස හේමචන්ද්‍ර මහතාගේ සංවිධානයෙන් පැවැත්වූ මෙම වැඩසටහන සඳහා රණවිරු පවුල් 75 ක් පමණ සහ මඩකලපුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි L.R කුමාරසිරි මහතාද සහභාගි විය.

තව දුරටත්
news image

දේශීය ඖෂධ රුක් රෝපණ වැඩසටහනක් ඉපලෝගම රණවිරු ගම්මානයට

ඉපලෝගම රණජයපුර රණවිරු ගම්මානයේ සාමාජිකයන් වෙනුවෙන් දේශීය ආයුර්වේද සෞඛ්‍ය සේවය නගා සිටුවීම, ඖෂධ පැළ ගෙවතු වගාවක් ලෙස ප්‍රවර්ධනය කිරිම හා ඒවා ආර්ථික බෝගයක් ලෙස ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් දිවයිනේ රණව්රු ගම්මාන ආශ්‍රිතව ඖෂධ පැල රෝපණය ව්‍යාප්ත කිරීමේ ජාතික වැඩසටහනේ සමාරම්භය ඉපලෝගම රණජයපුර රණවිරු ගම්මානයේ විහාරස්ථානයේ පුජා භූමියේදී සිදු කරන ලදී.

අනුරාධපුර දිස්ත්‍රික් වැඩසටහන් නිලධාරී කේ.ජී.එච්.නෙළුම් මහත්මියගේ සංවිධානයෙන් පැවති මෙම දේශීය ඖෂධ රුක් රෝපණ වැඩසටහන සඳහා රණවිරු සේවා අධිකාරියේ පළාත් හා පුනරුත්ථාපන අංශයේ අංශ ප්‍රධානි, උතුරු මැද පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂ, තුෂාර ජයසිංහ මහතා සහ අනුරාධපුර ප්‍රජා සෞඛ්‍ය ප්‍රවර්ධන සේවයේ දිස්ත්‍රික් අධ්‍යක්ෂ ආනන්ද සමරනායක මහතා ප්‍රධාන ආරාධිතයන් ලෙස එක්වන ලදී.

තව දුරටත්
news image

වස විසෙන් තොර ගොවිතැන පිළිබඳව ගලේවෙල රණවිරුවන් හා සංසද සාමාජිකයන් දැනුවත් කෙරේ.

රණවිරු සේවා අධිකාරියේ විශ්‍රාමික රණවිරු හා විශේෂ ව්‍යාපෘති අංශයේ ක්‍රියාන්විත රාජකාරියේදී රණක්ෂිතයට පත් රණවිරුවන් හා සංසද සාමාජිකයන් යොදවා ගනිමින් කාබනික පොහොර භාවිතය,ගෙවතු වගාව, වී ගොවිතැන නගා සිටවිමේ දීප ව්‍යාප්ත වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක්‌ ගලේවෙල දමුණුමුල්ල ප්‍රදේශයේදී පවත්වනු ලැබීය.

මෙම වැඩසටහන සදහා රණවිරු සංසද සාමාජිකයන් 30දෙනෙකු පමණ සහභාගි විය.

මෙම වැඩසටහන සඳහා රණවිරු සේවා අධිකාරියේ විශේෂ කෘෂි පුහුණු උපදේශක කෝප්‍රල් සුමිත් කුමාර මහතා හා ගලේවෙල කලාප කෘෂි නිලධාරී චාමර ඒකනායක මහත්මයාගේ සම්පත් දායකත්වයෙන් මෙම වැඩසටහන සාර්ථකව පැවැත්වීය.

තව දුරටත්
news image

මහවැව රණවිරු සංසදයෙන් සමාජ සත්කාරයක්

මහවැව රණවිරු සංසදය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන දානමය පිංකමක් පසුගිය දා මහවැව සිවිරාජ ළමා නිවාසයට ලබා දීම සිදුකරන ලදී.

පුත්තලම දිස්ත්‍රික් වැඩසටහන් නිලධාරිනී මනෝරි කුමාරි මහත්මියගේ සංවිධානයෙන් පැවැත්වූ මෙම සමාජ සත්කාර වැඩසටහන සඳහා මහවැව රණවිරු සංසද සාමාජිකයන් සහ රණවිරු දු දරුවන් පිරිසක් සහභාගි විය.

දේශයේ ඒකීයභාවය වෙනුවෙන් සටන් වැද දිවිදුන් රණවිරු පවුල්වල සාමාජිකයන් සහ යුද්ධයෙන් රණක්ෂිතයට පත්ව නිවෙස් වලට වී ප්‍රතිකාර ලබන රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් විසින් තම සටන් සගයන් සිහි කරමින් ඔවුන්ට පින් අනුමෝදන් කරමින් සහ නිරෝගී සුවය පතමින් පැවැත්වූ මෙම පුණ්‍යමය වැඩසටහන සඳහා එම රණවිරු සමාජිකයන්ගේ පෞද්ගලික මුදල් යොදවා සිදු කිරීම විශේෂත්වයකි.

තව දුරටත්
news image

අනිල් ප්‍රසන්න නැවතත් ජාත්‍යන්තර තරග බිමට

රණවිරු සේවා අධිකාරියේ ක්‍රීඩා සංචිතය නියෝජනය කරන රණවිරු සාජන් මේජර් අනිල් ප්‍රසන්න ජයලත් T 42 කාණ්ඩය නියෝජනය කරමින් 2023 පෙබරවාරි මස 23 වැනි දින ඩුබායිහි පැවැත්වීමට නියමිත Grandfix මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 තරග ඉසව්ව සඳහා සහභාගීවීමට ප්‍රථම රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතා හමුවී තමන්ගේ පුහුණුවීම් කටයුතු වල ප්‍රගතිය පිළිබඳ කරුණු පැහැදිලි කළේය.

මෙහිදී සභාපතිතුමන්ගේ උණුසුම් සුබාසිංශන මධ්‍යයේ රණවිරු අනිල් ප්‍රසන්න ජයලත් හට තරග ජයග්‍රහණය සඳහා අවශ්‍ය ශක්ති ජනක පානයන් සහ විටමින් වර්ග ලබා දීමක් රණවිරු සේවා අධිකාරියේ ක්‍රීඩා සංචිතය භාර නිලධාරී මේජර් රනිල් බලගල්ල මහතාගේ සම්බන්ධීකරණයෙන් සිදු කරන ලදී.

මෙම අවස්ථාවට සමගාමීව රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික) මහතා හමුවී පුහුණු කටයුතුවල ප්‍රගතිය පිළිබඳව දැනුවත් කිරීම සිදු කරන ලදී.

තව දුරටත්
news image

අනුරාධපුර දිස්ත්‍රික්කයේ රණවිරු ගම්මාන සදහා ක්‍රීඩා භාණ්ඩ බෙදාදීමක් හා ආබාධිත සහායක උපකරණ බෙදා දීමක්

නුවරඑළිය දිස්ත්‍රික්කයේ රණවිරු ගැටළු විසඳීමට ජංගම වැඩසටහනක්

රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ සංකල්පයකට අනුව දිවයිනේ දිස්ත්‍රික් මට්ටමෙන් රණවිරුවන් වෙත ගොස් ඔවුන්ගේ ගැටළු සොයා බලා ඒ සඳහා එකම ස්ථානයකදී පිළිතුරු සැපයීමේ ජංගම වැඩසටහන් මාලාවේ පස්වන වැඩසටහන පසුගියදා නුවරඑළිය දිස්ත්‍රික්ක ලේකම් කාර්යාල ශාලාවේදී රණවිරු සංසද නියෝජිතයන් 100 කට ආසන්න පිරිසකගේ සහභාගිත්වයෙන් සාර්ථකව පැවැත්වීය.

මෙම විශේෂ ජංගම රණවිරු සුබසාධන වැඩසටහනේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ රණවිරු සංසද සාමාජිකයන් මුහුණ දෙන ගැටලු දීර්ඝ වශයෙන් සාකච්ඡාවට භාජනය කරන ලද අතර ඒවාට විසඳුම් ලබා දීම ද සිදු කරන ලදී.
රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික), සභාපති තුමන්ගේ ලේකම් බ්‍රිගේඩියර් රෝෂන් තිරිමාන්න, පළාත් හා විශේෂ ව්‍යාපෘති අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තුෂාර ජයසිංහ, මධ්‍යම පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂ කේ. ටී. එක් කමල්සිරි, නුවරඑළිය දිස්ත්‍රික්කයේ වැඩසටහන් නිලධාරිනී අජන්තා කුමාරි ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන්, අංශ ප්‍රධානීන් සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.

තව දුරටත්
news image

රණවිරු ජංගම සේවා වැඩසටහන් පිළිබඳව පසුවිපරමක් සිදු කෙරේ

රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ සංකල්පයකට අනුව දිවයින පුරා විසිරී සිටින රණවිරුවන් වෙනුවෙන් පවත්වන ලද දිස්ත්‍රික් රණවිරු සේවා ජංගම වැඩසටහන් පිළිබඳව පසුවිපරමක් සිදු කිරීමේ විශේෂ සාකච්ඡාවක් අද දින රණවිරු සේවා අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ දී පවත්වන ලදී.

රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම පසුවිපරම් සාකච්ඡාවේදී රණවිරුවන් විසින් ඉදිරිපත් කරන ලද ගැටළු වෙනුවෙන් ලබා දෙන ලද විසදුම් පිළිබඳව පසුවිපරමක් සභාපති තුමන්ගේ ලේකම් බ්‍රිගේඩියර් රෝෂන් තිරිමාන්න මහතාගේද සහභාගීත්වයෙන් යුතුව සිදු කලේය.

මෙම වැඩසටහන සඳහා සම්බන්ධ වූ ත්‍රිවිධ හමුදා නිලධාරීන්, අංශ ප්‍රධානීන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.

තව දුරටත්
news image

රණවිරු ප්‍රජාව වෘත්තීය නිපුණතාවයෙන් සවිබල ගැන්වීමට තරුණ සේවා සභාව එක්වේ

දේශිය හා විදේශිය වශයෙන් වෘත්තීය නිපුණතාවයෙන් යුතු රණවිරු තරුණ ප්‍රජාවක් බිහිකිරීම අරමුණු කොට ගෙන රණවිරු සේවා අධිකාරිය සහ ජාතික තරුණ සේවා සභාව එක්ව සංවිධානය කිරීමට අපේක්ෂා කරනු ලබන ජාතික වැඩසටහන් මාලාවක සැලසුම් සකස් කිරීමේ මූලික සාකච්ඡාවක් මහරගම පිහිටි ජාතික තරුණ සේවා සභාවේ දී පසුගිය දා පැවැත්වීය.

මෙම සාකච්ඡාවේ දී අ.පො.ස සා/පෙළ සහ අ.පො.ස උ/පෙළ අවසන් වී නිවෙස් ගතව සිටින තරුණ රණවිරු දූ දරුවන් ඇතුළු රණවිරු ඥාතීන්ගේ දැනුම, කුසලතා, ආකල්ප ගොඩනංවාලමින් රට දැයට ඵලදායි පුරවැසියන් බවට පත්කිරිමේ අරමුණ ඇතිව ඉදිරියේදී ඒකාබද්ධ වැඩසටහන් පැවැත්වීමට සැලසුම් කරන ලදී.

රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමන්ගේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් පහත සඳහන් ව්‍යාපෘතීන් ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය ඉදිරි කටයුතු සිදු කිරීම සඳහා ජාතික තරුණ සේවා සභාවේ සභාපතිතුමන් එකගතාවය පළ කරන ලදී. වෘත්තීය මාර්ගෝපදේශන වැඩමුළු පැවැත්වීම,නායකත්ව, ආකල්ප සහ මානසික සංවර්ධන වැඩමුළු පැවැත්වීම, ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන් පැවැත්වීම, මූල්‍ය පහසුකම් සහ වෙළදපල හදුනාගැනීම සදහා මග පෙන්විම සහ දීප ව්‍යාප්තව තරුණ සේවා සභාව මගින් පවත්වනු ලබන නේවාසික පාඨමාලා සඳහා තෝරා ගැනීමේදී 5% ක ප්‍රතිශතයක් රණවිරු පවුල් වෙත ලබාදීමට එකඟ වන ලදී. විදේශිය වෘත්තීය රැකියා කේන්ද්‍ර කර ගනිමින් ඊට අදාළ පාඨමාලාවන් සදහා යොමු කිරීමේ දී මෙයට සමගාමීව ජපානයේ රජය මගින් ලබාදෙන රැකියා අවස්ථා සඳහා තරුණ සේවා සභාව වෙත හිමි වන සියයට තුනක ප්‍රතිශතයෙන් 1% ක් රණවිරු ප්‍රජාව වෙත ලබාදීම සඳහා එකඟතාවය පළ කළේය.

තව ද ආර්ථික අභියෝග හමුවේ අනාගත සැලසුම් සහිත නිපුණතාවයන් වර්ධනය වන පාඨමාලා සදහා රණවිරු දූ දරුවන් යොමු කොට ළුලදායි තරුණ ප්‍රජාවක් බිහි කිරිම මෙහි ප්‍රධාන අරමුණක් වේ. ඒ සදහා ජාතික තරුණ සේවා සභාව මගින් දීප ව්‍යාප්තව දිවයින පුරා පවත්වනු ලබන සියළුම පාඨමාලා සඳහා විරුසර කාඩ් පත් හිමි රණවිරුවන් වෙනුවෙන් සියයට 25% ක වට්ටමක් ලබාදීමට ද එකගතාවය පළ කරන ලදී.

එවකට ජාතික තරුණ සේවා සභාවේ සහකාර අධ්‍යක්ෂවරයෙකු වශයෙන් කටයුතු කළ වර්තමාන රණවිරු සේවා අධිකාරියේ පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂ තුෂාර ජයසිංහ මහතාගේ සම්බන්ධීකරණයෙන් මෙම ව්‍යාපෘතීන් රණවිරු ප්‍රජාව වෙත දායාද කිරීම සඳහා අවශ්‍ය මූලික අඩිතාලම සකස් වන ලදී.

ජාතික තරුණ සේවා සභාවේ සභාපති, අධ්‍යක්ෂ ජෙනරාල්, ආචාර්ය ටිරාන් ද සිල්වා, රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික), පළාත් හා විශේෂ ව්‍යාපෘති අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තුෂාර ජයසිංහ සහ ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ පුහුණු රසිත දෙලපොළ යන මහත්වරුන් මෙම සාකච්ඡාව සඳහා සහභාගී විය.

තව දුරටත්
news image

රණවිරු සේවා බැඩ්මිටන් සංචිතය සවිබලගැන්වේ.

රණවිරු සේවා අධිකාරියේ ක්‍රීඩා සංචිතය මගින් සංවිධානය කරන ලද බැඩ්මිටන් ක්‍රීඩා සංචිතය සඳහා විශේෂ තාක්ෂණික පුහුණු වැඩසටහනක් 2023 ජනවාරි මස 30 සහ 31 යන දෙදින පුරා මහනුවර දිගන ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී ඉතා සාර්ථකව පවත්වන ලදී.

රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර විශ්‍රාමික මහතාගේ සංකල්පයට අනුව සංවිධානය කරන ලද මෙම විශේෂ පුහුණු වැඩසටහන සඳහා පුත්තලම, ගම්පහ, කෑගල්ල, මහනුවර, බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කයන් නියෝජනය කරමින් ක්‍රීඩකයන් සහභාගී විය.

රණවිරු සේවා අධිකාරියේ ක්‍රීඩා සංචිතය භාර නිලධාරී මේජර් රනිල් බලගල්ල මහතාගේ සංවිධානයයෙන් පැවති මෙම වැඩසටහන සඳහා මධ්‍යම පළාත් බැඩ්මින්ටන් පුහුණුකරු සංකල්ප ගුණවර්ධන මහතා විසින් අවශ්‍ය පුහුණු උපදේශන ලබා දෙන ලදී. මහනුවර දිස්ත්‍රික් වැඩසටහන් නිළධාරිනී අරෝෂා කරුණාරත්න මහත්මිය, රණවිරු ක්‍රීඩා සංචිතය නියෝජනය කරන ක්‍රීඩකයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

තව දුරටත්
news image

විරු දරුවන් වෙත ගයන්ත විජේකෝන් මහතාගෙන් රුපියල් මිලියනයක පුද්ගලික ධන පරිත්‍යාගයක්

රණවිරු සේවා අධිකාරියේ ශිෂ්‍යත්ව ව්‍යාපෘති අංශය යටතේ ක්‍රියාත්මක වන ක්‍රියාන්විත නොවන හේතුන් මත මිය ගිය හා ආබාධිත රණවිරුවන්ගේ ආර්ථික අපහසුකම් සහිත පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඉහළ නැංවීමේ අරමුණින් කාගීල්ස් බැංකුවට අනුයුක්තව රැකියාවේ නියුතු ගයන්ත විජේකෝන් මහතා විසින් ඔහුගේ පුද්ගලික මුදලින් රුපියල් ලක්ෂ 10 ක මුදලක් රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතා වෙත පරිත්‍යාග කිරීම අද දින දී සිදුවිය.

මෙම රුපියල් ලක්ෂ දහයක පරිත්‍යාගය තුළින් රණවිරු දූ දරුවන් අසූ තුන් දෙනෙකු සඳහා වර්ෂයකට රුපියල් 12,000 බැගින් වූ අධ්‍යාපන ශිෂ්‍යත්ව ආවරණයක් ලබා දෙනු ලබයි.

මේ සඳහා යුද, ගුවන්, නාවික හමුදාවන්ට සහ පොලීසියට අනුයුක්තව රාජකාරියේ නිරතව සිට ක්‍රියාන්විත නොවන හේතූන් මත මියගිය සහ තුවාල ලැබූ රණවිරු පවුල්වල දූ දරුවන් තෝරා ගැනීමට කටයුතු සිදු කොට ඇත.

මෙම අධ්‍යාපනික සංවර්ධන වැඩසටහනේ සංකේතාත්මක සමාරම්භක වැඩසටහන ලෙස රණවිරු දරුවන් තිදෙනෙකු සඳහා වාරික මුදල් පරිත්‍යාග කිරීම අද දින රණවිරු සේවා අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ දී එම දරුවන්ගේ දෙමවුපියන්ගේද සහභාගිත්වයෙන් පැවැත්වීය.

රණවිරු සේවා අධිකාරියේ සභාපති තුමන්ගේ ලේකම් බ්‍රිගේඩියර් රෝෂන් තිරිමාන්න, ශිෂ්‍යත්ව ව්‍යාපෘති අංශයේ අංශ ප්‍රධානී සුරේඛා ප්‍රනාන්දු මිය, මාපිය කැපකරු ශිෂ්‍යත්ව අංශයේ කළමණාකරණ සහකාර, ප්‍රියංගිකා දිල්හානි මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් කිහිප දෙනෙකු මෙම අවස්ථාවට සම්බන්ධ විය.

තව දුරටත්
news image

හලාවතට රණවිරු ප්‍රජා සංවර්ධන වැඩසටහනක්

රණවිරු ප්‍රජා සංවර්ධන වැඩසටහන් මාලාවේ තෙවන වැඩසටහන පුත්තලම දිස්ත්‍රික්කයේ රණවිරු සංසද නියෝජිතයින් සඳහා රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් හලාවත දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී 2023 ජනවාරි මස 24 වන දින පවත්වන ලදී.

මෙම රණවිරු ප්‍රජා සංවර්ධන වැඩසටහන සඳහා පුත්තලම දිස්ත්‍රික්කයේ රණවිරු සංසද නියෝජනය කරන රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් සියයකට ආසන්න පිරිසක් සහභාගි විය.

මෙම වැඩසටහනේදී රණවිරු සංසද සාමාජිකයන් මුණගැසී ඔවුන්ගේ සංසද ආශ්‍රිත පාලන ගැටළු සාකච්ඡාවට භාජනය කිරීම සිදුවිය.

රණවිරු සංසද ශක්තිමත් කරමින් රණවිරු ප්‍රජාව වෙත වඩාත් ඵලදායී සහ කාර්යක්ෂම සේවයක් සැපයීමේ අවශ්‍යතාව පිළිබඳ සභාපතිතුමන් ඔහුගේ දේශනයේ දී විශේෂ අවධානයක් යොමු කරන ලදී. සභාපතිතුමා විසින් පසුගිය වසර තුනක කාලය තුළ පුත්තලම දිස්ත්‍රික් රණවිරුවන් සදහා රණවිරු සේවා අධිකාරිය සිදුකරන ලද කාර්යභාරයන් පිළිබඳ ඉතා දීර්ඝ විස්තර වාර්තාවක් සභාව හමුවේ ඉදිරිපත් කලේය. එමෙන්ම රණවිරු පවුල්වල සාමාජිකයන් සවිබල ගැන්වීම සඳහා සිදු කළ යුතු වෙනස්කම්, කාලීන යෝජනාවන් පිළිබඳ අදහස් විමසීමක් ද මෙම විශේෂ කථාවාරය අතරතුරදී සිදු කළේය.

මෙම වැඩසටහන වයඹ පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂක භාග්‍ය ගමගේ මහතා සහ පුත්තලම දිස්ත්‍රික් වැඩසටහන් නිලධාරිනී මනෝරි කුමාරි මහත්මිය ගේ අධීක්ෂණයෙන් මනාව සංවිධානය කොට තිබුණි.

හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියද මෙම අවස්ථාවට සහභාගී වෙමින් රණවිරු ප්‍රජාව උදෙසා විශේෂ ශක්තියක් ලබා දෙන ලදී.

රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික), සභාපතිතුමන්ගේ ලේකම් බ්‍රිගේඩියර් රෝෂන් තිරිමාන්න ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන්, පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්, අංශ ප්‍රධානීන් සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් මෙම රණවිරු ප්‍රජා සංවර්ධන වැඩසටහන සඳහා සහභාගී විය.

තව දුරටත්
news image

කැස්බෑව රණවිරු සංසදයෙන් රණවිරු අනුස්මරණ වැඩසටහනක්

යුද්ධයෙන් මියගිය ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ රණවිරුවන් සිහි කරමින් සහ තුවාල ලැබූ රණවිරුවන් සඳහා ඉක්මන් සුවය පතමින් වාර්ෂිකව කැස්බෑව රණවිරු සංසදය මගින් සංවිධානය කරනු ලබන දානමය පිංකම පිළියන්දල ධර්ම ශාස්ත්‍රෝදය පිරිවෙන් විහාරයේ දී 2023 ජනවාරි මස 21 වන දින රණවිරු සංසද සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

කැස්බෑව රණවිරු සංසදයේ සභාපති මානවහිතවාදී, කීර්ති ශ්‍රී දේශබන්දු වීරපුත්‍ර මුළු දිවයිනටම සාම විනිසුරු ඒ.එම් නිශාන් කුමාර ප්‍රනාන්දු මහතාගේ සහ කැස්බෑව රණවිරු සංසදයේ ගරු ලේකම් ගංගානි රෑපිකා පාදුක්ක මහත්මියගේ සංවිධානත්වයෙන් බෞද්ධ චාරිත්‍රානුකූලව සිදු කරන ලද මෙම පුණ්‍යානුමෝදනා වැඩසටහන සඳහා මියගිය සහ තුවාල ලැබූ රණවිරු පවුල්වල සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් සහභාගි විය.

රණවිරු සේවා අධිකාරිය නියෝජනය කරමින් ජ්‍යේෂ්ඨ මාණ්ඩලික නිලධාරි (පරිපාලන සහ මානව සම්පත්) ලුතිතන් කර්නල් රොහාන් පෙරේරා, කළුතර දිස්ත්‍රික් වැඩසටහන් නිළධාරිනි සුසීමා වයිමන් මහත්මිය ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකු මෙම අනුස්මරණ වැඩසටහන සඳහා සහභාගි විය.

තව දුරටත්
news image

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් හෙළවිරු සුව ධරණී සුව සායන වැඩසටහන විල්ගම්වෙහෙරේදී

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ රණවිරුවන් සඳහා සංවිධානය කරන ලද "හෙළ විරු සුව ධරණි" විශේෂ සුව සේවා වෛද්‍ය වැඩසටහන 2023 ජනවාරි මස 19 වන දින ත්‍රිකුණාමලය විල්ගම්වෙහෙර රණවිරු ගම්මානයේදී සාර්ථකව පවත්වන ලදී.

මේ සදහා මොරවැව කොට්ඨාශය භාර ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කසුන් නධීර මහතා හා ගොමරන්කඩවල ප්‍රජා සෞඛ්‍ය නිලධාරී තුමියගේ මෙහෙයවීමෙන් සිදුවූ අතර වෛද්‍ය තුමන් විසින් රණවිරු ප්‍රජාව වෙත කෙටි දේශනයක් පවත්වා පැමිණි පිරිස පරික්ෂාකර බලා ප්‍රතිකාර ලබා දෙන ලදී.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් වැඩසටහන් නිලධාරී චමත් අනුපම ලියනගේ මහතා ඇතුළු රණවිරු සංසද සාමාජිකයන් මෙම වැඩසටහනට සහභාගී විය.

තව දුරටත්
news image

විරු සරු කාඩ්පත් හිමි රණවිරුවන් වෙත ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් සුබ පණිවිඩයක්

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් දිවයින පුරා විවිධ ක්ෂේත්‍රයන් ආවරණය කරමින් ක්‍රියාවට නංවා තිබෙන ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු වැඩසටහන් දෙසීයක් අතුරෙන් තම හැකියාවන් අනුව තෝරා ගන්නා එක් පාඨමාලාවක් හැදෑරීම සඳහා සම්බන්ධ වන විරුසරු කාඩ් පත් හිමි රණවිරු ප්‍රජාව වෙත එම පාඨමාලාව නොමිලේ අධ්‍යයනය කිරීමේ අවස්ථාව ලබා දීමට එකඟතාවය පලකොට ඇත.

රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර විශ්‍රාමික මහතාගේ විශේෂ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා විසින් මෙම විශේෂ කෘතගුණ දැක්වීම රණවිරු ප්‍රජාව වෙනුවෙන් සිදු කිරීමට එකගතාවය පළ කරන ලදී.

ඒ අනුව දිවයින පුරා විසිරී සිටින විරුසරු කාඩ් පත් හිමි රණවිරුවන් සඳහා මෙම ව්‍යවසායක සංවර්ධන පාඨමාලා සඳහා නොමිලේ සම්බන්ධ වීමේ හැකියාව පවතී.

මේ සබැඳිව උනන්දුවක් දක්වන රණවිරුවන් දිස්ත්‍රික් සහ පළාත් නිලධාරීන් හරහා පළාත් හා විශේෂ ව්‍යාපෘති අංශය වෙතින් වැඩිදුර තොරතුරු ලබා ගැනීමට කටයුතු කළ යුතුය.

තව දුරටත්
news image

රණවිරු ව්‍යවසායකත්වය සවිබල ගැන්වීමට කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් අත්වැලක්

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සහ රණවිරු සේවා අධිකාරිය ඒකාබද්ධව දිවයින පුරා පැවැත්වීමට සැලසුම් කරන රණවිරු ව්‍යවසාය සංවර්ධන පුහුණු වැඩසටහන් මාලාවේ සමාරම්භය 2023 ජනවාරි මස 17 වන අගහාරුවාද කටුබැද්ද ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ දී පැවැත්විය.

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතාගේ ආරාධනයෙන් පැවති මෙම පාවහන් නිෂ්පාදනය කිරීමේ ව්‍යවසායක පුහුණු වැඩසටහන සඳහා බස්නාහිර පළාතේ කොළඹ සහ කළුතර දිස්ත්‍රික් නියෝජනය කරන රණවිරු සේවා අධිකාරියේ තෝරාගත් රණවිරු ව්‍යවසායකයන් 25 දෙනෙකු රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර විශ්‍රාමික මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින පැවැති සමාරම්භක වැඩසටහන සඳහා සහභාගි විය.

බාටා සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහකත්වය මත මාස දෙකක කාලයක් ආවරණය වන පරිදි පවත්වනු ලබන මෙම පුහුණු වැඩසටහන අවසානයේ දී රණවිරු නිෂ්පාදන මිලදී ගනිමින් ඔවුනට අවශ්‍ය ව්‍යවසායක අත්වැල ලබාදීම සඳහා බාටා සමාගම විසින් කටයුතු කරනු ලබයි.

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයට ආවේණික වූ ව්‍යවසායක සංවර්ධන පාඨමාලා දෙසීයක් අතුරෙන් දිවයිනේ එක් එක් ප්‍රදේශයන්ට ගැලපෙන පරිදි දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් රණවිරු ව්‍යවසාය වර්ධනය කිරීම සඳහා අවශ්‍ය පුහුණු පාඨමාලා ඉදිරියේදී පැවැත්වීමට ද කටයුතු කරන බව එහි සභාපතිවරයා මෙම වැඩසටහනේදී වැඩිදුරටත් සඳහන් කරන ලදී.

සම්ප්‍රදායානුකූලව ආගම සිහි කිරීමෙන් අනතුරුව රණවිරුවන් අනුස්මරණය කිරීමෙන් පසුව මෙම විශේෂ පුහුණු වැඩසටහනේ පිළිගැනීමේ සහ අරමුණ පැහැදිලි කිරීමේ කථනයන් ගෙන් ද පසුව රණවිරු සේවා අධිකාරියේ සභාපති තුමන් නියෝජනය කරමින් එහි අධ්‍යක්ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික) විසින් සභාව අමතනු ලැබීය.

රණවිරුවන් වෙනුවෙන් අත්වැල් බැඳ ගනිමින් ඔවුන් සවිබල ගැන්වීම සඳහා සිදු කරන මහඟු කර්තව්‍යය උදෙසා කාරමික සංවර්ධන මණ්ඩලයට සහ බාටා සමාගමට විශේෂ ස්තූතිය පළ කිරීමට රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂකතුමන් විසින් කටයුතු කරන ලදී.

මෙම විශේෂ ව්‍යාපෘතිය සම්බන්ධීකරණය කිරීම සඳහා විශේෂ පරිශ්‍රමයක් දැරූ රණවිරු සේවා අධිකාරියේ පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂක තුෂාර ජයසිංහ මහතා වෙත කාර්මික සංවර්ධන මණ්ඩලයේ විශේෂ ස්තුතිය පළ කරනු ලැබීය.

රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂතුමන් කාර්මික සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂවරුන් , පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් වැඩසටහන් නිලධාරීන් ඇතුළු නිලධාරීන් සහ රණවිරුවන්, රණවිරු පවුල්වල සාමාජිකයන් මෙම සමාරම්භක උත්සවය සඳහා සහභාගි විය.

තව දුරටත්
news image

අනුරාධපුර දිස්ත්‍රික්කයේ රණවිරුවන් වෙනුවෙන් විශේෂ වෛද්‍ය සායන වැඩසටහනක්

හෙළවිරු සුව ධරණී සුව සායන වැඩසටහනෙහි අනුරාධපුර දිස්ත්‍රික්කයේ තෙවන වැඩසටහන උතුරු මැද පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂක තුෂාර ජයසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ පසුගිය දා ගල්නෑව රණවිරු ගම්මානයේ දී සාර්ථකව පවත්වන ලදී.

මේ සදහා රණවිරු සංසද නියෝජිතයන් 80ක පමණ පිරිසක් සම්බන්ධ වන ලදී.

මේ සදහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ, ගල්නෑව බල ප්‍රදේශය භාරව කටයුතු කරන ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී එම්.එෆ්.අස්මියා මහත්මිය, ඉපලෝගම බල ප්‍රදේශය භාරව කටයුතු කරන ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අමාලි ගීතාන්ජලී පෙරේරා මහත්මිය ඇතුළු කාර්‍යාලය මණ්ඩලය සහභාගී වන ලදී.

මෙහිදී වෛද්‍ය නිලධාරිනියන් විසින් බෝ නොවන රෝග අවබෝධයෙන් වළක්වා ගනිමු මැයෙන් දේශනයක් පවත්වන ලදී.

එමෙන්ම මෙම වැඩසටහනට සමගාමීව පැමිණ සිටි රණවිරු ප්‍රජාව ආයුර්වේද වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කර ප්‍රතිකාර ලබාදෙන ලදී.

තව දුරටත්
news image

කෑගල්ල දිස්ත්‍රික්කයේ රණවිරුවන් උදෙසා වෛද්‍ය වැඩසටහනක්

"හෙළ විරු සුව ධරණි සුව සායන" වැඩසටහන් මාලාවේ කෑගල්ල දිස්ත්‍රික් වැඩසටහන සබරගමු පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂ රෝහණ විජයරත්න මහතාගේ සහභාගීත්වයෙන් 2023 ජනවාරි මස 13 වන දින ඉතා සාර්ථකව පවත්වන ලදී.

මෙම වැඩසටහන සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් සම්බන්ධ වූ දේශිය වෛද්‍ය නිලධාරිනී ලක්මාලි ජයසුන්දර මහත්මිය රණවිරු ප්‍රජාවේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරමින් වෛද්‍ය සායනය පවත්වන ලදී.

කෑගල්ල දිස්ත්‍රික්කයේ වැඩසටහන් නිලධාරිනී ලක්ෂිකා සමරතුංග මහත්මියගේ සංවිධානයෙන් පැවැත්වූ මෙම වැඩසටහන සඳහා කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන රණවිරු පවුල් වල සාමාජිකයන් සහභාගි විය.

තව දුරටත්
news image

පොළොන්නරුවට රණවිරු ප්‍රජා සංවර්ධන වැඩසටහනක්

රණවිරු ප්‍රජා සංවර්ධන වැඩසටහන් මාලාවේ දෙවන වැඩසටහන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ රණවිරු සංසද නියෝජිතයින් සඳහා රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී 2023 ජනවාරි මස 11 වන දින පවත්වන ලදී.

මෙම රණවිරු ප්‍රජා සංවර්ධන වැඩසටහන සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ රණවිරු සංසද නියෝජනය කරන රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් සියයකට ආසන්න පිරිසක් සහභාගි විය.

මෙම වැඩසටහන උතුරු මැද පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂක තුෂාර ජයසිංහ මහතා සහ පොළොන්නරු දිස්ත්‍රික් වැඩසටහන් නිලධාරී එස්.ජී.කේ චතුරංග ප්‍රේමරත්න මහතාගේ අධීක්ෂණයෙන් මනාව සංවිධානය කොට තිබුණි.

පොළොන්නරුව දිස්ත්‍රික් සහකාර දිස්ත්‍රික් ලේකම් ඩී එස් මුතුමාලී මහත්මියද මෙම අවස්ථාවට සහභාගී වෙමින් රණවිරු ප්‍රජාව උදෙසා කෙටි දේශනයක් පවත්වන ලද අතර ආබාධිත රණවිරුවන් සඳහ ආබාධිත සහායක උපකරණ බෙදා දීමක් ද මෙහි දී සිදුවිය.

පොළොන්නරු දිස්ත්‍රික්කයේ රණවිරු සංසද සාමාජිකයන් මුහුණ දෙන ගැටලු දීර්ඝ වශයෙන් සාකච්ඡාවට භාජනය කරන ලද අතර ඒවාට විසඳුම් ලබා දීම සඳහා ජංගම සේවා කඳවුරක් ද මෙහිදී පැවැත්විණි.

රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික), සභාපතිතුමන්ගේ ලේකම් බ්‍රිගේඩියර් රෝෂන් තිරිමාන්න ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන්, පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්, අංශ ප්‍රධානීන් සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් මෙම රණවිරු ප්‍රජා සංවර්ධන වැඩසටහන සඳහා සහභාගී විය.

තව දුරටත්
news image

මාතලේ දිස්ත්‍රික් රණවිරු සංසද සාමාජිකයන් වෙනුවෙන් ක්‍රීඩා සහ ආබාධිත සහයක උපකරණ පිළිගැන්වේ

රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ සංකල්පයකට අනුව රණවිරු සේවා අධිකාරියේ සේවාවන් රණවිරුවන් වෙතට ගොස් සිදු කිරීමේ වැඩපිළිවෙළට අනුව සංවිධානය කරන ලද දීපව්‍යාප්ත රණවිරු ප්‍රජා සංවර්ධන වැඩසටහන් මාලාවේ සමාරම්භක වැඩසටහන වශයෙන් පැවැති මාතලේ දිස්ත්‍රික්කයේ රණවිරු ප්‍රජා සංවර්ධන වැඩසටහන අතරතුරදී රණවිරු සංසද සාමාජිකයන් සඳහා ක්‍රීඩා උපකරණ සහ ආබාධිත සහයක උපකරණ බෙදා දීමක් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සිදු කරන ලදී.

සභාපතිතුමන්ගේ ආරාධනයෙන් මාතලේ දිස්ත්‍රික්කයේ අතිරේක දිස්ත්‍රික් ලේකම් චමිලා අතපත්තු මහත්මියගේ සුරතින් රණක්ෂිතයට පත් රණවිරුවන්ට සහ රණවිරු සංසද සාමාජිකයන් සඳහා අවශ්‍ය ක්‍රීඩා උපකරණ සහ ආබාධිත සහායක උපකරණ බෙදාදීම මෙම අවස්ථාවේදී සිදුවිය.

රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික), සභාපතිතුමන්ගේ ලේකම් බ්‍රිගේඩියර් රෝෂන් තිරිමාන්න ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන්, පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්, අංශ ප්‍රධානීන් සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් මෙම අවස්ථාව සඳහා සහභාගී විය.

තව දුරටත්
news image

මාතලේ දිස්ත්‍රික් රණවිරු ප්‍රජාව වෙනුවෙන් ජංගම වැඩසටහනක්

2023 වර්ෂය සදහා රණවිරු සේවා අධිකාරියේ සේවාලාභීන් ව්‍යාප්තව සිටින පළාත් 8ක රණවිරු සංසද 268ක් ආවරණය කරමින් සිදු කෙරෙන රණවිරු ප්‍රජා සංවර්ධන වැඩසටහන් මාලාවේ සමාරම්භක වැඩසටහන රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද (10, ජනවාරි) දින පවත්වන ලදී.

මෙම රණවිරු ප්‍රජා සංවර්ධන වැඩසටහන සඳහා මාතලේ දිස්ත්‍රික්කයේ රණවිරු සංසද නියෝජනය කරන රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් දෙසීයකට ආසන්න පිරිසක් සහභාගි විය. සාම්ප්‍රදායානූකූලව ආගම සිහිකිරීමෙන් අනතුරුව රණවිරු පාඨය ප්‍රකාශයට පත් කරමින් රණවිරු අනුස්මරණය සිදුකිරීම සහ රණවිරු සේවා අධිකාරියේ තේමා ගීතය වාදනය කිරීම සිදු කිරීමෙන් අනතුරුව පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂක, කේ.ටී.සී.එන් කමල්සිරි මහතා විසින් පිළිගැනීමේ කතාව සහ මෙම වැඩ සටහනේ අරමුණ පැහැදිලි කරන ලදී.

මාතලේ දිස්ත්‍රික් අතිරේක දිස්ත්‍රික් ලේකම් චමිලා අතපත්තු මහත්මියද මෙම අවස්ථාව සහභාගී වූ අතර සංසද නිලධාරී සහ සාමාජික ගැටළු සාකච්ඡාවට භාජනය කරමින් රණවිරුවන් සහ ඔවුන්ගේ ළඟම ඥාතීන්ගේ ගැටළු සොයා බැලීම සඳහා රණවිරු සේවා අධිකාරියේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ජංගම සේවා කඳවුරක් පවත්වන ලදී.

රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික), සභාපතිතුමන්ගේ ලේකම් බ්‍රිගේඩියර් රෝෂන් තිරිමාන්න ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන්, පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්, අංශ ප්‍රධානීන් සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් මෙම ජංගම වැඩසටහන සඳහා සහභාගී විය.

තව දුරටත්
news image

2023 වසර සදහා ආබාධිත සහායක උපකරණ අවැසි රණක්ෂිතයටපත් රණවිරුවන් හදුනාගැනීම

රණවිරු සේවා අධිකාරිය රණක්ෂිතයටපත් රණවිරුවන් සදහා සුබ සාධන කටයුතු සිදුකරන ප්‍රමුඛතම රාජ්‍ය ආයතනයයි. දිස්ත්‍රික් මට්ටමින් රණවිරුවන්ගේ අවශ්‍යතා ඉතා සමීපයෙන් සොයා බැලීම සදහා ප්‍රාදේශීය ලේකම් කාර් යාල මට්ටමින් රණවිරු සංසද ජාලයක් පිහිටුවා ඇත. සංසද සාමාජිකත්වය ලබා ගැනීම හරහා සෘජුව රණවිරු සේවා අධිකාරියේ ප්‍රතිලාභ පිළිබදව දැනුවත් විය හැකිය.

ක්‍රියාන්විතයේ දී රණක්ෂිතයටපත් (වෛද්‍ය හේතුන් මත විශ්‍රාම ගන්වන ලද)රණවිරුවන් සදහා 2023 වසරේ දී රණවිරු සේවා අධිකාරිය වෙතින් ආබාධිත සහායක උපකරණ ලබාදීම සදහා සහායක උපකරණ අවශ්‍යතාවය සහිත රණවිරුවන් හදුනාගැනීමේ අපේක්ෂාවෙන් මෙම තොරතුරු රැස් කරනු ලැබේ.

මෙය ආබාධිත සහායක උපකරණ ඉල්ලීම් පත්‍රයක් නොවන අතර දිස්ත්‍රික් මට්ටමින් අයදුම් පත්‍ර නිකුත් කිරීමේ දී සංසද සාමාජිකත්වය ලබා නොගත් රණවිරුවන් හදුනා ගැනීමේ අරමුණින් මෙම තොරතුරු රැස් කර ගන්නා බව කාරුණිකව සලකන්න.

ක්‍රියාන්විතයේ දී රණක්ෂිතයටපත් (වෛද්‍ය හේතුන් මත විශ්‍රාම ගන්වන ලද) රණවිරුවන් සදහා පමණක් මෙය වලංගු වන බව වැඩිදුරටත් දන්වා සිටිමි.

මෙම පෝරමය පුරවන්න - https://docs.google.com/forms/d/e/1FAIpQLSd5yfPQ6d2266alwI3k_aFg2En9GZja5cLweEpHd6XKT-ov-w/viewform?usp=sf_link

තව දුරටත්
news image

2023 නව වසරේ රාජකාරි කටයුතු ඇරඹෙයි.

රණවිරු සේවා අධිකාරියේ 2023 නව වසර සඳහා රාජකාරි කටයුතු ඇරැඹීම වෙනුවෙන් විශේෂ වැඩසටහනක් 2023 ජනවාරි මස 02 වන සදුදා දින රණවිරු සේවා අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේදී සංවිධානය කරන ලදී.
මෙහිදී රණවිරු සේවා අධිකාරියේ රාජකාරි කරනු ලබන ස්ථිර සහ අනුයුක්ත කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂකවරුන් සහ දිස්ත්‍රික් වැඩසටහන් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් නව වසරේ රාජකාරි කටයුතු ඇරඹීම, අපේක්ෂිත ඉලක්කයන් සපුරා ගැනීම සහ මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් එහි සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.
රණවිරු සේවා අධිකාරියේ සභාපති තුමන් විසින් 2023 නව වසර සඳහා අපේක්ෂිත ඉලක්කයන් සහ පසුගිය වසරේ සිදු කරන ලද කාර්යයන් පිළිබඳව ඇගයීමක් සිදු කරන ලදී.
මෙම අවස්ථාව සඳහා රණවිරු සේවා අධිකාරියේ උප සභාපතිනි සෝනියා කෝට්ටේගොඩ මහත්මිය, අධ්‍යක්ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික), සභාපති තුමන්ගේ ලේකම් බ්‍රිගේඩියර් රෝෂන් තිරිමාන්න ඇතුළු කාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීන් සම්බන්ධ විය.

තව දුරටත්
news image

2023 වර්ෂය සඳහා රාජකාරි කටයුතු ඇරඹීම වෙනූවෙන් රණවිරු සේවා අධිකාරියේ කාර්ය මණ්ඩලය රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව ලබා දීම.

දෙදහස් විසි තුන වර්ෂයේ රාජකාරි අරඹන පළමු වැනි දිනය වන අද දින, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය, ලක් වැසි ජනතා අපේක්ෂාවන් යථාර්ථයක් බවට පත් කරන නව වසරක සමාරම්භය සනිටුහන් කරයි. අදින් ඇරඹෙන නව වසරේ එකම රටක්, එකම දැයක් තුළ, එක කොඩියක සෙවණේ එක්සත්ව හා එක්සිත්ව විකසිත වන සුරක්ෂිත වූ අපගේ මාතෘ භූමිය තුළ “ සියවසට පියවරක් ” යන දැක්ම පෙරදැරි කර ගනිමින් ඉදිරි පස්විසි වසර තුළ කලාපයේ සෞභාග්‍යයමත් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ලෙස මාගේ මාතෘ භූමිය පත් කිරිම උදෙසා මානව හිමිකම් සුරකින, අන්‍යෝන්‍ය ගරුත්වය හා විශ්වාසය සුරකින විනයගරුක, නීතිගරුක හා ගුණගරුක සමාජයක් බිහිකිරිමට ද, තිරසර සංවර්ධන ඉලක්ක සපුරාගනිමින් ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් බිහිකරලීමට ද නුතන තාක්ෂණයෙන් සන්නද්ධ සශ්‍රීක මානව සම්පත මෙහෙයවන පිරිසිදු රාජ්‍ය පාලනයක කොටස්කරුවෙකු වන මම, මහජන මුදලින් වැටුප් ලබන රජයේ සේවකයෙකු ලෙස‍ රාජ්‍ය ප්‍රතිපත්ති හා අරමුණු ක්‍රියාත්මක කිරීමෙහි ලා මා වෙත පැවරෙන්නා වු කාර්යභාරය කාර්යක්ෂමව, සඵලදායීව, තිර අදිටනින් යුතුව, උපරිම කැපවීමෙන්, අවංකභාවයෙන්, මහජනතාවට පක්ෂපාතීව. සපුරා ඉටු කරන බවට ප්‍රතිඥා දෙමි/දිව්රුම් දෙමි.

තව දුරටත්
news image

දාහත් වසරක සේවයට විශ්‍රාම දුන් රියදුරු මහතෙකුගේ ගෞරවනීය නික්මයෑම

2005 වර්ෂයේ දෙසැම්බර් මස 8 වැනිදා රණවිරු සේවා අධිකාරියේ රියැදුරකු වශයෙන් පත්වීම් ලැබ පුරා වසර 17 ක කාලයක් රණවිරු සුබසාධනය උදෙසා රාජකාරි කටයුතු සිදු කරමින් වයස අවුරුදු 60 සම්පූර්ණ වීම හේතුවෙන් විශ්‍රාම දිවියට පා තබන ලද ප්‍රවීණ රියදුරු මහතෙකු වන කමල් චන්ද්‍රකුමාර හෙට්ටිආරච්චි මහතා වෙනුවෙනුත් රණවිරු සේවා අධිකාරියේ සභාපති තුමන්ගේ ආරාධනයෙන් සමස්ථ කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් සමුගැනීමේ සාදයක් රණවිරු සේවා අධිකාරියේ මූලස්ථාන පරිශ්‍රයේ දී 2022 දෙසැම්බර් මස 29 වැනි දින සංවිධානය කොට තිබුණි.
තම ජීවිතය පුරා වසර 17ක රණවිරු සේවා අධිකාරියේ රියදුරු ජීවිතය තුළ දී දිවයිනේ විවිධ ප්‍රදේශවල යුද්ධය හේතුවෙන් තුවාල ලැබූ මියගිය රණවිරු පවුල්වල විවිධ සුබසාධන ව්‍යාපෘතීන් සඳහා තම ශ්‍රම දායකත්වය ලබා දෙමින් ඉතා අවංක වත් ගෞරවනීය වත් විනයගරුක වත් සිදු කරන ලද විශිෂ්ට සේවාව වෙනුවෙන් සිදුකරන ලද විශේෂ සේවා ඇගයීමක් වශයෙන් මෙම සරල සමුගැනීමේ උත්සවය සංවිධානය කොට තිබුණි.

තව දුරටත්
news image

පූරෝගාමී සාමාජිකයකුගේ ගෞරවාන්විත නික්ම යෑම මෙසේ සනිටුවහන් විය

2000 වර්ෂයේ ජුනි මස 12 වනදා රණවිරු සේවා අධිකාරියේ ආරම්භක සාමාජිකාව ලෙසින් එවකට අරලියගහ මන්දිරය ආශ්‍රිතව ජනාධිපති කාර්යාලයේ සෘජු අධීක්ෂණය යටතේ රණවිරු සුබසාධනය උදෙසා ස්ථාපිත කරන ලද රණවිරු සේවා අධිකාරියේ සමාරම්භක සාමාජිකාව වන තුලානි දන්තනාරායන දේවමිත්ත මහත්මියගේ ගෞරවාන්විත විශ්‍රාම යාමේ උත්සවය 2022 දෙසැම්බර් මස 29 වැනි දින රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ ආරාධනයෙන් ඉතා චාම් සහ ගාම්භීර උත්සවයක් ලෙස සියළු සේවක මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් රණවිරු සේවා අධිකාරියේ මූලස්ථාන පරිශ්‍රයේ දී පවත්වනු ලැබීය.
රණවිරු සේවා අධිකාරිය ආරම්භයේ සිට වසර 22ක තම සේවා දිවිය තුල යුද්ධයෙන් මියගිය හා තුවාල ලැබූ රණවිරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුභසාධන ව්‍යාපෘතීන් උදෙසා විවිධාකාරයෙන් තම පෞද්ගලික සම්බන්දකම් සහ සේවා රාමුවෙන් පිටතට ගොස් ඔවුන් වෙනුවෙන් දැක්වූ ඉමහත් සේවය අගය කිරීමක් වශයෙන් මෙම චාම් උත්සවය සංවිධානය කොට තිබුණි.
රණවිරු සේවා අධිකාරියේ සභාපතිවරුන් සහ සභාපතිනියන් 9 දෙනකු යටතේ ඉතා විනයගරුකව සහ ඉතාම ගෞරවණීය වූ දුෂ්කර වූත් මහා කැපකිරීම් මත ගොඩනැගුණු වසර 22 ක සේවා කාලය අවසානයේ තම 60 වන ජන්ම දිනය සමරන මොහොතේ රාජකාරි ජීවිතයෙන් විශ්‍රාම යන අපගේ පළමුවන ස්ථිර සාමාජිකාව වෙත ඇයගේ විශ්‍රාම දිවියත්, පවුල් ජීවිතයත් සාර්ථක වේවායි යනුවෙන් අප සැම දෙනාම වෙනුවෙන් ප්‍රාර්ථනා කර සිටින්නෙමු.
රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමන් ප්‍රමුඛ සමස්ත කාර්ය මණ්ඩලය ඔබගේ විශ්‍රාම දිවිය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවායි, නිදුක් නිරෝගී වේවායි ප්‍රාර්ථනා කර සිටින්නෙමු.

තව දුරටත්
news image

අලව්ව රණවිරුවන් වෙනුවෙන් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක්

රණවිරු සේවා අධිකාරියේ විශ්‍රාමික රණවිරු හා විශේෂ ව්‍යාපෘති අංශයේ දායකත්වයෙන් ක්‍රියාන්විත රාජකාරියේදී රණක්ෂිතයට පත් රණවිරුවන් හා සංසද සාමාජිකයන් යොදා ගනිමින් කාබනික පොහොර භාවිතය, ගෙවතු වගාව, වී ගොවිතැන නගා සිටවිමේ වැඩසටහනක් අලව්ව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පසුගිය දා පැවැත්වුනි.
දිස්ත්‍රික් වැඩසටහන් නිලධාරී සත්සර පතිරාජ මහතාගේ සංවිධානයෙන් පැවැත් වූ මෙම වැඩසටහන සදහා අලව්ව රණවිරු සංසද සාමාජිකයන් සහභාගි විය.
රණවිරු සේවා අධිකාරියේ විශ්‍රාමික සුභසාධක අංශයේ කෝප්‍රල් සුමිත් කුමාර මහතා හා කලාප කෘෂි නිලධාරීන්ගේ සම්පත් දායකත්වයෙන් සාර්ථකව පවත්වන ලද අතර ඊට සමගාමීව අලව්ව රණවිරු සංසදය විසින් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී දරුවන් සදහා පොත්පත් ප්‍රධානය අලව්ව ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

තව දුරටත්
news image

පුත්තලම රණවිරුවන් වෙනුවෙන් විශේෂ වෛද්‍ය සායනයක්

හෙළවිරු සුව ධරණී සුව සායන වැඩසටහනෙහි පුත්තලම දිස්ත්‍රික් වැඩසටහන 2022.12.28 වන දින හලාවත විජයාරාම විහාරස්ථානයේ දී පවත්වන ලදී.
මේ සදහා ප්‍රජා සෞඛ්‍ය අධීක්‍ෂණ වෙෙද්‍ය නිලධාරි නර්මදා දිසානායක, ප්‍රජාසෞඛ්‍ය වෙෙද්‍ය නිලධාරි කුමාරි රාජපක්ෂ මහත්මිය ඇතුළු වෛද්‍යවරුන් මෙම වැඩසටහන සදහා සම්බන්ධ විය.
මෙහිදී දේශීය කායික පෝෂණය හා මානසික පෝෂණය සම්බන්ධව රණවිරු ප්‍රජාව දැනුවත් කිරීමේ දේශනයක් සිදුකරන ලදී. මාසිකව මෙම වැඩසටහන් ප්‍රාදේශීය මට්ටමින් සිදු කිරීමට සාකච්ඡා විය.
එමෙන්ම මෙම වැඩසටහනට ප්‍රජාසෞඛ්‍ය වෙෙද්‍ය නිලධාරීන්ගේ මග පෙන්වීම යටතේ පැමිණි සිටි පිරිසට කුරක්කන් කැද ලබා දීම හලාවත රණවිරු සංසදය විසින් සිදුකරන ලදී.

තව දුරටත්
news image

මාතලේ රණවිරු පවුල්වල සාමාජිකයන් සඳහා තිර රෙදි නිර්මාණකරණය පිළිබඳ පුහුණුවක්

මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට හා අඹන්ගගකෝරළේ සංසද සාමාජිකයන්ගේ ඉල්ලීමකට අනුව තිර රෙදි නිර්මාණකරණය පිළිබඳ පුහුණු වැඩසටහන, රත්තොට ව්‍යවසායක සංවර්ධන නිලධාරිතුමියගේ මගපෙන්වීම යටතේ ,මධ්‍යම පළාත් සභාවේ සම්පත් දායිකායිකාවක් වන අනෝමා කුමාරි මහත්මිය විසින් මෙහෙයවන ලදි.
මාතලේ දිස්ත්‍රික් වැඩසටහන් නිළධාරිනි තනුජා දර්ශනී මහත්මියගේ සංවිධානයෙන් 2022.12.09 හා 2022.12.10 යන දෙදින තුලදී මෙම පුහුණු වැඩමුළුව රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේදී සාර්ථකව අවසන් කරන ලදි.
මෙම වැඩසටහන රණවිරු බිරින්දෑවරුන් හා රණවිරු දරුවන් 25 උදෙසා පැවැත්විණි.
මේ සදහා සහභාගි වූ සියලුම සාමාජිකයන් සදහා කේවල හා කණ්ඩායම් වශයෙන් පුහුණු කිරීම සිදු වූ අතර පුහුණු වැඩමුළුව අවසානයේදී තමන් විසින්ම සාම්පල වශයෙන් තිරරෙදි නිර්මාණකරණය කරන ලදි.මෙම පුහුණු වැඩමුළුව මගින් ඉදිරි අනාගතයේදී ව්‍යවසායකයන් බිහි වීම අපේක්ෂා කරනු ලැබේ.

තව දුරටත්
news image

මාතර දිස්ත්‍රික්කයේ රණවිරුවන් වෙනුවෙන් විශේෂ වෛද්‍ය සායනයක්

අම්පාර රණවිරුවන් වෙනුවෙන් විශේෂ වෛද්‍ය සායනයක්

හෙළවිරු සුව ධරණී සුව සායන වැඩසටහනෙහි අම්පාර දිස්ත්‍රික් වැඩසටහන පසුගිය දා නවගම්පුර රණවිරු ගම්මානයෙහි ප්‍රජා ශාලාවේදී පවත්වන ලදී.
මේ සදහා දමන ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි දුල්කා මහත්මිය හා වෛද්‍ය දර්ශිලා මෙනවිය ඇතුලුව කාර්‍ය මණ්ඩලයෙහි නිලධාරීන් වැඩසටහන සදහා සම්බන්ධ විය.
මෙහිදී දේශීය කායික පොෂණය හා මානසික පොෂණය සම්බන්ධව රණවිරු ප්‍රජාව දැනුවත් කිරීමේ දේශනයක් සිදුකරන ලදී.
එමෙන්ම මෙම වැඩසටහනට සමගාමීව පැමිණ සිටි රණවිරු ප්‍රජාව ආයුර්වේද වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කර ප්‍රතිකාර ලබාදෙන ලදී.
\ මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සදහා දමන, අම්පාර රණවිරු සංසදයන්හි සාමාජිකයන් 80 කට ආසන්න පිරිසක් සහභාගී වන ලදී.

තව දුරටත්
news image

මාතලේ දිස්ත්‍රික්කයේ රණවිරුවන් වෙනුවෙන් සුව සායන වැඩසටහනක්

"හෙළවිරු සුව ධරණී" සුව සායන වැඩසටහනෙහි මාතලේ දිස්ත්‍රික් ප්‍රථම වැඩසටහන මාතලේ අලුවිහාරය රණවිරු ගම්මානයේ හා මාතලේ සංසදයේ සාමාජිකයන් 130 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පසුගිය දා අලුවිහාරය විහාරස්ථානයේ දී පවත්වන ලදී.
රණවිරු සේවා අධිකාරියේ මාතලේ දිස්ත්‍රික් වැඩසටහන් නිළධාරිනි තනූජා දර්ශණී මහත්මියගේ සංවිධානත්වයෙන් පැවති මෙම වැඩසටහන සදහා මාතලේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි නයෝමි සේනානායක මහත්මිය ඇතුළු වෛද්‍යවරුන් තිදෙනකක් සම්බන්ධ විය.
මෙහිදී දේශීය කායික පොෂණය හා මානසික පොෂණය සම්බන්ධව රණවිරු ප්‍රජාව දැනුවත් කිරීමේ දේශනයක් සිදුකරන ලදී.
එමෙන්ම මෙම වැඩසටහනට සමගාමීව පැමිණ සිටි රණවිරු ප්‍රජාව ආයුර්වේද වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කර ප්‍රතිකාර ලබාදෙන ලදී.

තව දුරටත්
news image

ගාල්ල දිස්ත්‍රික්කයේ රණවිරුවන් වෙනුවෙන් විශේෂ සායන වැඩසටහනක්

"හෙළවිරු සුව ධරණී" සුව සායන වැඩසටහනෙහි ගාල්ල දිස්ත්‍රික් ප්‍රථම වැඩසටහන පසුගිය දා මාපලගම රණවිරු ගම්මානයේදී පවත්වන ලදී. මේ සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දකුණු පළාත් ආයුර්වේද කොමසාරිස් කරුණා හේවගෙ මැතිණිය, ගාල්ල ප්‍රජා සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ගයානි මංජුලා මනතුංග මැතිණිය, ඇතුළු වෛද්‍ය නිලධාරීන් සහභාගි විය.
මෙහිදී දේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ජගත් විජිතමුල්ල හා ජි.වි.සි.ද සිල්වා යන මහත්වරුන් විසින් කායික පොෂණය හා මානසික පොෂණය සම්බන්ධව රණවිරු ප්‍රජාව දැනුවත් කිරීමේ දේශන 2ක් සිදුකරන ලදී.
එමෙන්ම මෙම වැඩසටහනට සමගාමීව පැමිණ සිටි රණවිරු ප්‍රජාව ආයුර්වේද වෛද්‍යවරුන් පරීක්ෂා කර ප්‍රතිකාර ලබාදෙන ලදී.
මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සදහා මාපලගම රණවිරු ගම්මානයේ, නාගොඩ සංසදයේ හා නියාගම සංසදයේ රණවිරුවන් සහභාගි වන ලදී.

තව දුරටත්
news image

රණවිරු සේවා කාර්ය මණ්ඩලය වෙත පෞරුෂ සංවර්ධන පුහුණුවක් ලබා දෙයි

රණවිරු සේවා අධිකාරියේ කාර්යය මණ්ඩලය සඳහා පැවැති වර්ෂ අවසාන පුහුණුවීම් වැඩසටහන පසුගියදා උස්වැටකෙයියාව නාවික හමුදා කඳවුරු පරිශ්‍රයේදී පවත්වන ලදී.
රණවිරු සේවා අධිකාරියේ සේවයේ නියුතු ස්ථිර සහ අනුයුක්ත කාර්ය මණ්ඩලයේ සියලු සාමාජිකයන් සඳහා පැවති මෙම පෞර්ෂත්ව සංවර්ධන සහ නායකත්ව ගුණාංග දියුණු කිරීමේ වැඩමුළුවේ දී විශේෂ ආරාධිත දේශකයන් විසින් පෞරුෂ සංවර්ධනය, මානසික සංවර්ධනය සහ වඩා යහපත් රාජකාරි පරිසරයක් නිර්මාණය කර ගැනීම ආදී කරුණු පිළිබඳ උපදේශනය සිදු කරන ලදී.
රණවිරු සේවා අධිකාරියේ සභාපති, මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ සංකල්පයක් මත සංවිධානය කරනු ලැබූ මෙම පුහුණු වැඩසටහන තුළදී අධිකාරියේ සේවයේ නියුතු කාර්ය මණ්ඩලය විසින් තම සහජ කුසලතා සහ දස්කම් උපයෝගී කර ගනිමින් ඉදිරිපත් කරන ලද විශේෂාංග ජවනිකා කිහිපයක් ද ඉදිරිපත් කලේය.
රණවිරු සේවා අධිකාරියේ උප සභාපතිනි, සෝනියා කෝට්ටේගොඩ මහත්මිය, අධ්‍යක්ෂ, මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික) ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන් නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් සහභාගි වන ලදී.

තව දුරටත්
news image

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ රණවිරු බිරින්දෑවරුන්ගේ ව්‍යවසායකත්වයට අත්වැලක්

ත්‍ර්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කාන්තා ව්‍යවසායකයින්ගේ ව්‍යාපාර ආශ්‍රිතව තොරතුරු ඒකරාශී කරමින්, ඩිජිටල් අළෙවිකරණය හා ඒ ආශ්‍රිතව දැනුම ඉහළ නැංවීමේ අර්මුණින් ICTA ආයතනය සමගින් ඒකාබද්ධව සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශය හා මෙටා (META) ආයතනය විසින් ක්‍රියාත්මක කරනු ලබන "සුහුරුලිය" කාන්තා සංවර්ධන වැඩසටහන හා එක්ව ත්‍ර්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ රණවිරු බිරින්දෑවරුන් සඳහා විශේෂ ව්‍යවසාය පුහුණු වැඩමුළුවක් පසුගිය දා සංවිධානය කරන ලදී.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කාන්තා ව්‍යවසායකයින් ඉලක්ක කරගනිමින් කාන්තා සංවර්ධන ඒකකය මගින් රණවිරු කාන්තා ව්‍යවසායකයන්ගේ ද සහභාගිත්වය ඇතිව ත්‍ර්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලය ශ්‍රවණාගාරයේදී මෙම එක් දින පුහුණු වැඩමුළුව පවත්වන ලදී.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් වැඩසටහන් නිලධාරී චමත් අනූපම මහතාගේ සම්බන්ධීකරණයෙන් පැවති මෙම වැඩසටහන සදහා ත්‍ර්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් බී.එච්.එන්.ජයවික්‍රම මහතා ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි විය.
ත්‍ර්‍රිකුණාමල දිස්ත්‍රික් කාන්තා සංවර්ධන නිලධාරී තුමියගේ ඉල්ලීම පරිදි ස්වයං රැකියා නිරත රණවිරු බිරින්දැවරුන්ද මෙම වැඩසටහන සදහා සහභාගි කරවන ලදී.

තව දුරටත්
news image

රඹෑව රණවිරුවන් හට හෙළවිරු සුවධරණී සුවසායන වැඩසටහනක්

හෙළවිරු සුව ධරණී සුව සායන වැඩසටහනෙහි අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රථම වැඩසටහන පසුගිය දා රඹෑව රණවිරු ගම්මානයේදී ඉතා සාර්ථකව පවත්වන ලදී.
මේ සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය අතිරේක ලේකම් චන්දන තිලකරත්න, සංවර්ධන අධ්‍යක්ෂ දයානන්දන්, සහකාර ලේකම් චමල් තේනුවර, අනුරාධපුර ප්‍රජා සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ආනන්ද සමරනායක, ඇතුළු වෛද්‍ය නිලධාරීන් සහභාගි විය.
මෙහිදී දේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය අරුණ ඉන්දික මහතා විසින් බෝ නොවන රෝග නිවාරණය පිළිබදව රණවිරු ප්‍රජාව දැනුවත් කිරීමේ දේශනයක් සිදුකරන ලදී.
එමෙන්ම මෙම වැඩසටහනට සමගාමීව ආබාධිත රණවිරුවන් සදහා සහයක උපකරණ ( කෘතිම පාද) බෙදා දිීම රණවිරු සේවා අධිකාරියේ උතුරු මැද පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂ තුෂාර ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදි.
අනතුරුව පැමිණ සිටි රණවිරු ප්‍රජාව ආයුර්වේද වෛද්‍යවරුන් පරීක්ෂා කර ප්‍රතිකාර ලබාදෙන ලදී. මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සදහා රඹෑව රණවිරු ගම්මානයේ, රඹෑව සංසදයේ හා මැදවච්චිය සංසදයේ රණවිරුවන් සහභාගි වන ලදී.
මෙම වැඩසටහන සඳහා අමාත්‍යාංශය විසින් රු මිලියන 1.8 ක ඖෂධ උතුරු මැද පළාත සදහා බෙදා දෙන ලදී.

තව දුරටත්
news image

කුරුණෑගල දිස්ත්‍රික්කයේ රණවිරු සංසද නියෝජිතයන් සමග වයඹ ආණ්ඩුකාරතුමන් විශේෂ සාකච්ඡාවක් පවත්වයි

වයඹ පළාත් ගරු ආණ්ඩුකාරවර අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මැතිතුමන් විසින් කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන රණවිරු සංසද 30ක නියෝජිතයින් සමග සුහද සාකච්ඡාවක් පසුගියදා කුරුණෑගල දී පැවැත්විය.
එහිදී රණවිරුවන් මුහුණ පාන ඉඩම් හා ඔප්පු, විරුසර වරප්‍රසාද කාඩ් පත සම්බන්ධයෙන් පළාත තුළ තිබෙන ආයතන දැනුවත් කිරීම,රණවිරු දරුවන් පාසල් වලට ඇතුළත් කර ගැනීමේ දී මුහුණ පාන ගැටළු, රණවිරු දරුවන් රැකියා සඳහා යොමුකරවීමට රැකියා වෙළදපොලක් පැවැත්වීම, ජංගම වෛද්‍ය සායන ⁣ඉදිරියේ දී පැවත්වීම වැනි කාරනා රැසක් ක්‍රියාත්මක කිරීමට සාකච්ඡා විය.
මෙහිදී කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් රණවිරු සංසද තිහක් නියෝජනය කරමින් සහභාගි වූ සංසද නියෝජිතයන් විසින් ඉදිරිපත් කරන ලද ගැටලුවලට විසඳුම් කඩනමින් ලබාදීමට ආණ්ඩුකාරතුමාන් පොරොන්දු වු අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ ආබාධිත රණ්විරුවන් සඳහා ආබාධිත සහාය උපකරණ ලබාදීමද ගරු ආණ්ඩුකාරතුමා විසින් සිදු කරන ලදී.

තව දුරටත්
news image

රු. මිලියන 10.48 ක් වටිනා විද්‍යුත් ක්‍රියාකාරී කෘත්‍රිම අත් 20ක් රණක්ෂිතයට පත් රණවිරුවන් සදහා ලබා දෙයි

2021 වසර සඳහා රජයේ භාණ්ඩාගාරයෙන් රණවිරු සුබසාධනය සඳහා වෙන් කරන ලද මුදල් භාවිතා කරමින් රණක්ෂිතයටපත් රණවිරුවන් කායිකව සහ මානසිකව සවිබල ගැන්වීම සදහා සහායක උපකරණ ලබාදීමේ ව්‍යාපෘතිය යටතේ රු.524222.20 බැගින් වටිනා වැලමිටෙන් පහළ විද්‍යුත් ක්‍රියාකාරී කෘත්‍රිම අත් 20ක් රණවිරුවන් වෙත ලබාදීමට අවශ්‍ය කටයුතු සිදු කර ඇත. මෙම කෘත්‍රිම අත් 20 සදහා රු.මිලියන 10.48ක මුදලක් වැය දරා ඇත.
රණවිරු සේවා අධිකාරියේ ගරු සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ සංකල්පයක් මත 2021 වසරේ දී රණවිරුවන් වෙත මෙම කෘත්‍රිම අත් ලබාදීමට අවැසි කටයුතු සිදුකරන ලදී. මෙම විද්‍යුත් ක්‍රියාකාරී කෘත්‍රිම අත රණවිරුවාගේ අතෙහි ස්නායු ක්‍රියාකාරිත්වය මගින් පාලනය කරනු ලබයි. මෙම කෘත්‍රිම අතෙහි ක්‍රියාකාරිත්වය මගින් යමක් අල්ලා ගැනීමට හැකියාව ඇත. වැලමිටෙන් පහළ අත අහිමි වූ රණවිරුවන් වෙත මෙම විද්‍යුත් ක්‍රියාකාරී කෘත්‍රිම අත ලබාදීම මගින් අපේක්ෂා කරනුයේ රණවිරුවා කායිකව සවිබලගැන්වීම සහ යැපුම් මානසිකත්වයෙන් මිදී ස්වයං අභිමානයෙන් යුතුව කටයුතු කිරීමත් රටෙහි ආර්ථිකයට ඵලදායී ව්‍යවසායකයකු ලෙස දායකත්වය දීමට අවැසි සහයෝගය ලබාදීමයි.
මෙම කෘත්‍රිම අත් පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂ හා දිස්ත්‍රික් නිලධාරීන් මගින් රණවිරුවන් වෙත ලබාදීම නිල වශයෙන් සංකේතවත් කරමින් අද දිනයේ දී කොළඹ දිස්ත්‍රික්කයේ ඩී.ටී.ටී.අබේසිංහ රණවිරුවා වෙත වැලමිටට පහළ විද්‍යුත් ක්‍රියාකාරී කෘත්‍රිම අත ප්‍රදානය කිරීම රණවිරු සේවා අධිකාරියේ දී සිදු කරන ලදී.
මෙම අවස්ථාව සදහා රණවිරු සේවා අධිකාරියේ ජේෂ්ඨ මාණ්ඩලික නිලධාරී ⁣ලුතිනන් කර්නල් රොහාන් පෙරේරා , හමුදා සම්බන්ධීකරණ අංශය නියෝජනය කරමින් මේජර් රනිල් බලගල්ල මහතා පළාත් , පුනරුත්ථාපන හා පසුඋවටැන් අංශයේ වැඩසටහන් නිලධාරිනී නෙත්මි ගයත් ශ්‍රී සහ අනුයුක්ත පොලිස් සැරයන් නාලක බණ්ඩාර මහතාද මෙම අවස්ථාව සඳහා සහභාගි විය.

තව දුරටත්
news image

හෙළවිරු සුව සායන නුවරඑළිය වැඩසටහන සාර්ථකව අවසන් වෙයි

රණවිරු සේවා අධිකාරිය සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය එක්ව සංවිධානය කරනු ලබන "හෙළවිරු සුව " සුව සායන වැඩසටහනෙහි නුවරඑළිය දිස්ත්‍රික් වැඩසටහන 2022.11.17 වන දින හගුරන්කෙත පුාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.
මෙහිදී දේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමිය විසින් බෝ නොවන රෝග නිවාරණය පිළිබදව රණවිරු ප්‍රජාව දැනුවත් කිරීමේ දේශනයක් සිදුකරන ලදී.
එමෙන්ම මෙම වැඩසටහනට සමගාමීව ආබාධිත රණවිරුවන් සදහා සහයක උපකරණ ( කෘතිම පාද, අත්වාරු, සායනික සපත්තු, බස්තම්) බෙදා දීමද සිදුකරන ලදි.
අනතුරුව පැමිණ සිටි රණවිරු ප්‍රජාව ආයුර්වේද වෛද්‍යවරුන් පරීක්ෂා කර ප්‍රතිකාර ලබාදෙන ලදී.
මෙම වැඩසටහන සදහා හගුරන්කෙත සහකාර පුාදේශීය ලේකම්තුමන්, සහකාර අධ්‍යක්ෂතුමන් හා පුාදේශීය ලේකම් කාර්යාලයේ රණවිරු විෂයභාර නිලධාරීතුමන්, හගුරන්කෙත දේශීය ආයුර්වේද මධ්‍යස්ථානයේ වෛද්‍යතුමිය ඇතුලු වෛද්‍ය කාර්‍යමණඩලයත්, රණවිරු සේවා අධිකාරියේ නුවරඑළිය දිස්තුික් නිලධාරිනි අජන්තා හේරත් මහත්මිය සහ රණවිරු සංසද සාමාජිකයන් සහභාගි වන ලදී.

තව දුරටත්
news image

රුපියල් මිලියන 9.44 ක් වටිනා ආබාධිත සහායක උපකරණ රණක්ෂිතයට පත් රණවිරුවන් සදහා හිමිගැන්වෙයි

රු.මිලියන 9.44 මුදලක් වැය දරමින් දිවයින පුරා විසිරී සිටින රණක්ෂිතයට පත් රණවිරුවන් සඳහා සකසන ලද වැලමිටෙන් පහළ විද්‍යුත් ක්‍රියාකාරී කෘත්‍රිම අත් 13 ක්,වැලමින් ඉහළ සාමාන්‍ය කෘත්‍රිම අත් 5 ක්, කෘත්‍රිම පාද 6 ක් සහ සායනික සපත්තු 3 ක් රණවිරුවන් වෙත ලබාදීම සදහා අදාල දිස්ත්‍රික්කයන් වෙත යොමු කිරීමට රණවිරු සේවා අධිකාරිය කටයුතු සිදුකර ඇත.
2021 වසර සඳහා රජයේ භාණ්ඩාගාරයෙන් රණවිරු සුබසාධනය සඳහා වෙන් කරන ලද මුදල් භාවිතා කරමින් මිලදී ගෙන ඇති මෙම ආබාධිත සහායක උපකරණ තොගය පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් හා දිස්ත්‍රික් නිලධාරීන් මගින් රණවිරුවන් වෙත ලබාදීම නිල වශයෙන් සංකේතවත් කරමින් ගම්පහ දිස්ත්‍රික්කයේ ඒ.එච්. ලක්ෂ්මන් රණවිරුවා වෙත රු.ලක්ෂ 3ක් වටිනා වැලමිටට ඉහළ සාමාන්‍ය කෘත්‍රිම අත ප්‍රදානය කිරීම රණවිරු සේවා අධිකාරියේ ගරු සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ මූලිකත්වයෙන් රණවිරු සේවා අධිකාරියේ දී සිදු කරන ලදී.
රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමාගේ ලේකම් බ්‍රිගෙඩියර් රෝෂන් තිරිමාන්න මහතා සහ පළාත් , පුනරුත්ථාපන හා පසුඋවටැන් අංශයේ වැඩසටහන් නිළධාරි නෙත්මි ගයත් ශ්‍රී ද මෙම අවස්ථාව සඳහා සහභාගි විය.
ඉදිරියේ දී මෙම වැඩසටහන යටතේ දිවයිනපුරා විසිරී සිටින රණක්ෂිතයටපත් රණවිරුවන් සදහා කෘත්‍රිම පාද , වැලමිටෙන් පහළ විද්‍යුත් ක්‍රියාකාරී කෘත්‍රිම අත් , වැලමිටෙන් ඉහළ සහ පහළ සාමාන්‍ය කෘත්‍රිම අත් සහ සායනික සපත්තු ලබාදීමට නියමිතය.
මෙම ආබාධිත සහයක උපකරණ අදාල රණවිරුවන්ගේ දිස්ත්‍රික්කයන් වෙත යොමු කිරීම සඳහා රණවිරු සේවා අධිකාරිය වෙත අනුයුක්ත ත්‍රිවිධ හමුදා කාර්ය මණ්ඩලයේ සහයෝගය ද ලබා ගැනීමට නියමිතයි.

තව දුරටත්
news image

"හෙළ විරු සුව ධරණී" සෞඛ්‍ය වැඩසටහන බදුල්ලේ දී සාර්ථකව පැවැත්වෙයි

රණවිරු සේවා අධිකාරිය සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන "හෙළවිරු සුව ධරණී" සුව සායන වැඩසටහනෙහි බදුල්ල දිස්ත්‍රික් වැඩසටහන 2022.11.16 වන දින හාලිඇල සිරි බිම්බාරාම විහාරස්ථානයේදී සාර්ථකව පවත්වන ලදී.
දේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මහත්ම මහත්මීන් විසින් රණවිරු ප්‍රජාව වෙත නීරෝගිමත් ජීවිතයක් ගත කිරීම සඳහා දැනුවත් කිරීමේ දේශනයකින් වැඩසටහන ආරම්භ කරන ලදී.
ඉන් පසු පැමිණ සිටි රණවිරු ප්‍රජාව ආයුර්වේද වෛද්‍යවරුන් පරීක්ෂා කර බලා ප්‍රතිකාර ලබාදෙන ලදී. මෙම වැඩසටහන ඌව පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ඩිල්මා ප්‍රේමතිලක මහත්මිය ප්‍රධාන වෛද්‍ය කාර්‍යමණඩලයත් සෙසු නිලධාරීන්ගේත් සම්පත් දායකත්වය මත පවත්වන ලදී.
රණවිරු සේවා අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් වැඩසටහන් නිලධාරී දර්ශන ජයසිංහ මහතා විසින් මෙම වැඩසටහන සාර්ථකව සම්බන්ධීකරණය කරන ලදී.

තව දුරටත්
news image

විදෙස්ගත වීමට අපේක්ෂිත මාතලේ දිස්ත්‍රික් රණවිරුවන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක්

මාතලේ දිස්ත්‍රික්කයේ රැකියා සදහා විදේශගත වීමට අපේක්ෂිත රණවිරු සංසදයන්හි සාමාජිකයන් ,රණවිරු දරුවන් කේන්ද්‍ර කර ගනිමින් "රණවිරු - රටවිරු සහයෝග්‍යතාව 2022" මැයෙන් වැඩසටහනක් 2022.11.16 දින මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි.
මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරන රණවිරු සංසද සාමාජිකයන් පනස් දෙදෙනකුගේ (52) සහභාගිත්වයෙන් පැවැත්වූ මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය දිස්ත්‍රික් විදේශ රැකියා ප්‍රවර්ධන නිලධාරී ප්‍රසන්න රත්නායක මහතා විසින් ලබා දෙන ලදි.
එසේම මෙම වැඩසටහන මගින් මාතලේ දිස්ත්‍රික්කය තුල විදේශ රැකියා සදහා යොමු වන අප රණවිරු සංසද සාමාජිකයන්ගේ අවශ්‍යතාවන් සෘජුවම දිස්ත්‍රික් විදේශ රැකියා ප්‍රවර්ධන නිලධාරිතුමන් හරහා විසදුම් ලබාදීමට ද කටයුතු කෙරේ.
එසේම රජය මගින් ලබා දෙන රැකියා අවස්ථාවන් පිළිබඳව අදාල අවස්ථාවන්හිදී දැනුවත් කිරීම හා ඊට අදාළ තාක්ෂණික නිපුණතාවය,භාශා ප්‍රවීණත්වය සදහා නොමිලේ පැවැත්වෙන පාඨමාලා සදහා අප රණවිරු සංසද සාමාජිකයන් යොමු කිරීමටත් අවස්ථාව උදා වනු ඇත.
මාතලේ දිස්ත්‍රික් වැඩසටහන් නිලධාරිනී තනූජා දර්ශනී මහත්මියගේ සංවිධානයෙන් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන පවත්වන ලදී.

තව දුරටත්
news image

උතුරු මැද පළාතේ හෙළ විරු සුව සායනය වෙනුවෙන් රුපියල් මිලියන 1.8 ක්

රණවිරු සේවා අධිකාරිය සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය එක්ව සංවිධානය කරනු ලබන "හෙළවිරු සුව ධරණී" සුව සායන වැඩසටහන පිළිබඳව දේශීය සෞඛ්‍ය වෛද්‍ය හා සම්බන්ධීකරණ නිලධාරී මහත්ම මහත්මීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී උතුරු මැද පළාත් ප්‍රජා සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ආනන්ද සමරනායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන්නට යෙදුණි.
එහිදී උතුරු මැද පළාතේ මෙම වැඩසටහනහි ක්‍රියාත්මක සැලැස්ම පිළිබඳව සහ එහි අරමුණ පිළිබඳව පැමිණි සිටි සියලුම වෛද්‍ය වරුන් හා නියාමක වරුන් දැනුවත් කරන ලදී. උතුරු මැද පළාතේ හෙළවිරු සුවසායනය වෙනුවෙන් දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් රු. මිලියන 1.8 ක ඖෂධ ලබාදෙන බව දන්වා සිටින ලදී.
පසුගිය නොවැම්බර් මස 10 වැනි දින කෑරගල රණවිරු ගම්මානයෙන් සංකේතාත්මකව ආරම්භ කරන ලද මෙම වැඩසටහන් මාලාව දිවයින පුරා රණවිරු ගම්මාන සහ රණවිරු සංසද ආවරණය කරමින් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

තව දුරටත්
news image

නිපෝන් ලංකා පදනමෙන් රණවිරු දූ දරුවන් 191 දෙනෙකු හට අධ්‍යාපනික ශිෂ්‍යත්ව හිමිගැන්වීමට කටයුතු කෙරේ.

රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ විශේෂ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා නිපෝන් අධ්‍යාපනික හා සංස්කෘතික කේන්ද්‍රයේ මහලේකම්, ශ්‍රී ජයවර්ධනපුර ප්‍රධාන සංඝනායක ස්ථවිර, පූජ්‍ය මීගහතැන්නේ චන්දසිරි නාහිමිපාණන් විසින් රණවිරු දූ දරුවන් සඳහා අධ්‍යාපනික ශිෂ්‍යත්ව හිමි ගැන්වීමට එකඟතාවය පළ කර ඇත.
සමාජසේවා කටයුතු සඳහා විශේෂ උනන්දුවක් දක්වන මෙම විහාරස්ථානයේ විශේෂ දායිකාවක ලෙසින් කටයුතු කරන ප්‍රබෝධනී මාරසිංහ මහත්මියගේ මැදිහත්වීම මත මෙම අධ්‍යාපනික ශිෂ්‍යත්ව රණවිරු දරුවන් හට ලබා ගැනීමේ අවස්ථාව උදා විය.
මෙම වැඩසටහන යටතේ ක්‍රියාන්විත නොවන හේතූන් මත මියගිය සහ තුවාල ලැබූ ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ රණවිරු දූ දරුවන් සඳහා දස වසරක කාලයක් සඳහා හිමිවන පරිදි අධ්‍යාපනික ශිෂ්‍යත්ව හිමි ගැන්වේ.
මෙමගින් රණවිරු දූ දරුවන්ගේ පාසල් අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය සියලු පාසල් උපකරණ, නිල ඇඳුම් සහ මූල්‍යමය පරිත්‍යාගයන් ද ඇතුළුව වාර්ෂිකව මෙම අධ්‍යාපනික ආධාර හිමි ගැන්වීම අපේක්ෂා කරනු ලබයි.
ශ්‍රී ලංකා නිපෝන් අධ්‍යාපනික හා සංස්කෘතික කේන්ද්‍රය සහ ජපන් ශ්‍රී ලංකා පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රහයෙන් මෙම අධ්‍යාපනික ශිෂ්‍යත්වයන් 191 රණවිරු දූ දරුවන් හට ප්‍රදානය කර සිටින්නේ ඉමහත් සතුටිනි.
මීට දින කිහිපයකට ප්‍රථම දී රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් ශ්‍රී ලංකා නිපොන් අධ්‍යාපනික හා සංස්කෘතික කේන්ද්‍රයේ මහලේකම් ස්වාමීන් වහන්සේ මුණ ගැසීමෙන් අනතුරුව මේ සබැඳි ඉල්ලීම සිදු කරන ලදී.
මෙම උතුම් ක්‍රියාව වෙනුවෙන් සමස්ත රණවිරු ප්‍රජාව සහ රණවිරු දූ දරුවන් වෙනුවෙන් රණවිරු සේවා අධිකාරිය ශ්‍රී ලංකා නිපොන් අධ්‍යාපනික හා සංස්කෘතික කේන්ද්‍රය වෙත සහ මෙම වැඩසටහන සම්බන්ධීකරණය සඳහා විශේෂ මැදිහත්වීමක් සිදුකළ ප්‍රබෝධනී මාරසිංහ මහත්මිය වෙත ද ස්තුති පූර්වක වන්නෙමු.

තව දුරටත්
news image

"හෙළ විරු සුව ධරණී" සුව සේවා ආයුර් වේද වෛද්‍ය සායන වැඩසටහන කෑරගලින් ඇරඹෙයි

ආයුර් වේද දෙපාර්තුමේන්තුව සහ රණවිරු සේවා අධිකාරිය එක්ව දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරනු ලබන "හෙළ විරු සුව ධරණී" සුව සායන සුව සේවා වැඩසටහන් මාලාවේ සමාරම්භක උළෙල 2022 නොවැම්බර් මස 10 වැනි දින දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ගරු සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.
රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතා ඇතුළු රණවිරු සේවා අධිකාරියේ කාර්යමණ්ඩලය දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යතුමන් ඇතුළු ආයුර්වේද දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය උත්සව සභාව වෙත කැඳවාගෙන යාම සිදු කරන ලදී.
සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීම, රණවිරු පාඨය ප්‍රකාශයට පත් කිරීම සහ රණවිරුවන් සිහි කිරීම සඳහා විනාඩි දෙකක නිහඬතාවයෙන් අනතුරුව රණවිරු සේවා අධිකාරියේ ගීතය ගායනා කිරීම සිදු කලේය.
මෙම දීප ව්‍යාප්ත සුව සේවා වැඩසටහන් මාලාවේ අරමුණ පැහැදිලි කිරීම සහ පිළිගැනීමේ කතාව සිදුකිරීම රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික) මහතා විසින් සිදු කරන ලදී.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කුමාරී වීරසේකර මැතිණිය විසින් සභාව අමතමින් මෙම වැඩ සටහනේ වැදගත්කම වැඩිදුරටත් පැහැදිලි කලේය.
අනතුරුව දිනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ගරු සිසිර ජයකොඩි මහතා සභාව ඇමතීම සිදු කළේය.
එම වෛද්‍ය වැඩසටහනට සමගාමීව කෑරගල රණවිරු ගම්මානයේ සහ දොම්පේ රණවිරු සංසදය නියෝජනය කරන රණවිරුවන් සදහා ආබාධිත සහයක උපකරණ ප්‍රදානය කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කරන ලදී.
කෑරගල රණවිරු ගම්මානයේ පැවති සමාරම්භක වැඩසටහනෙන් අනතුරුව යුද්ධයෙන් රණක්ෂිතයට පත් රණවිරුවන් සහ රණවිරු පවුල්වල සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් වෛද්‍ය සායනික කටයුතු ආරම්භ කරන ලදී.

තව දුරටත්
news image

රණක්ෂිතයටපත් රණවිරුවන් සදහා කෘත්‍රිම පාද 378ක් සහ විද්‍යුත් ක්‍රියාකාරී කෘත්‍රිම අත් 04ක් සහ සාමාන්‍ය කෘත්‍රිම අත් 6ක්, සායනික සපත්තු 25ක් ප්‍රදානය කිරීම

රණක්ෂිතයට පත්ව දිවයින පුරා විසිරී සිටින රණවිරුවන් සඳහා රු.මිලියන 51.32ක මුදලක් වැය කර සකසන ලද කෘත්‍රිම පාද 378ක් ,වැලමිටින් පහළ විද්‍යුත් ක්‍රියාකාරී කෘත්‍රිම අත් 04ක් ,සාමාන්‍ය කෘත්‍රිම අත් 6ක් සහ සායනික සපත්තු 25ක් රණවිරුවන් වෙත ලබාදීම සදහා දිස්ත්‍රික්කයන් වෙත යොමු කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇත.
2021 වසර සඳහා රජයේ භාණ්ඩාගාරයෙන් රණවිරු සුබසාධනය සඳහා වෙන් කරන ලද මුදල් භාවිතා කරමින් මිලදී ගෙන ඇති මෙම සහායක උපකරණ පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂ හා දිස්ත්‍රික් නිලධාරීන් මගින් රණවිරුවන් වෙත ලබාදීම නිල වශයෙන් සංකේතවත් කරමින් අද දිනයේ දී මහනුවර දිස්ත්‍රික්කයේ වයි.එස්.ඩී යාපා රණවිරුවා වෙත දණහිසට ඉහළ Advance Knee Joint වර්ගයේ කෘත්‍රිම පාදයක් ප්‍රදානය කිරීම රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ මූලිකත්වයෙන් රණවිරු සේවා අධිකාරියේ දී සිදු කරන ලදී.
රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික), පළාත් ,පසු උවටැන සහ විශේෂ ව්‍යාපෘති අංශ ප්‍රධානී නියෝජ්‍ය අධ්‍යක්ෂ තුෂාර ජයසිංහ සහ වැඩසටහන් නිළධාරිනී නෙත්මි ගයත් ශ්‍රී ද මෙම අවස්ථාව සඳහා සහභාගි විය.
මෙම වැඩසටහන යටතේ දිවයිනපුරා විසිරී සිටින රණක්ෂිතයටපත් රණවිරුවන් 253ක් සදහා රු.මිලියන 17.64 ක් වැයකර කෘත්‍රිම පාද ලබා දී ඇති අතර ඉදිරියේ දී තවත් කෘත්‍රිම පාද 36ක්, රු.ලක්ෂ 5ක් වටිනා වැලමිටෙන් පහළ විද්‍යුත් ක්‍රියාකාරී කෘත්‍රිම අත් 16ක් , සාමාන්‍ය කෘත්‍රිම අත් 09ක් සහ සායනික සපත්තු 57ක් රණවිරුවන් වෙත ලබාදීමට නියමිතය.

තව දුරටත්
news image

අම්පාර රණවිරු බිරින්දෑවරු දස දෙනෙකු ඩිජිටල් අලෙවිකරණයට හුරු කෙරේ.

අම්පාර දිස්ත්‍රික්කයේ රණවිරු කාන්තා ව්‍යවසායකයින්ගේ ඩිජිටල් අලෙවිකරණ කුසලතා වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් අම්පාර වනිතා සංවර්ධන අංශය මගින් 2022 .10.26 වන දින අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලය තුලදී පුහුණු වැඩමුලුවක් පවත්වන ලදී.
රණවිරු බිරින්දෑවරුන්ගේ ව්‍යාපාර වර්ධනය කිරීම සඳහා ඩිජිටල් අලෙවිකරණ මෙවලම් සහ අන්තර්ජාල අලෙවිකරණ වේදිකාව ඵලදායී ලෙස භාවිතා කිරීමට ඔවුන්ට හැකි වන අයුරු පුහුණු කිරීම සඳහා ICTA ආයතනය සමගින් කාන්තා හා ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය සහ META ආයතනය එක්ව මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.
ICTA ආයතනය මගින් දැනට ක්‍රියාත්මක කරනු ලබන "සුහුරුලිය" කාන්තා සංවර්ධන වැඩසටහන නමින් ක්‍රියාත්මක ඩිජිටල් තාක්ෂණය තුලින් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය කාන්තාවන් සමාජ හා ආර්ථික සවිබල ගැන්වීම සාක්ෂාත් කර ගැනීම සම්බන්ධ වැඩසටහනට අනුබද්ධ පුහුණු වැඩමුළුවක් ලෙස මෙය ක්‍රියාත්මක කරන ලදී.
ඒ සදහා අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයෙහි වනිතා කටයුතු සංවර්ධන නිලධාරීතුමියට ඉදිරිපත් කරන ලද ඉල්ලීමකට අනුව දැනට ස්වයං රැකියාවන්හි නියුතු අම්පාර සංසදයෙහි රණවිරු බිරින්දෑවරු දස දෙනකු මේ සදහා සහභාගී කරවීය.

තව දුරටත්
news image

වස විසෙන් තොර ගොවිතැන පිළිබඳව ඇහැලියගොඩ රණවිරුවන් දැනුවත් කෙරේ.

රණවිරු සේවා අධිකාරියේ විශ්‍රාමික රණවිරු හා විශේෂ ව්‍යාපෘති අංශයේ දායකත්වයෙන් ක්‍රියාන්විත රාජකාරියේදී රණක්ෂිතයට පත් රණවිරුවන් හා සංසද සාමාජිකයන් යොදවා ගනිමින් කාබනික පොහොර භාවිතය,ගෙවතු වගාව, වී ගොවිතැන නගා සිටවිමේ දීප ව්‍යාප්ත වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක්‌ ඇහැළියගොඩ රණවිරු සංසදයේ ලේකම් ඩබ්. එල්. ඒ සුසන්ත කුමාර මහතාගේ පුර්ණ සංවිධානයෙන් ඇහැලියගොඩ සුමනතිස්සාරාමයේ දී පසුගිය දා පැවැත්විණි.
මෙම වැඩසටහන සදහා ඇහැලියගොඩ රණවිරු සංසද සාමාජිකයන් 20 දෙනෙකු පමණ සහභාගි විය.
රණවිරු සේවා අධිකාරියේ විශේෂ කෘෂි පුහුණු උපදේශක කෝප්‍රල් සුමිත් කුමාර මහතා හා ඇහැලියගොඩ කලාප කෘෂි නිලධාරී මොහාන් සමරසිරි මහත්මයාගේ සම්පත් දායකත්වයෙන් මෙම වැඩසටහන සාර්ථකව පැවැත්වීය.

තව දුරටත්
news image

රණවිරු සේවා අධිකාරියේ ප්‍රගතිය සමාලෝචනය සඳහා ආරක්ෂක ලේකම් තුමා පැමිණේ...

රණවිරු සේවා අධිකාරියේ වර්තමාන කටයුතු අධීක්ෂණය කිරීමට සහ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා 2022 ඹක්තෝබර් මස 28 වෙනි දින රණවිරු සේවා අධිකාරියේ ප්‍රධාන කාර්යාලය වෙත සංචාරයක් සිදු කරනු ලැබීය.
රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික), උප සභාපතිනිය සෝනියා කෝට්ටේගොඩ මැතිනිය සහ අධ්‍යක්ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික) සහ සභාපතිතුමන්ගේ ලේකම් බ්‍රිගේඩියර් රෝෂන් තිරිමාන්න විසින් ආරක්ෂක ලේකම්තුමන්ව ඉතා උණුසුම් අයුරින් රණවිරු සේවා අධිකාරි පරිශ්‍රය වෙත පිළිගනු ලැබීය.
ඉන් අනතුරුව, රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමන් ඇතුළු ඉහළ කළමණාකාරිත්වය සහ ආරක්ෂක ලේකම් තුමන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී රණවිරු සේවා අධිකාරියේ ප්‍රගතිය, ඉදිරි දැක්ම සහ රණවිරු ප්‍රජාව වෙනුවෙන් සිදු කිරීමට නියමිත ක්‍රියාකාරකම් මෙන්ම 2021 වර්ෂයේ අප්‍රේල් මස 9 වෙනි දින සිදුකරන ලද සංචාරයේ දී ලබාදුන් ඉලක්ක සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් සිදුකරන ලද ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් වන වැඩසටහන් පිළිබඳව ද සාකච්ඡා කරන ලදී.
මෙම ප්‍රගති සමාලෝචනයෙන් අනතුරුව ආරක්ෂක ලේකම් තුමන් විසින් රණවිරු සේවා අධිකාරියේ රාජකාරියේ විවිධ අංශ සහ ආයතන වල ප්‍රගතිය සහ ඔවුන් මුහුණ දී තිබෙන අපහසුතා පිළිබඳව ද සාකච්ඡා කරන ලදී.
මෙහිදී රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික) විසින් පසුගිය වසර හතර පිළිබඳව සංසන්දනාත්මක ප්‍රගති සමාලෝචන වාර්තාවක් සහ බලාපොරොත්තු වන ඉලක්ක සම්බන්ධයෙන් මෙන්ම රණවිරු ප්‍රජාව වෙනුවෙන් දැනට සිදුකරගෙන යන සුබසාධන ව්‍යාපෘතීන් සම්බන්ධයෙන් ද කෙටි පැහැදිලි කිරීමක් සිදු කරන ලදී.
අවසානයේදී, සාම්ප්‍රදායානුකූලව මෙම සංචාරය සිහිවීම පිණිස ආරක්ෂක ලේකම් තුමන් හට සමරු ඵලකයක් ප්‍රධානය කිරීම වෙනුවෙට රණවිරු සේවා අධිකාරියේ මැදිහත්වීම මත සවි බල ගන්වන ලද සාර්ථක ව්‍යවසායකයන් විසින් වෙළඳපොලේ අලෙවිය සඳහා ඉදිරිපත් කර තිබෙන රණවිරු නිෂ්පාදන ඇතුළත් බහාලුමක් එම නිෂ්පාදනයන්හි අලෙවි ප්‍රවර්ධනය කෙරෙහි අවධානය යොමු කරමින් ප්‍රධානය කරන ලදී.

තව දුරටත්
news image

රණවිරු තොරතුරු පද්ධතිය යාවත් කාලීන කිරීම කඩිනම් කෙරේ

රණවිරු සේවා අධිකාරියේ පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂකවරුන් සහ දිස්ත්‍රික් වැඩසටහන් නිලධාරීන් විසින් දැනට සිදු කරගෙන යනු ලබන රණවිරු දත්ත පද්ධතිය සදහා අවශ්‍ය රණවිරු තොරතුරු ඒකරාශි කිරීමේ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ විමසීමේ සාකච්ඡාවක් අධ්‍යක්ෂක තුමන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්වීය.
මෙහිදී රණවිරු තොරතුරු ඒකරාශී කර ගැනීමේ දී පැන නැගී ඇති ප්‍රායෝගික ගැටළු විසඳාගැනීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදීම සහ දිස්ත්‍රික්ක වැඩසටහන් නිලධාරීන් මුහුණ පා සිටින රාජකාරිමය ගැටළු පිළිබඳ අධ්‍යයනය කිරීමත් ඔවුන්ගේ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමත් මෙහිදී සිදුවිය.
රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික), පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්, දිස්ත්‍රික් වැඩසටහන් නිලධාරීන් සහ හමුදා නිලධාරීන් මේ අවස්ථාවට සහභාගි විය.

තව දුරටත්
news image

මධ්‍යම පළාතේ රණවිරු ගැටළු සොයා බැලීම සඳහා හදිසි නිරීක්ෂණ චාරිකාවක්

මධ්‍යම පළාතේ මහනුවර, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාල වලින් රණවිරුවන් වෙත සැපයෙන සේවාවන් පිළිබඳ සොයා බැලීම සඳහා රණවිරු සේවා අධිකාරියේ සභාපති, අධ්‍යක්ෂක ඇතුළු නිලධාරීන් විසින් විශේෂ නිරීක්ෂණ චාරිකාවක් මහනුවර පිහිටා ඇති මධ්‍යම පළාත් රණවිරු සේවා අධිකාරි කාර්යාලය වෙත පසුගිය දා සිදු කරන ලදී.
මෙහිදී රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතා, අධ්‍යක්ෂක ඇතුළු නිලධාරීන් විසින් මධ්‍යම පළාත් රණවිරු ගැටළු පිළිබඳ සාකච්ජා කරන ලදී. රණවිරුවන් දහ අට දහසකගේ පමණ විස්තර ඇතුලත් ලේඛනාගාරයත් යුද්ධයෙන් මියගිය රණවිරුවන්ගේ ඡායාරූප ඇතුළත් වූ සහ රණවිරු සැමරුම් කලාපයන් සංරක්ෂණය කිරීමේ වැඩ කටයුතු පිළිබඳව ද සාකච්ඡා කරන ලදී.
රණවිරු සංසද ආරම්භ කිරිමෙන් පසු 2003 වර්ෂයේ සිට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ මෙම අධිකාරියේ මධ්‍යම පළාත් කාර්යාලය පවත්වා තිබු අතර 2018 වර්ෂයේදි පමණ අත්‍යවශ්‍ය හේතුවක් මත එම කාර්යාලය ආණ්ඩුකාරවර කාර්යාලයෙන් ඉවත් කර ඇත. පසුකාලිනව පුනරුත්ථාපන අධ්‍යක්ෂ ජෙනරාල් යටතේ පැවති ප්‍රාදේශිය කාර්යාලය එම ස්ථානයෙන් ඉවත්වීමත් සමග මෙම කාර්යාල ගොඩනැගිල්ල මේ දක්වා නොමිලේ භාවිතා කිරිමට අවස්ථාව සලසා දෙන ලදි.
පසුකාලිනව ‍මෙම ගොඩනැගිල්ලේ නඩත්තු කටයුතු සිදු කරගෙන යාමේ අපහසුතාවය මත කටුගස්තොට සමස්ථ ලංකා රණවිරු පදනමේ ගරු සභාපති පූජ්‍ය ත්‍රීසිංහල සීමාරාමාධිපති ගැමුණුපුර රතනජෝති මාහිමිපාණන් විසින් රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමන් ඇතුළු කළමණාකරන මණ්ඩලයෙන් සිදු කරන ලද ඉල්ලීමකට අනුව මාසිකව සහන බදු මුදලක් ගෙවීමේ පදනම මත මෙම ගොඩනැගිල්ලේ පවත්වාගෙන ආ මධ්‍යම පළාත් කාර්යාලය තවදුරටත් පවත්වාගෙන යාම සදහා කළමනාකරණ මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදි.
මෙහිදි මෙම ස්ථානයේ ආරක්ෂාව සබැදිවද සාකච්ඡාවට භාජනය වූ අතර ඊට අදාල ආරක්ෂාව ශ්‍රී ලංකා යුද හමුදාවේ මැදිහත්වීම 11 වන සේනාංකයේ මැදිහත් වීම මත ලබා දීමටද එකගතාවය පළ කරන ලදී. ගොඩනැගිලි සංකීර්ණයේ අලුත්වැඩියා කටයුතු සිදුකිරීම සඳහා යුද හමුදාවේ ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ සහයෝගය ලබා ගැනීමට ද කටයුතු කරන ලදී.

තව දුරටත්
news image

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය වෙතින් රණවිරු දත්ත පද්ධතියට අත්වැලක්

අම්පාර රණවිරු බිරින්දෑවරුන් සවිබලගැන්වීමේ වැඩසටහනක්

අම්පාර රණවිරු සංසදයෙහි තෝරා ගත් රණවිරු බිරින්දෑවරු 13 කු සදහා කාන්තා ව්‍යවසායකත්වය සවි බල ගැන්වීමේ අරමුණින් සංවිධානය කරන ලද විශේෂ වැඩසටහනක් පසුගියදා අම්පාර දිස්ත්‍රික්කයේ වැඩසටහන් නිළධාරිනී තරණී නිවර්තිකා මෙනවියගේ සංවිධානයෙන් අම්පාර වනිතා අලෙවි මධ්‍යස්ථානය තුලදී පවත්වන ලදී.
අම්පාර රණවිරු දිස්ත්‍රික් කාර්‍යාලය මගින් අම්පාර දිස්ත්‍රික් වනිතා සංවර්ධන නිලධාරීතුමියට කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් පවත්වන ලද මෙම වැඩසටහනේදී තම ව්‍යවසායක කුසලතා ඔප් නංවා ගන්නා අයුරු පෙන්වා දෙමින් ස්වයං රැකියාවක නිරත වන ආකාරය පිලිබදව රණවිරු සංසද සාමාජිකාවන් දැනුවත් කරන ලදී.
එහිදී ඊට සම්බන්ධ වූ බිරින්දෑවරුන් අතරින් ඇදුම් මැසීමට හැකියාව ඇති රණවිරු බිරින්දෑවරු තුන් දෙනකු සදහා රැකියා අවස්තා 3ක් එම මධ්‍යස්ථානය තුලින් එම අවස්තාවේ දීම ලබා දීම සිදු කරන ලදී.
අනතුරුව, බේකරි ආහාර නිෂ්පාදනය කරන රණවිරු බිරින්දෑවරුන් දෙදෙනකු හට ආහාර ඇනවුම් ද , කිරි නිෂ්පාදනය ආශ්‍රිතව පුහුණු වැඩසටහන හා ව්‍යාපෘතියකට නියෝජන අවස්තා දෙකක් ද , භාණඩ අලෙවිය සිදු කරන බිරින්දෑවරුන් සදහා නිමි භාණ්ඩ ද ලබා දීමට එකගත්වය පල කරන ලදී.
මේ සදහා සම්පත් දායකත්වය අම්පාර දිස්ත්‍රික් වනිතා සංවර්ධන නිලධාරී සුරේකා එදිරිසිංහ මහත්මිය විසින් ලබා දෙන ලද අතර රණවිරු සංසද සාමාජිකයින්, රණවිරු බිරින්දෑවරුන් ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගි විය.

තව දුරටත්
news image

රණවිරු පවුලකට ගම්පහෙන් ඉඩමක් ලබා දෙයි

ඉඩමක් නොමැති රණවිරු පවුලක් සඳහා ගම්පහ ප්‍රදේශයෙන් ඉඩම් කැබැල්ලක් ලබා දීම සඳහා ඔප්පු අත්සන් කිරීමේ වැඩසටහනක් රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් රණවිරු සේවා අධිකාරියේ දී පවත්වන ලදී.
ඉඩමක් නොමැති රණවිරුවකු වෙත ලබාදීම සඳහා වතුපිටිවල ප්‍රදේශයේ පදිංචි පරිත්‍යාගශීලින් වන ධනසීලි කුමාරසිංහ සහ පියසීලි කුමාරසිංහ මහත්මියන් විසින් තෑගි ඔප්පුවකින් රණවිරු සේවා අධිකාරිය වෙත පරිත්‍යාග කරන ලද පර්චස් 10.20 ක ඉඩම ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි ශ්‍රීලංකා යුද්ධ හමුදාවේ මියගිය රණවිරුවකුගේ බිරිඳ වන ඩී.ඩී සමන්ති කුමාරි ප්‍රනාන්දු (මහේෂ් පද්මකුමාර රණවිරුවාගේ) වෙත ලබා දීම සිදු කරන ලදී.
බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ අලුත්කුරු කෝරළේ දාසිය පත්තුවේ ම්නුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වතුමුල්ල ගමෙහි පිහිටි පර්චස් 10.20 ක දෙල්ගහවත්ත ඉඩම් කැබල්ල සඳහා වන නිත්‍යානුකූල අයිතිය පැවරීම සඳහා රණවිරු සේවා අධිකාරියේ මැදිහත්වීම මත ශ්‍රී ලංකා යුද හමුදාවේ නීති සේවා අධ්‍යක්ෂක මණ්ඩලයේ සහාය ඇතිව ඉහත සඳහන් රණවිරු පවුල සඳහා ඔප්පු අත්සන් කිරීම සහ තාවකාලික බලපත්‍රය පිරිනැමීම රණවිරු සේවා අධිකාරියේ සභාපති ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.
පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂ තුෂාර ජයසිංහ මහතා, පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ධම්මිකා ෂෙල්ටන් මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලයේ නිලධාරීන්, යුද හමුදා නීති සේවා අධ්‍යක්ෂ මණ්ඩලයේ නිලධාරීන් සහ රණවිරු පවුලේ සාමාජිකයන් මෙම අවස්ථාව සදහා සහභාගී වන ලදී.

තව දුරටත්
news image

පන්නල රණවිරු සංසදයට කාබනික ගොවිතැන පිළිබඳ පුහුණුවක්

සෙනෙහසේ දරුවන් ජාතික පැරා මලල ක්‍රීඩා ජයග්‍රහණ 6 ක් හිමිකර ගනී.

රණවිරු සේවා අධිකාරියට අනුබද්ධව ක්‍රියාත්මක වන සෙනෙහස විශේෂ අධ්‍යාපන ආයතනයේ "SERRIC" ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් 2022 ජූනි මස 28 සහ 29 යන දෙදින පුරා කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වූ "ජාතික පැරා මළල ක්‍රීඩා තරගාවලිය " සඳහා තරග වැදුණු තරගකරුවන් 06 දෙනෙක් සුවිශේෂී ජයග්‍රහණයක් හිමිකර ගැනීමට සමත් විය.
එම ශූරතාවලියේ දී රන් පදක්කම් එකක්, රිදී පදක්කම් එකක් සහ ලෝකඩ පදක්කම් තුනක් ආදී වශයෙන් ජයග්‍රහණ රැසක් හිමිකර ගැනීමට "සෙනෙහසේ" දරුවන් සමත් වූහ.
අවුරුදු 18න් පහළ ඩවුන්සින්ඩ්‍රෝම් දරුවන් සඳහා වූ මීටර් 100 ධාවන තරග ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට කළණ බුද්ධිම ගුණතිලක සමත් වූ අතර චමත් ටිෂාන් පියරත්න විසින් ලෝකඩ පදක්කම දිනා ගන්නා ලදී. අවුරුදු 18 න් පහළ ඩවුන්සින්ඩ්‍රෝම් මීටර් 200 ධාවන තරග ඉසව්වෙන් යසස් දසන්ත රිදී පදක්කම දිනාගත් අතර මියුරාන් ප්‍රභාශ්වර ලෝකඩ පදක්කම දිනා ගන්නා ලදී.
එමෙන්ම අවුරුදු 18න් ඉහල ඩවුන්සින්ඩ්‍රෝම් මීටර් 200 ධාවන තරග ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට ජනිත් ජීවන්ත සමත් විය.
තවද අවුරුදු 18න් පහළ යගුලිය විසි කිරීමේ තරග ඉසව්වෙන් 4 වන ස්ථානය දිනා ගැනීමට නළමුදු යසිඳු සමත් සමත් වූ අතර අවුරුදු 18න් ඉහල යගුලිය විසි කිරීමේ තරග ඉසව්වෙන් පස්වන ස්ථානය හිමි කර ගැනීමට ජනිත් ජීවන්ත සමත් විය.
2022 පැරා මළල ක්‍රීඩා තරගාවලි⁣යෙහි සිය දස්කම් විදහාපාමින් ජාත්‍යන්තර තලයට "සෙනෙහස" නාමය ඔසවා තැබූ අපගේ විශිෂ්ට තරඟකරුවන් හට රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මැතිතුමන් ප්‍රමුඛ සමස්ත කාර්යය මණ්ඩලයේ උණුසුම් සුබපැතුම් මෙසේ පිළිගන්වන අතර, තවදුරටත් ක්‍රීඩා කෞෂල්‍යයන් විදහාපාමින් ඉදිරියේදී තව තවත් ජාතික සහ ජාත්‍යන්තර තරග ජයග්‍රහණ ලබන්නට ඔවුනට හැකිවේවායි ආශීර්වාද කරමු.
එමෙන්ම මේ සඳහා දරුවන් පුහුණු කළ ක්‍රීඩා උපදේශකවරුන්, ගුරු මණ්ඩලය සහ සහයක ගුරුවරියන් මෙන්ම එම දරුවන්ගේ දෙමාපියන්හට සහ "SERRIC" ක්‍රීඩා සමාජයේ කලමණාකරණ මණ්ඩලයට රණවිරු සේවා අධිකාරියේ සභාපති තුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ ගෞරවනීය ස්තුතිය පුදකර සිටිමු.

තව දුරටත්
news image

පැරා මළලල ක්‍රීඩක අනිල් ප්‍රසන්නගේ ජාත්‍යන්තර ජයග්‍රහණය ඇගයීමට ලක් කෙරේ

රණවිරු සේවා අධිකාරියේ ක්‍රීඩා කණ්ඩායම නියෝජනය කරමින් T42 කාණ්ඩයෙන් තරග වදින රණවිරු අනිල් ප්‍රසන්න ජයලත් ඉන්දියාවේ ජාතික පැරා ක්‍රීඩා තරගාවලියට ඉදිරිපත් වීමෙන් අනතුරුව රිදී පදක්කමක් හිමි කර ගැනීමෙන් පසු රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) හමු විය.
පසුගිය දා ඉන්දියාවේ බැංගලෝර්හිදී පවත්වන ලද හතරවන (4) ඉන්දියානු ජාත්‍යන්තර පැරා (para) මළල ක්‍රීඩා තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් සහභාගීවූ රණවිරු අනිල් ප්‍රසන්න ජයලත් තත්පර 12.95 න් TF42 කාණ්ඩයේ මීටර් 100 ඉසව්ව නිම කරමින් එම ඉසව්වේ දෙවන ස්ථානය දිනාගනිමින් ශ්‍රී ලංකාව වෙත රිදී පදක්කමක් හිමි කරදීමට සමත් විය.
මෙම හමුවේදී ඔහුගේ ඉදිරි පුහුණු වීම් කටයුතු පිළිබඳව සහ තරග සැලසුම් පිළිබඳව සාකච්ඡා කරන ලදී. සභාපතිතුමන් විසින් ඔහුගේ අනාගත ජයග්‍රහණයන් සඳහා සුභ පැතුම් එක් කරන ලදී.
මෙම අවස්ථාව සඳහා රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂක මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික), සභාපති ලේකම් බ්‍රිගේඩියර් රෝෂන් තිරිමාන්න, පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂ තුෂාර ජයසිංහ මහතා සහ ක්‍රීඩා අංශය භාර නිලධාරී මේජර් හිනිදුමගේ චන්දන සහභාගි වන ලදී.

තව දුරටත්
news image

බස්නාහිර පළාතේ විරු දරුවන් හට මුතුහරෙන් පාසල් උපකරණ පරිත්‍යාගයක්

ජාතික රූපවාහිනියේ ජාත්‍යන්තර මුතුහර ළමා සමාජ වලට අනුබද්ධ දෝහා කටාර්, එංගලන්තයේ ලන්ඩන් නුවර සහ ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් සහ සිඩ්නි නුවර පදිංචි ශ්‍රී ලාංකික දරු දැරියන් විසින් පරිත්‍යාග කරන ලද පාසැල් උපකරණ බෙදාදීමේ පළමු අදියර වශයෙන් බස්නාහිර පළාතේ කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කයන්හි රණ විරු දරුවන් උදෙසා පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2022 අගෝස්තු මස 30 වන අගහරුවාදා රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.
ජාතික රූපවාහිනියේ මුතුහර ළමා වැඩසටහනේ වැඩසටහන් අධ්‍යක්ෂ උදාන්ත කමල් ගුණතිලක මහතාගේ සහභාගිත්වයෙන් පැවති මෙම වැඩසටහනේදී යුද්ධයෙන් මියගිය සහ රණක්ෂිතයට පත් ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියට අනුයුක්තව රාජකාරි කොට යුද්ධයෙන් මියගිය සහ රණක්ෂිතයට පත් වූ රණවිරුවන්ගේ තෝරාගත් රණවිරු දරු දැරියන් 70 දෙනෙකු සඳහා පාසල් උපකරණ පරිත්‍යාගය රණවිරු සේවා අධිකාරියේ සභාපති තුමන්ගේ මගපෙන්වීම යටතේ සිදු විය.
රණවිරු සේවා අධිකාරියේ උප සභාපතිනිය සහ සෙනෙහස විශේෂ අධ්‍යාපන කේන්ද්‍රයේ ප්‍රධාන අධීක්ෂණ නිළධාරිනි, සෝනියා කෝට්ටේගොඩ මහත්මිය, රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ, මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික), සභාපති ලේකම්, බ්‍රිගේඩියර් රෝෂන් තිරිමාන්න, රණවිරු සේවා අධිකාරියේ පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂ මහත්ම මහත්මීන්, අංශ ප්‍රධානීන්, වැඩසටහන් නිළධාරීන්, කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්, ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ නිලධාරීන් රණවිරු දෙමව්පියන් සහ දූ දරුවන් මෙම අවස්ථාවට සහභාගි විය.

තව දුරටත්
news image

ඉන්දියානු පැරා මළල ක්‍රීඩා තරගාවලියේ TF42 මීටර් 100 කාණ්ඩයේ අනුශූරතාවය රණවිරු සේවා අධිකාරියේ අනිල් ප්‍රසන්න හිමිකර ගනී

2022 වර්ෂයේ ඉන්දියානු පැරා මළල ක්‍රීඩා තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදුණු රණවිරු සේවා අධිකාරියේ ක්‍රීඩා සංචිතය නියෝජනය කරන රණවිරු අනිල් ප්‍රසන්න ජයලත් විසින් TF42 මීටර් 100 කාණ්ඩයේ අනුශූරතාව හිමිකර ගැනීමට අද දිනයේ දී සමත් විය.
ඉන්දියාවේ බැංගලෝර්හිදී පවත්වන ලද හතරවන (4) ඉන්දියානු ජාත්‍යන්තර පැරා (para) මළල ක්‍රීඩා තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් සහභාගීවූ රණවිරු අනිල් ප්‍රසන්න ජයලත් තත්පර 12.95 න් මීටර් 100 ඉසව්ව නිම කරමින් එම ඉසව්වේ දෙවන ස්ථානය දිනාගනිමින් ශ්‍රී ලංකාව වෙත රිදී පදක්කමක් ලබා හිමි කරදීමට සමත් විය.
රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලය සමස්ත රණවිරු ප්‍රජාව වෙනුවෙන් රණවිරු අනිල් ප්‍රසන්නගේ ජාත්‍යන්තර ජයග්‍රහණය වෙනුවෙන් සුභ පැතුම් පළ කර සිටිමු. අනාගතයේ දී දිවයිනට පැරා ඔලිම්පික් රන් පදක්කමක් ගෙන ඒමට ඹහුට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කර සිටිමු.

තව දුරටත්
news image

රණවිරු දියණියකගේ ක්‍රීඩා දිවියට අත්වැලක් ලබා දෙයි

කළුතර දිස්ත්‍රික්කයේ රණවිරු සංසද නියෝජනය කරන කායවර්ධන ක්‍රීඩාවේ නිරතව සිටින රණවිරු සංසද සාමාජික දියණියක් වෙත ඒ සඳහා අවශ්‍ය ශක්ති ජනක පානයන් ලබාදීම සහ ඇයගේ අනාගත ක්‍රීඩා අපේක්ෂාවන් සඳහා අත්වැලක් වීමේ විශේෂ හමුවක් පසුගියදා රණවිරු සේවා අධිකාරියේ දී පැවැත්විණි.
කළුතර රණවිරු සංසදය නියෝජනය කරන රණවිරු බිරිදක වන ලසන්ති හේරත් මහත්මියගේ දියණිය වන කායවර්ධන ක්‍රීඩාවේ නිරත එච්.ඒ තාරකා සදරේනු පෙරේරා දියණිය විසින් ඇයගේ ක්‍රීඩා අවශ්‍යතාවයන් සඳහා අනුග්‍රාහකත්වයක් ලබා දෙන ලෙස රණව්රු සේවා අධිකාරියෙන් විශේෂ ඉල්ලීමක් සිදුකරන ලදී.
එම ඉල්ලීම සැලකිල්ලට ගනිමින් මෙම දියණියගේ අනාගත ක්‍රීඩා කෞෂල්‍යයන් වැඩිදියුණු කර ගැනීමට අත්වැලක් වීමේ අරමුණ ඇතිව රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතා විසින් උක්ත පරිත්‍යාගය සිදු කරන ලදී.
මෙම රණවිරු දියණියගේ පියාණන් 1998 වර්ෂයේ සැප්තැම්බර් මස 27 වැනි දින කිලිනොච්චි ප්‍රදේශයේ ත්‍රස්තවාදී ප්‍රහාරයකට ගොදුරු වීමෙන් මිය ගිය යුද හමුදාවට අයත් රණවිරුවකු වේ.
මෙම අවස්ථාව සඳහා රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ, ක්‍රීඩා අංශභාර නිළධාරී සහ කළුතර දිස්ත්‍රික්කයේ වැඩසටහන් නිලධාරීනී සහභාගී වන ලදී.

තව දුරටත්
news image

ඉන්දියානු පැරා තරඟාවලියට සහභාගී වන රණවිරු අනිල් ප්‍රසන්න හට දිරිගැන්වීමක්

රණවිරු සේවා අධිකාරියේ ක්‍රීඩා කණ්ඩායම නියෝජනය කරමින් T42 කාණ්ඩයෙන් තරග වදින රණවිරු අනිල් ප්‍රසන්න ජයලත් මේ මස 16 සිට 20 වන දින දක්වා ඉන්දියාවේදී පැවැත්වෙන පැරා (para) මළල ක්‍රීඩා තරඟාවලිය සඳහා සහභාගී වීමට ප්‍රථම රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) හමුවී තම අපේක්ෂාවන් හා අවශ්‍යතාවන් පිළිබඳව සාකච්ඡා කරන ලදී
. රණවිරු අනිල් ප්‍රසන්න ජයලත් T42 කාණ්ඩය නියෝජනය කරමින් ඉන්දියාවේ බැංගලෝර් හිදී පැවැත්වෙන හතරවන (4) ඉන්දියන් ජාත්‍යන්තර පැරා (para) මළල ක්‍රීඩා තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් සහභාගි වීමට නියමිතව ඇත
. මෙහිදී ඔහුගේ පුහුණු වීම් කටයුතු සඳහා උපකාරී වන ශක්ති ජනක පානයක් පරිත්‍යාග කරමින් සභාපතිතුමන් විසින් ඔහුගේ අනාගත ජයග්‍රහනය සඳහා සුභ පැතුම් එක් කරන ලදී
. මෙම අවස්ථාව සඳහා රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂක මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික) සහ ක්‍රීඩා අංශය භාර නිලධාරී මේජර් හිනිදුමගේ චන්දන සහභාගි වන ලදී.

තව දුරටත්
news image

"අපි අපේ වගකීම ඉටුකරමු, අපි ගන්න පඩියට වැඩ කරමු"

රණව්රු සේවා අධිකාරියේ අධ්‍යක්ෂක, නියෝජ්‍ය අධ්‍යක්ෂකවරුන් සහ සියලුම අංශ ප්‍රධානීන් හමුවේ රණව්රු සේවා අධිකාරියේ කාර්යභාරය සහ ඉදිරියේදී සිදු කළ යුතු ක්‍රියාකාරකම් පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද දින (අගෝස්තු මස 2 වැනිදා) රණව්රු සේවා අධිකාරියේ මූලස්ථාන පරිශ්‍රයේ දී පවත්වන ලදී.
පසුගිය මාස කිහිපය තුළ රට තුළ පැවති ආර්ථික අර්බුදය සහ ප්‍රවාහන දුෂ්කරතාවයන් හේතුකොටගෙන රාජකාරි සීමාවන් මත සිටිමින්, සිදු කළ සේවාවන් පිළිබඳ පසු විපරමක් සිදුකිරීම සහ එම වකවානුවේදී සිදුවූ අඩුපාඩු මඟහරවා ගනිමින් වඩා ඵලදායී සහ වගකිව යුතු සේවාවක් සැපයීම අරමුණු කරගනිමින් මෙහිදී කරුණු සාකච්ඡාවට භාජනය කරන ලදී.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතා "අප වෙනුවෙන් අපගේ නිදහස වෙනුවෙන් එදා යුද බිමේ සටන් වැදුණු වීරෝදාර රණවිරුවන් උදෙසා අප විසින් සිදු කළ යුතු මෙම මහඟු සේවාව මහත් වගකීමකින් සහ ගෞරවයකින් යුතුව ඉටු කිරීමට අප බැඳී සිටින බවත් එවැනි වගකීමක් ගෞරවාන්විතව ඉෂ්ට කිරීම අප විසින් සිදු කළ යුතු යුගයේ ප්‍රධානතම කාර්යභාරයක් බවත්" වැඩිදුරටත් සඳහන් කරන ලදී.
දේශයේ ඒකීය භාවය හා භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් තමන් සමඟ සටන් පෙරමුණේ සිටිමින් යුද වැදී මියගිය සහ රණක්ෂිතයට පත්ව සිටින රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් රැක බලා ගැනීම සඳහා තමන්ට ලැබුණු අවස්ථාව මහත් වගකීමෙන් යුතුව ඉටු කිරීමට කටයුතු කරනු ලබන බවද සභාපතිතුමන් ප්‍රකාශ කරන ලදී.
මෙම ජාතික වගකීම සඳහා තමන්ගේ වරප්‍රසාද වලට එහා ගිය රාජකාරිමය වගකීමකින් සහ ගෞරවයකින් යුතුව තම රාජකාරිය මනාලෙස ඉටුකරන ලෙස කාර්ය මණ්ඩලයේ සියලුම සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටින ලදී.
රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ, මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික), සභාපති තුමන්ගේ ලේකම්, බ්‍රිගේඩියර් රෝෂන් තිරිමාන්න, පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂකවරුන්, අංශ ප්‍රධානීන් ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගි විය.

තව දුරටත්
news image

රණවිරු පවුල් සදහා මාලඹෙන් සහ මීරිගමින් ඉඩම් ලබා දෙයි

ඉඩම් නොමැති රණවිරු පවුල් දෙකක් සඳහා මාලඹේ සහ මීරිගම ප්‍රදේශයන්හි පිහිටි ඉඩම් කැබලි දෙකක් සඳහා ඔප්පු අත්සන් කිරීමේ මූලික වැඩසටහනක් රණවිරු සේවා අධිකාරියේ දී 2022 අගෝස්තු මස 1 වන දින පවත්වන ලදී.
ඉඩම් නොමැති රණවිරුවන් වෙත ලබාදීම සඳහා මීරිගම ප්‍රදේශයේ පදිංචි පරිත්‍යාගශීලියකු වන විනීතා වික්‍රමාරච්චි මහත්මිය විසින් තෑගි ඔප්පුවකින් රණවිරු සේවා අධිකාරිය වෙත පරිත්‍යාග කරන ලද පර්චස් 10 ක ඉඩම ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම ප්‍රදේශයේ පදිංචි ශ්‍රීලංකා යුද්ධ හමුදාවේ ආබාධිත රණවිරුවකු වන එච්.ඩබ්ලිව් කුමාරසිරි මහතා වෙත ලබා දීම සිදු කරන ලදී.
මෙහිදී කඩුවෙල ප්‍රාදේශීය සභාව මගින් රණව්රු සේවා අධිකාරිය වෙත පරිත්‍යාග කරන ලද පර්චස් 6.70 ක ඉඩම් කැබැල්ල තාවකාලික බලපත්‍රයක් මගින් පදිංචිය සඳහා රණක්ෂිතයට පත් යුද්ධ හමුදාවේ රණවිරු ඩී.එම්.එස් කුමාරසිරි මහතා වෙත ලබා දීම සිදු කරන ලදී.
මෙම ඉඩම් කැබලි සඳහා වන නිත්‍යානුකූල අයිතිය පැවරීම සඳහා රණවිරු සේවා අධිකාරියේ මැදිහත්වීම මත ශ්‍රී ලංකා යුද හමුදාවේ නීති සේවා අධ්‍යක්ෂක මණ්ඩලයේ සහාය ඇතිව ඉහත සඳහන් රණවිරු පවුල් දෙක සඳහා ඔප්පු අත්සන් කිරීම සහ තාවකාලික බලපත්‍රය පිරිනැමීම රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.
රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමන් විසින් මෙම ඔප්පු සහ බලපත්‍රය සදහා නිළ වශයෙන් අත්සන යොදා සහතික කරන ලදී.
රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂක තුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ නිලධාරීන්, යුද හමුදා නීති සේවා අධ්‍යක්ෂ මණ්ඩලයේ නිලධාරීන් සහ රණවිරු පවුල්වල සාමාජිකයන් කීප දෙනෙකු මෙම අවස්ථාව සදහා සහභාගී වන ලදී.

තව දුරටත්
news image

ජාතික පැරා මලල ක්‍රීඩක රණව්රු අනිල් ප්‍රසන්න සභාපතිතුමන් හමුවෙයි

ජාතික පැරා මළල ක්‍රීඩා තරගාවලියේ TF42 මීටර් 100 කාණ්ඩයේ ශූරතාව රණව්රු සේවා අධිකාරියට හිමි කර දීමට සමත්වූ රණව්රු අනිල් ප්‍රසන්න ජයලත් සහ රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතා අතර හමුවක් අද දින රණව්රු සේවා අධිකාරියේදී පවත්වන ලදී.
මෙහිදී මෙම රන් පදක්කම් ලාභී රණවිරුවාගේ අනාගත ක්‍රීඩා සැලසුම් සහ විදේශ සංචාරයන් පිළිබඳ සොයා බැලීම ද සිදු කරන ලදී. ඔහුගේ ක්‍රීඩා කටයුතු සඳහා අවශ්‍ය මූලික පහසුකම් පිළිබඳ සොයා බැලීම ද මෙහිදී සිදු විය.
කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පසුගිය දා පවත්වන ලද ජාතික පැරා මළල ක්‍රීඩා තරගාවලිය - 2022 සඳහා රණව්රු සේවා අධිකාරියේ ක්‍රීඩා සංචිතය නියෝජනය කරමින් තරග වැදුණු රණව්රු අනිල් ප්‍රසන්න ජයලත් විසින් TF42 මීටර් 100 කාණ්ඩය ඉසව්වේ ප්‍රථම ස්ථානය ලබාගනිමින් එම ඉසව්වේ ශූරතාව හිමිකර ගැනීමට සමත් විය.
රණවිරු සේවා අධිකාරියේ ක්‍රීඩා භාර නිළධාරී මේජර් හිනිදුමගේ චන්දන මෙම අවස්ථාවට සහභාගි විය.

තව දුරටත්
news image

නුවරඑළිය දිස්ත්‍රික්කයේ රණක්ෂිතයට පත් රණවිරුවන් වෙනුවෙන් සුබසාධන ව්‍යාපෘති රැසක්

නුවරඑළිය දිස්ත්‍රික්කයේ රණක්ෂිතයට පත් රණවිරුවන් 25 දෙනෙකු වෙනුවෙන් අත්වාරු බෙදා දීමේ තවත් එක් වැඩසටහනක් 2022 ජූලි මස 12 වන දින හගුරන්කෙත ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් හගුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදු කරන ලදී.
ඊට සමගාමීව හඟුරන්කෙත ප්‍රාදේශිය ලේකම්තුමන් හට රණවිරු කොඩිය පැළදවීමද මෙම වැඩසටහන අතරතුරදී සිදු කරන ලදී.
නුවරඑළිය දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ පුහුණු හා උපදේශණ නිලධාරි සමන්ත මහතා සම්බන්ධ කර ගනිමින් කුඩා ව්‍යාපාර ආරම්භ කිරීම හා වැඩිදියුණු කර ගැනීම පිළිබදව රණක්ෂිතයට පත් රණවිරුවන් දැනුවත් කිරිමේ දේශණයක් ද සිදු කරන ලදී.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 'හරිත දැයක්' ජාතික ගෙවතු වගා වැඩසටහන 2022 යටතේ ගෙවතු වගා ආරම්භ කිරීමට රණක්ෂිතයට පත් රණවිරුවන් සහ ඹවුන්ගේ පවුල් වල සාමාජිකයන් යොමුකරවීම සදහා ඔවුන් හට එළවලු බීජ බෙදාා දීමටත් කටයුතු සිදුකරන ලදි.
මෙම වැඩසටහන් සදහා හගුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රණවිරු සම්බන්ධීකරණ නිලධාරි, රණවිරු සේවා අධිකාරියේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වැඩසටහන් නිලධාරිනි අජන්තා හේරත් මහත්මිය සහ රණවිරු සංසද සාමාජිකයන් සහභාගි විය.

තව දුරටත්
news image

ශ්‍රී ලංකා ටෙලිකොම් වෙතින් රණවිරු සේවා අධිකාරියට සන්නිවේදන අනුග්‍රහයක්

රණවිරු සේවා අධිකාරියේ උප සභාපතිනී සහ සෙනෙහස අධ්‍යාපන සම්පත් පර්යේෂණ කේන්ද්‍රයේ ප්‍රධාන අධීක්ෂණ නිලධාරිනී සෝනියා කෝට්ටේගොඩ මහත්මිය විසින් ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති රොහාන් ප්‍රනාන්දු මහතාගෙන් සිදුකරන ලද විශේෂ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් රණවිරු සේවා අධිකාරිය වෙත සහ සෙනෙහස සම්පත් කේන්ද්‍රයේ පරිපාලනමය කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා අවශ්‍යතාවක් ව පැවැති සී ඩී එමි ඒ (CDMA) රැහැන් රහිත දුරකතන දහයක් පරිත්‍යාග කිරීම 2022 ජූලි මස 6 වන බදාදා දිනයේ දී රණව්රු සේවා අධිකාරියේදී සිදුවිය.
රණවිරු සේවා අධිකාරියේ උප සභාපතිනී සෝනියා කෝට්ටේගොඩ මහත්මිය විසින් මෙම අනුග්‍රහකත්වය සඳහා විශේෂ මැදිහත්වීමක් සිදුකරන ලද ශ්‍රී ලංකා ටෙලිකොම්හි සභාපති රොහාන් ප්‍රනාන්දු මහතාට සහ කවිතා බංඩාර මහත්මිය වෙත විශේෂ ස්තුතියක් පළ කරන ලදී.
මෙම පරිත්‍යාග කිරීමේ වැඩසටහන සඳහා රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතා, රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික) මහතා, සභාපතිතුමාගේ ලේකම් බ්‍රිගේඩියර් රෝෂන් තිරිමාන්න මහතා, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය නියෝජනය කරමින් රන්ජන් සුභසිංහ සහ සචිංද සුභසිංහ යන මහත්වරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් මෙම අවස්ථාවට සහභාගි විය.

තව දුරටත්
news image

මාතර දිස්ත්‍රික්කයේ රජයේ නිලධාරීන් සඳහා විශේෂ කෘෂි පුහුණු වැඩසටහනකට රණව්රු දායකත්වය ලබා දෙයි

මාතර දිස්ත්‍රික්කයේ කිරින්ද පුහුල්වැල්ල රණවිරු සංසදය නියෝජනය කරන රණවිරු ප්‍රදීප් කුමාර මහතා විසින් මාතර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්තුමා ඇතුළු රජයේ නිළධාරින් සදහා කාබනික පොහොර නිෂ්පාදනය, නාගරික ගෙවතු වගාව පිළිබඳ පුහුණු කිරීමේ විශේෂ වැඩසටහනක් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පවත්වන ලදී.
රණවිරු සේවා අධිකාරියේ විශේෂ මැදිහත්වීම මත සංවිධානය කරන ලද මෙම වැඩසටහනේදී රණවිරු ප්‍රදීප් කුමාර විසින් වගාකරන ලද සියලුම පැල වර්ග සහ එම රණවිරුවා විසින් නිෂ්පාදනය කරන ලද කාබනික පොහොර සහන මිලට එම වැඩසටහනට සහභාගී වූ රාජ්‍ය නිලධාරීන් හට ලබාදීම මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඉතාමත් සාර්ථකව පවත්වන ලදී .
රණව්රු සේවා අධිකාරියේ මාතර දිස්ත්‍රික්කයේ වැඩසටහන් නිළධාරි, එච් එල් සී ශිරාන් ඇතුළු රණවිරු සංසද සාමාජිකයන් පිරිසක් මෙම වැඩසටහන සඳහා සහභාගි විය.

තව දුරටත්
news image

රණවිරු කොඩි ව්‍යාපෘතිය සඳහා ත්‍රිකුණාමලයේ දායකත්වය

13 වන රණවිරු සැමරුම් දිනයට සමගාමීව ක්‍රියාත්මක වූ රණවිරු කොඩි බෙදාදීමේ වැඩසටහනහට සමගාමීව සංකේතාතමකව රණව්රු කොඩි ප්‍රධානය කිරීම පසුගිය දා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේදී සිදු කරන ලදී.
රණවිරු සේවා අධිකාරියේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් වැඩසටහන් නිලධාරී චමත් අනුපම ලියනගේ මහතාගේ සංවිධානත්වයෙන් පැවැත්වූ මෙම වැඩසටහන ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් බී.එස්.එන්.ජයවික්‍රම මහතා,අතිරේක දිසාපති එස්.අරුල්රාජ් මහතා සහ පරිපාලන නිලධාරී එස්.කුරුකුළසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
මෙම වැඩසටහන සඳහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සියලුම සේවක මහත්ම මහත්මීන්ගේ නොමසුරු දායකත්වය ලැබිණි.

තව දුරටත්
news image

ආබාධිත සහයක උපකරණ කොළඹට

ජේ.එස්.ඩබ්ලිව් ඇපරල් ආයතනයේ සභාපතිතුමාගේ රුපියල් ලක්ෂ 25 ක මූල්‍ය අනුග්‍රාහකත්වයෙන් රණව්රු මවකට නව නිවසක්

කළුතර දිස්ත්‍රික්කයේ මිල්ලනිය රණවිරු සංසදයට අයත් 19 වන ගැමුණු හේවා රෙජිමේන්තුවට අනුයුක්තව රාජකාරීයේ නිරතව සිටියදී දිවි පිදූ රණවිරු සෙ/16F00168 කෝප්‍රල් කවීන්ද්‍රලාල් සේනාධීරගේ මෑණියන් වන S.G කළ්‍යාණවතී මව වෙනුවෙන් ඉදි කල නව නිවසට ගෙවදීමේ විශේෂ වැඩසටහනක් 2022 ජූනි මස13 දින දොඹගොඩ, හොරණ පිහිටි එම නිවසේ දී සිදු කරන ලදී.
රණව්රු සේවා අධිකාරියේ උපසභාපතිනී සහ සෙනෙහස විශේෂ අධ්‍යාපන ආයතනයේ ප්‍රධාන අධීක්ෂණ නිළධාරිනී, සෝනියා කෝට්ටේගොඩ මහත්මිය විසින් සිදු කරන ලද පුද්ගලික ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් ජේ.එස්.ඩබ්ලිව් ඇපරල් ආයතනයේ ගරු සභාපති චමල් ද මෙල් මහතාගේ පූර්ණ ධන පරිත්‍යාගයෙන් සහ රණවිරු සේවා අධිකාරියේ පූර්ණ මැදිහත්වීම මත සිදු කරන ලද සත් ක්‍රියාවකි.
වර්ෂ 2009 පෙබරවාරි මස 18 වන දින මුලතිව් ප්‍රදේශයේ ක්‍රියාන්විත රාජකාරියේ නිරතව සිටියදී රට දැය වෙනුවෙන් දිවි පිදූ මෙම රණවිරුවාගේ මෑණියන් ඇතුළු පවුලේ සාමාජිකයන් ජීවත් වූ නිවස 2021 වර්ෂයේ ඇති වූ දැඩි වර්ෂාපතනය හේතුවෙන් ඇතිවූ නායයෑම් තත්වයෙන් හානියට පත් විය. මෙහිදී වහා ක්‍රියාත්මක වූ රණවිරු සේවා අධිකාරියේ නිලධාරීන් මෙම රණවිරු පවුල වෙනුවෙන් නව නිවසක් ඉදිකර දීම සඳහා වන මූලික කටයුතු සිදු කරන ලදී. 2021 දෙසැම්බර් මස 23 වන ඉදිකිරීම් කටයුතු ආරම්භ කල මෙම නිවස මාස 6 ක් වැනි කෙටි කලකදී නිම කර දීමට යුධ හමුදා සෙබළුන්ට හැකි වන ලදී.
රුපියල් ලක්ෂ 25 ට ආසන්න මුදලක් වැය කරමින් දානපති චමල් ද මෙල් මහතා විසින් අනුග්‍රාහකත්වය ලබා දුන් නව නිවස ඉදිකරදීම සඳහා රණවිරු සේවා අධිකාරියේ හමුදා සම්බන්ධීකරණ අංශයේ මැදිහත්වීම මත යුද හමුදාවේ ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භට පිරිස් කටයුතු කරන ලදී.
ජේ.එස්.ඩබ්ලිව් ඇපරල් ආයතනයේ සභාපති, චමල් ද මෙල් මහතාගේ අනුග්‍රහකත්වය මෙම සත්ක්‍රියාව සාර්ථක කර ගැනීම සඳහා දායක වූ සැමට තිළිණ ප්‍රදානය කිරීමක් ද මෙම අවස්ථාවේදී සිදු කරන ලදී.
ජේ.එස්.ඩබ්ලිව් ඇපරල් ආයතනයේ සභාපති, චමල් ද මෙල් මහතා, රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ, මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික) මහතා, රණව්රු සේවා අධිකාරියේ කළුතර දිස්ත්‍රික්කයේ වැඩසටහන් නිලධාරීනී, ගයේෂි ලක්ෂිකා මෙනවිය ඇතුළු පවුලේ සාමාජිකයන් මෙම අවස්ථාවට සහභාගි විය.

තව දුරටත්
news image

නොච්චියාගම සංසදයෙන් රණවිරු සැමරුම් වැඩසටහනක්

කෘෂි ව්‍යවසායකත්වයට රණවිරු සේවා අධිකාරියෙන් අත්වැලක්

අම්පාර දිස්ත්‍රික්කයේ කෘෂි කර්මාන්තයේ නිරතව සිටින රණක්ෂිතයට පත් රණවිරුවෙකු හට තම වගා කටයුතු සිදු කිරීම සඳහා අවශ්‍ය වතුර මෝටරයක් මිලදී ගැනීම උදෙසා අවශ්‍ය මූල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීම අද (10) දිනයේ දී රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.
11 වන ගැමුණු හේවා රෙජිමේන්තුවට අනුයුක්තව මුලතිව් ප්‍රදේශයේ ක්‍රියාන්විත රාජකාරියේ නිරතව සිටියදී 2009 ජනවාරි මස 22 වන දින බිම් බෝම්බයකට අසු වීමෙන් තම වම් පාදය තුවාල ලබා විශ්‍රාමිකව අම්පාර දිස්ත්‍රික්කයේ පදිංචිව සිටින මෙම රණවිරුවා දැනට කෘෂිකර්මාන්තය සඳහා යොමු වී ඇත.
මෙම රණවිරුවාගේ උත්සාහය සහ උනන්දුව සළකා බලා ඔහුගේ ව්‍යවසායකත්ව හැකියාවන් සවිබල ගැන්වීමේ අරමුණින් රණවිරු සේවා අධිකාරියේ සභාපති තුමන්ගේ විශේෂ ඉල්ලීමකට අනුව දානපතියකු වන එච්.එම්.සී. ඩබ්ලිව්.බී හේරත් මහතා විසින් මෙම වතුර මෝටරය මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් පරිත්‍යාගය රණවිරු සේවා අධිකාරිය වෙත සිදු කරන ලදී.
රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික), සභාපති තුමන්ගේ ලේකම්, බ්‍රිගේඩියර් රෝෂන් තිරිමාන්න සහ රණක්ෂිතයට පත් ප්‍රතිලාභී රණවිරුවා මෙම අවස්ථාවට සහභාගි විය.

තව දුරටත්
news image

ආසියානු පැරා පිහිනුම් තරගාවලියට රණව්රු සේවා අධිකාරියේ ක්‍රීඩකයන් දිරි ගැන්වේ

රණවිරු සේවා අධිකාරියේ ක්‍රීඩා සංචිතයට අයත් පිහිනුම් කණ්ඩායමේ ක්‍රීඩකයන් හට ක්‍රීඩා භාණ්ඩ බෙදා දීමේ වැඩසටහනක් අද දින රණව්රු සේවා අධිකාරියේදී පවත්වන ලදී.
නුදුරේදී පැවැත්වීමට නියමිත ආසියානු පැරා පිහිනුම් තේරීම් ක්‍රීඩා තරගාවලියට රණවිරු සේවා අධිකාරියේ ක්‍රීඩා සංචිතය නියෝජනය කරමින් සහභාගි වන ක්‍රීඩා කණ්ඩායමේ ක්‍රීඩකයින් හට පිහිනුම් ක්‍රීඩා උපකරණ බෙදා දීම රණව්රු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.
රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික), සභාපති තුමන්ගේ ලේකම්, බ්‍රිගේඩියර් රෝෂන් තිරිමාන්න, ක්‍රීඩා සංචිතය භාර නිලධාරී, මේජර් හිනිදුමගේ චන්දන සහ පිහිණුම් ක්‍රීඩකයන් මෙම අවස්ථාවට සහභාගි විය.

තව දුරටත්
news image

රණක්ෂිතයට පත් රණවිරුවන් ත්‍රිකුණාමලය වෙරළ තීරය පිරිසිදු කිරිමේ වැඩසටහනකට නායකත්වය දෙයි

රණවිරු සේවා අධිකාරියේ නැගෙනහිර පළාත් කාර්යාලය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සමුද්‍ර හා පරිසර ආරක්ෂණ අධ්කාරිය හා එක්ව "පිරිසිදු දෑතින් හදමු පිරිසිදු රටක්"යන තේමාව යටතේ වෙරළ පවිත්‍රතා වැඩසටහක් ත්‍රිකුණාමලය "පරණ ජැටිය" සමූද්‍රීය වෙරළ තීරයේදී පසුගිය දා පවත්වන ලදී.
ත්‍රිකුණාමල නගර හා කඩවත් රණව්රු සංසද නිලධාරීන්ගේ දායකත්වයෙන් පවත්වන ලද මෙම වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන සඳහා ත්‍රිකුණාමලය නව දිසාපති බී.එස්.එන්. ජයවික්‍රම මහතා,අතිරේක දිසාපති එස්.අරුල්රාජ් මහතා, රණව්රු සේවා අධිකාරියේ නැගෙනහිර පළාත් භාර නියෝජ්‍ය අධ්‍යක්ෂ ගුණදාස හේමචන්ද්‍ර මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.
මෙම වැඩසටහන සඳහා සහභාගි වූ රණක්ෂිතයට පත් ධීවර කර්මාන්තය හා සම්බන්ධ ව්‍යවසායකයන් ඉන්ධන භාවිතය නොකරන, බත්තල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකරන වෙරළ කළාපයක් සඳහා අවශ්‍ය දිරි ගැන්වීම ලබා දෙමින් වෙරළ තීරය පිරිසිදු කිරීමට සක්‍රීය දායකත්වය ලබා දීම පිළිබඳ දිසාපතිතුමන්ගේ පැසසුමට ද ලක්විය .

තව දුරටත්
news image

අම්පාර රණවිරු සංසද සාමාජිකයින්ගෙන් විශේෂ සැමරුම් උත්සවයක්

අම්පාර දිස්ත්‍රික්කයේ අම්පාර සහ දමන රණවිරු සංසද සාමාජිකයන්ගේ පූර්ණ සහයෝගය මත සංවිධානය කරන ලද විශේෂ රණවිරු අනුස්මරණ වැඩසටහනක් පසුගිය දා දමන මුවංගල රණවිරු ස්මාරකය අභියසදී සාර්ථකව පවත්වන ලදී. එහිදී අම්පාර සහ දමන රණව්රු සංසද සාමාජිකයන්ගේ එකමුතුවෙන් වියලි සලාක මලු සහ රු.5000.00 ක වටිනාකමින් යුතු පාසල් උපකරණ වවුචර් පත් 10 ක් පාසල් දරුවන්ට සහ අඩු ආදායම් ලාභී පවුල් වෙත ලබා දෙන ලදී.
ඊට අමතරව රණවිරු සේවා අධිකාරිය මගින් ලබා දුන් මෝර්ටිවේෂන් රෝද පුටු 6ක් හා ශ්‍රවනාබාධ උපකරණ කට්ටලයක් රණක්ෂිතයට පත් රණවිරුවන් වෙනුවෙන් ලබා දෙන ලදී.
සැමරුමෙන් පසු කාව්‍යමය කවි බණ දේශනයක් පුරා පැයක් පවත්වා වැඩසටහන නිමාවට පත් කරන ලදී. ඒ සදහා මුවංගල විහාරාධිපති ආනන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් යුතු අම්පාර විද්‍යානන්ද පිරිවෙනෙහි ස්වාමීන් වහන්සේ දෙපලක් මේ සඳහා වැඩම කරන ලදී.
අම්පාර අතිරේක දිස්ත්‍රික් ලේකම් , පරිපාලන නිලධාරී , රාජ්‍ය කලමනාකාරතුමිය, දමන පරිපාලන නිලධාරී , ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ නිලධාරීන්, මුවංගල තරුණ සමිතියේ සාමාජිකයන් , අම්පාර , දමන සංසද නිලධාරීන් හා සාමාජිකයන් මෙම අවස්ථාවට සහභාගී විය.

තව දුරටත්
news image

රණවිරු සැමරුමක් අම්පාරේදී

තිස් වසරක යුද්ධය නිමා කළ රණවිරුවන් සිහිපත් කිරීම අම්පාර දිස්ත්‍රික් ලේකම් ජේ. එම්. ඒ. ඩග්ලස් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් වී. ජෙගදීසන් මහතා, සහකාර දිස්ත්‍රික් ලේකම් විමංස සෙනවිරත්න මහතා, දිස්ත්‍රික් ප්‍රධාන ඉංජිනේරු මහතා, ප්‍රධාන ගණකාධිකාරි මහතා, නියෝජ්‍ය සැලසුම් අධ්‍යක්ෂ, සමෘද්ධි අධ්‍යක්ෂ සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පරිපාලන නිළධාරී ඇතුළු මාණ්ඩලික නිළධාරීන්, අංශ ප්‍රධානීන් රණවිරු සේවා වැඩසටහන් නිලධාරීනී ඇතුළු රණවිරු සංසද නිළධාරීන් රැසක් සහාභාගී විය.

තව දුරටත්
news image

රණවිරු කොඩිය සඳහා සබරගමුව පළාත් ආණ්ඩුකාර කාර්යාලය සම්මාදම් වෙයි

සබරගමුව පළාත් රණවිරු කොඩි පැළදවීම පසුගිය දා රත්නපුර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේ දී ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙහිදී පළාත් රාජ්‍ය ආයතන සදහා ලබා දීමට රණවිරු කොඩි 50,000 ප්‍රදානය කිරීම ද සිදුවිය.
සබරගමුව පළාත් ආණ්ඩුකාර කාර්යාලය සහ රණවිරු සේවා අධිකාරිය විසින් පළාතේ රාජ්‍ය ආයතන සදහා මෙම රණවිරු කොඩි ලබා දීම සිදු කරන අතර, එයින් ලැබෙන ආදායම රණවිරුවන්ගේ සුභ සාධනය සදහා යෙදවීමට අපේක්ෂා කෙරේ.
මෙම අවස්ථාව සඳහා ආණ්ඩුකාර ලේකම් එච්.ඩී. සිසිර, ආණ්ඩුකාර පෞද්ගලික ලේකම් මංජුලා ඉදිගහවෙල, පරිපාලන නිලධාරී ජයසිංහ බණ්ඩාර, රණවිරු අධිකාරියේ පළාත් නිලධාරී රෝහණ විජේරත්න , රත්නපුර දිස්ත්‍රික් නිලධාරී, පී.ආර්.ජී. විජයවික්‍රම යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී විය.

තව දුරටත්
news image

රණවිරු සුහදත්වයේ එකමුතුව අම්පාරට

රණවිරු අන්තර් සම්බන්ධතාවය වර්ධනය කිරීමේ අරමුණින් "රණවිරු සුහදත්වයේ එකමුතුව" යන මැයෙන් අම්පාර දිස්ත්‍රික්කයෙහි පදියතලාව රණවිරු සංසදය පුරා විසිරී සිටින සංසද සාමාජිකයන්ගේ නිවෙස් වෙත අනෙකුත් සාමාජිකයන්ගේ පවුල් සාමාජිකයන් ද කැටුව රණවිරු නිවෙස් චාරිකාවේ පලමු පියවර ආරම්භ කරන ලදී.
පදියතලාව ප්‍රධාන මංසන්ධියේ සිට 35km පමණ දුරින් පිහිටි සේරංකඩ පුරවරයේ වෙසෙන ආබාධිත රණවිරු එච්.එම්.චන්ද්‍රසේන මහතාගේ නිවෙස වෙත මෙම රණවිරු සමාජිකයන් පියමංකල අතර එහිදී රණවිරුවන්ගේ පවුලේ සාමාජිකයන් ද අප හා එකතු වූහ.
රණව්රු පවුල් අතර සුහදත්වය වැඩිකිරීමේ අරමුණින් සහ එකිනෙකා හදුනා ගැනීමේ අරමුණින් කෙටි විනෝදාත්මක අංග කිහිපයක නිරත වෙමින් දිවා ආහාරය ද සැවොම එකට එකතු වී පිලිවෙල කොට ඊලග මස තවත් නිවෙසක ගමන් කිරීමේ බලාපොරොත්තුවෙන් සතුටින් විසිර ගියහ.

තව දුරටත්
news image

මාතලේ දිස්ත්‍රික්කයේ රණවිරු සැමරුමක් සංවිධානය කෙරේ.

2022 ජාතික රණවිරු සැමරුමට සමගාමිව මාතලේ දිස්ත්‍රික්කයේ, රත්තොට හා අඹන්ගග කෝරළේ රණවිරු සංසදයේ සාමාජිකයන්ගේ දායකත්වයෙන් රටදැය වෙනුවෙන් දිවිපිදු සියලුම රණවිරුවන් අනුස්මරණය කරමින් රණවිරු ස්මාරකය අබියසදී පුශ්පෝපහාර දැක්වීම සිදු විය.
තවද ,දිවිපිදු රණවිරුවන්ට නිවන් සුවය පතමින් සහ ආබාධිත සියලු රණවිරුවන්ට සහ රණවිරු පවුල්වල සියලුම සාමාජිකයන්ට ආශිර්වාද කරමින් පූජ්‍යපාද මාතලේ අනෝමදස්සී ස්වාමින්වහන්සේගේ මූලිකත්වයෙන් කාලීන ධර්මදේශනාමය පුන්‍යකර්මය 2022 - 05 -31 දින රත්තොට ප්‍රාදේශීය සභාවේදී සිදුකරන ලදි.
එසේම රණවිරු සැමරුමට සමගාමීව රුක් රෝපණ වැඩසටහන්ද ක්‍රියාත්මක විය.
මෙම වැඩසටහන සදහා රත්තොට හා අඹන්ගග කෝරළේ රණවිරු සංසදයේ සාමාජිකයන්ගේ ,රත්තොට ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා,රත්තොට මූලස්ථාන පොලිස් පරීක්ෂකතුමා,රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය හා මාතලේ දිස්ත්‍රික් වැඩසටහන් නිලධාරිනියගේ ප්‍රදානත්වයෙන් සිදුවන ලදී.

තව දුරටත්
news image

13 වන ජාතික රණවිරු සැමරුමට සබරගමු පළාත ඒක් වෙයි

සබරගමුව පළාත් ආණ්ඩුකාර කාර්යාලය සහ රණවිරු අධිකාරිය එක්ව සංවිධානය කරන ලද සබරගමුව පළාත් රණවිරු සැමරුම් උත්සවය පසුගියදා රත්නපුර නව නගරයේ පිහිටි රණවිරු ස්මාරකය අසල දී ආණ්ඩුකාරවර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
මෙම අවස්ථාවට සබරගමු පළාත් ප්‍රධාන ලේකම් සුනිල් ජයලත්, ආණ්ඩුකාර ලේකම් එච්.ඩී. සිසිර, රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම, ආණ්ඩුකාර පුද්ගලික ලේකම් මංජුලා ඉඳිගහවෙල, රණවිරු අධිකාරියේ පළාත් නිලධාරී රෝහණ විජේරත්න , රත්නපුර නිලධාරී පී.ආර්.ජී. විජයවික්‍රම යන මහත්ම මහත්මීන්, ත්‍රිවිධ හමුදා සහ පොලිස් සාමාජිකයින් ඇතුළු රණවිරු සංසද නියෝජිතයන් පිරිසක් සහභාගී විය.

තව දුරටත්
news image

වයඹ පළාත් රණවිරු සැමරුම කුරුණෑගල දී

ජාතික රණවිරු සැමරුම් උළෙලට සමගාමීව, වයඹ ආණ්ඩුකාර කාර්යාලය හා රණවිරු සේවා අධිකාරිය එක්ව සංවිධානය කළ වයඹ පළාත් රණවිරු සැමරුම් උත්සවය පසුගියදා කුරුණෑගල රණවිරු ස්මාරකය අබියසදී පැවැත්විණි.
රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වමින් මෙම සැමරුම පැවැත් වූ අතර, එම අවස්ථාවට වයඹ පළාත් ආණ්ඩුකාර ලේකම් කමල් අමරසිංහ මැතිතුමා ආණ්ඩුකාර තුමාගේ පුද්ගලික ලේකම් චින්තන පෙරේරා මැතිතුමා රණවිරු සේවා අධිකාරියේ වයඹ පළාත් නිලධාරි නියෝජ්‍ය අධ්‍යක්ෂ ඒ.ජී.භාග්‍ය ගමගේ මහතා හා කුරුණෑගල දිස්ත්‍රික්කයේ රණවිරු සංසදයන්හි නියෝජිතයින් හා දිවි පිදූ රණවිරුවන්ගේ පවුල්වල සමාජිකයින් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

තව දුරටත්
news image

හික්කඩුව රණවිරුවන් අනුස්මරණයට දායක වෙයි

ක්‍රියාන්වියේදී දිවිපිදූ/අතුරුදන් වීරෝදාර රණවිරුවන් හට පින්පැමිණවීමේ මූලික අරමුණ පෙරදැරිව හික්කඩුව රණවිරු සංසදය මගින් වර්ෂිකව පවත්වන්නට යෙදෙන රත්ගම විජයරත්න වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් සදහා වන දහවල් දානමය පිංකම මෙවරත් දකුණු පළාත් නියෝජ්‍ය අධ්‍යකෂ ශාන්තසිරි මහතාගේ මගපෙන්වීම යටතේ ඉතා සාර්ථකව පවත්වන්නට යෙදුණි.
උදෑසන කාලයේ සම්බුද්ධ පූජාව පැවැත්වීමෙන් හා දහවල් දානය පිරිනැමීමෙන් අනතුරුව වැඩිහිටි සියලු දෙනා ගීතයෙන් ප්‍රබෝධමත් කිරීමට රසවින්දනාත්මක වැඩසටහනක් ද පවත්වන්නට යෙදුණි. මේ සදහා හික්කඩුව රණවිරු සංසදයේ ක්‍රියාකාරී රණවිරු සාමාජික සාමාජිකාවන්ගේ පූර්ණ සහයෝගයත් බෝපෙ පෝද්දල රණවිරු සංසදයේ ආබාධිත රණවිරු සුනිල් මහතාගේ සම්පත් දායකත්වය හා ගාල්ල දිස්ත්‍රික් භාර වැඩසටහන් නිලධාරීන් දෙදෙනාගේ සහභාගිත්වය ද සිදු විය.

තව දුරටත්
news image

අවිස්සාවේල්ල සීතාවක අපනයන සැකසුම් කළාපයේ පාලන අධිකාරිය රණවිරු කොඩියට සම්මාදම් වෙයි...

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අවිස්සාවේල්ල සීතාවක අපනයන සැකසුම් කලාපයේ පිහිටා ඇති කර්මාන්තශාලාවට අයත් කළමනාකරණ මණ්ඩල සහ සේවක සේවිකාවන් උදෙසා රණවිරු කොඩිය සඳහා සම්මාදම් වීමට ලබාදුන් අවස්ථාවට විශාල සහයෝගයක් ලබාදීමට එම පාලනාධිකාරිය අද දින කටයුතු කරනු ලැබීය.
මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා දායකත්වය ලබා දූන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට සහ අවිස්සාවේල්ල පිහිටි සීතාවක අපනයන සැකසුම් කලාපයන්හි අධ්‍යක්ෂ, ආනන්ද ගුණවර්ධන මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් හට අපගේ උත්තමාචාරය...
රණවිරු සේවා අධිකාරියේ බස්නාහිර පළාත් භාර නිලධාරිනී නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ධම්මිකා ෂෙල්ටන් මහත්මියගේ නායකත්වයෙන් මෙම ව්‍යාපෘතිය ඉතාමත් සාර්ථකව සිදු කරමින් පවතී.

තව දුරටත්
news image

13 වන ජාතික රණවිරු සැමරුම අභිමානවත්ව සැමරේ...

"13 වන ජාතික රණවිරු සැමරුම” ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විධායක ජනාධිපති, සේනාධිනායක අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, පාර්ලිමේන්තු සංකීර්ණය අසල ජාතික රණවිරු ස්මාරකය අභියසදී 2022 මැයි මස 19 වන දින චාම් සහ අභිමානවත් අයුරින් පැවැත්විණ.
දශක තුනක කාලයක් පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජය කර වීරෝධාර රණවිරුවන් අත්කරගත් යුද විජයග්‍රහණයට අදට වසර 13 ක් සපිරේ.
එහිදී යුද, ගුවන්, නාවික, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකායේ වීරෝධාර රණවිරුවන් විසි අට දහසකට (28000) ආසන්න ප්‍රමාණයක් මව්බිමේ නිදහස වෙනුවෙන් දිවි පිදූ අතර රණවිරුවන් විසි හත් දහසකට (27000) අධික පිරිසක් සටනේදී ආබාධිත තත්ත්වයට පත් වූයේය. ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන්ගේ සහභාගිත්වයෙන් මව්බිමේ රණවිරුවන් වෙත ගෞරවය පුද කිරීම මෙම සැමරුම් උත්සවයේදී සිදු කරන ලදී.
රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතා විසින් අතිගරු ජනාධිපතිතුමන් උත්සව භූමිය වෙත පිළිගනු ලැබීය.
ජාතික ගීය වාදනයෙන් පසු ජනාධිපතිතුමා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් පිරිස මියගිය රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිහඬතාවක නිරත වූහ.
ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික),නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්, මේජර් ජෙනරල් ජගත් අල්විස් (විශ්‍රාමික), ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා,නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උලුගේතැන්න, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, පොලිස්පති සී.ඩී වික්‍රමරත්න, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරල් මේජර් ජෙනරල් රන්ජන් ළමාහේවාගේ (විශ්‍රාමික) සහ රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) විසින් රණවිරු ස්මාරකය පාමුල මල්කළඹ තබා මියගිය රණවිරුවන් වෙනුවෙන් උත්තමාචාරය පුද කළහ.

තව දුරටත්
news image

ජාතික රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කෙරේ

රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කරමින් ජාතික රණවිරු සැමරුම් කොඩිය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වන විධායක ජනාධිපති, සේනාධිනායක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පැළඳවීම අද (06) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී සිදු විය.
රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) විසින් ප්‍රථම රණවිරු සැමරුම් කොඩිය අතිගරු ජනාධිපතිතුමන් වෙත පළඳවනු ලැබීමත් සමඟ රණවිරු සැමරුම් මාසයේ ඇරඹුම සනිටුහන් කරන ලදී.
දශක 03කට අධික කාලයක් පැවති ත්‍රස්තවාදය නිමාකර නිදහස්, නිවහල් දේශයක් වෙනුවෙන් කැපවූ අභීත රණවිරුවන් අනුස්මරණය කරමින් රණවිරු මාසය සැමරේ.
ශ්‍රී ලාංකීය දේශයේ සැබෑ නිදහසේ හිමිකරුවන් අනුස්මරණය කරනු වස් ශ්‍රී ලාංකික පුරවැසියන් වෙත රණවිරු සැමරුම් කොඩිය පිළිගැන්වීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. එමගින් දේශයේ උත්තරීතර රණවිරුවන් විසින් තම මව්බිමේ භෞමික අඛණ්ඩතාවයත්, ඒකීයභාවයත් සුරුකීම උදෙසා තම ජීවිත පරිත්‍යාගයෙන් සිදුකරන ලද උත්තරීතර කැපකිරීම අනුස්මරණය කරමින් ඔවුන් හට ගෞරව දැක්වීම මෙහි ප්‍රධාන අපේක්ෂාවයි.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස්, රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ, මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික), රණවිරු සේවා අධිකාරියේ සභාපති තුමන්ගේ ලේකම්, බ්‍රිගේඩියර් රෝෂන් තිරිමාන්න මහතා ද මෙම අවස්ථාවට එක් විය.

තව දුරටත්
news image

"රණවිරු දිවියට පිරිපුන් හෙටක්" රණවිරු පවුල් සවිබල ගැන්වීමේ වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන නොච්චියාගමින් අරඹයි

අනුරාධපුර දිස්ත්‍රික්කයේ නොච්චියාගම රණවිරු සංසදයේ සාමාජිකයන් කායික, මානසික, සාමාජීය සහ ව්‍යවසායකයින් වශයෙන් සවිබල ගැන්වීම අරමුණු කරගනිමින් සංවිධානය කරනු ලැබූ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රැස්වීම් ශාලාවේදී පසුගියදා පවත්වන ලදි. උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ රණවිරු සංසංදයන්හි සංසද සාමාජිකයන්ගේ කායික, මානසික, සාමාජීය සහ ව්‍යවසායික වශයෙන් සවිබල ගැන්වීමේ අරමුණින් උතුරු මැද පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂක තුෂාර ජයසිංහ මහතාගේ මග පෙන්වීම යටතේ අනුරාධපුර දිස්ත්‍රික් වැඩසටහන් නිලධාරීනි ෂොනාලි නානායක්කාර විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ වනිතා සංවර්ධන නිළධාරිණි වන ඹල්ගා දිමුතු ජයමග මහත්මිය විසින් දේශන සහය ලබා දෙන ලදී.
එහිදී රණවිරු සංසද සාමාජිකයන් හට ආර්ථික කළමනාකරණය, ගැටලු නිරාකරණය, පවුල් කළමනාකරණය, මානසික සංවර්ධනය යනාදී කරුණු ඇතුළත් හරවත් දේශනයක් පවත්වන ලදී.
නොච්චියාගම රණවිරු සංසදයේ සාමාජිකයන් , කාන්තා කටයුතු අමාත්‍යාංශයේ වනිතා සංවර්ධන නිළධාරිණි ඹල්ගා දිමුතු ජයමග මහත්මිය සහ රණව්රු සේවා අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් නිලධාරිනී, ෂොනාලි නානායක්කාර මෙම වැඩසටහන සඳහා සහභාගි වන ලදී.

තව දුරටත්
news image

ගෙවතු වගාව හා කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය පිළිබඳ කෑගල්ල සංසද රණවිරුවන් දැනුවත් කෙරේ

2022 වසර සදහා ස්ථාන මාරුවීම් සහ රණවිරු සේවා අධිකාරියේ ඉදිරි සැලසුම් සමාලෝචනය කෙරේ.

2022 වසරේ රණවිරු සේවා අධිකාරියේ ස්ථාන මාරු වීම් සිදු කිරීම සහ ඉදිරි සැලසුම් සමාලෝචනය කිරීමේ විශේෂ සාකච්ඡාවක් 2022 අප්‍රේල් මස 19 වැනිදා රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමන්ගේ කාර්යාලයේ දී පවත්වන ලදී. රණව්රු සේවා අධිකාරිය විසින් රණවිරු සුබසාධනය සඳහා සිදුකරන ලද ක්‍රියාකාරකම් වල ප්‍රගතිය සහ දිස්ත්‍රික්ක සහ පළාත් මට්ටමෙන් රණවිරු ගැටලු අධ්‍යයනය කිරීම සහ කාර්ය මණ්ඩලයේ පරිපාලන ගැටලු අධ්‍යයනය කිරීම ද මෙහිදී සාකච්ඡාවට භාජනය විය. රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ඡාව සඳහා අධ්‍යක්ෂක මේජර් ජෙනරාල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික), සභාපති ලේකම්, බ්‍රිගේඩියර් රෝෂන් තිරිමාන්න, පළාත් සහ අංශ භාර නියෝජ්‍ය අධ්‍යක්ෂ මහත්ම මහත්මීන්, මූල්‍ය සහ විගණන අංශ ප්‍රධානීන් ද සහභාගී විය.

තව දුරටත්
news image

2022 නව අවුරුදු උදාව සහ ප්‍රථම රාජකාරි දිනය උත්සවාකාරයෙන් සැමරේ.

2022 සිංහල දමිල අලුත් අවුරුදු උදාව සහ නව වසරේ ප්‍රථම රාජකාරි දිනය සංකේතාත්මකව සැමරීමේ සම්ප්‍රදායික චාම් උත්සවයක් රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) සහ එහි අධ්‍යක්ෂ මේජර් ජනරාල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික) ඇතුළු ,කාර්ය මණ්ඩලයේ සියළුම නිලධාරීන්ගේ සහ සියලුම සේවක මහත්ම මහත්මීන්ගෙ සහභාගීත්වයෙන් 2022අප්‍රෙල් මස 18 වන දින රණවිරු සේවා අධිකාරි මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණ.
නව අවුරුදු උදාව සමරනු වස් රණවිරු සේවා අධිකාරියේ කාර්ය මණ්ඩලය විසින් පිළියෙළ කරනු ලැබූ නව අවුරුදු කෑම මේසයක් සියලුම දෙනාහට සංකේතාත්මකව පිළිගැන්වීමට කටයුතු කරන ලදී.

තව දුරටත්
news image

කෘත්‍රිම පාද 17ක් රණක්ෂිතයට පත් රණවිරුවන් වෙනුවෙන් නිවෙස් වෙතම බෙදා හැරේ...

රණක්ෂිතයට පත්ව දිවයින පුරා විසිරී සිටින රණවිරුවන් 17දෙනෙකු සඳහා සකසන ලද කෘත්‍රිම පාද 17ක් ඔවුන්ගේ නිවෙස් වෙත බෙදා හැරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීම වෙනුවෙන් විශේෂ සාකච්ඡාවක් රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ උපදෙස් පරිදි පසුගිය දා පැවැත්වීය.
2021 වසර සඳහා රජයේ භාණ්ඩාගාරයෙන් රණවිරු සුබසාධනය සඳහා වෙන් කරන ලද මුදල් භාවිතා කරමින් මිලදී ගෙන ඇති මෙම කෘත්‍රිම පාද සිංහල අලුත් අවුරුද්ද සමයේ ඔවුන්ගේ නිවෙස් වෙත ම ලබා දීම සභාපතිතුමන්ගේ අරමුණයි. මෙම කෘත්‍රිම පාද සමග රු.1500ක් වටිනා පාවහන් මිල දී ගැනීමේ වවුචර් පතක් ද අදාළ ආයතනය විසින් රණවිරුවන් වෙනුවෙන් පරිත්‍යාග කර ඇත.
රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික), සභාපති ලේකම් බ්‍රිගේඩියර් රෝෂන් තිරිමාන්න, පළාත් ,පසු උවටැන සහ විශේෂ ව්‍යාපෘති අංශ ප්‍රධානී නියෝජ්‍ය අධ්‍යක්ෂ තුෂාර ජයසිංහ සහ වැඩසටහන් නිළධාරිනී නෙත්මි ගයත් ශ්‍රී ඇතුළු කාර්ය මණ්ඩලය මෙම සාකච්ඡාව සඳහා සහභාගි විය.
මෙම කෘත්‍රිම පාද දිවයින පුරා විසිරී සිටින රණවිරුවන්ගේ නිවෙස් වෙතම මෙම අලුත් අවුරුදු සමය තුළදී බෙදා දීමට රණවිරු සේවා අධිකාරිය කටයුතු කරන ලදී.

තව දුරටත්
news image

කල්මුණේ පදිංචි රණව්රු දරුවකු හට උසස් අධ්‍යාපනය සඳහා අවශ්‍ය ලැප්ටොප් යන්ත්‍රයක්

ක්‍රියාන්විතයේ දී ආබාධිත තත්ත්වයට පත් පොලිස් දෙපාර්තමේන්තුවට අනුයුක්තව රාජකාරි කරනු ලැබූ ඒ.ල්. අස්රෆ් රණවිරුවාගේ උසස් අධ්‍යාපනය ලබන ඒ.ල් මුස්තාක් අහමඩ් පුතනුවන් විසින් සිදුකරන ලද විශේෂ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ඹහුගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක් රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතා විසින් එම රණව්රු දරුවා වෙත අද දින පරිත්‍යාග කරන ලදී.
අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරේ ප්‍රදේශයේ උසස් තාක්ෂණික විද්‍යාලයට අනුයුක්තව කෘෂිකාර්මික තාක්ෂණවේදය පිළිබඳ උසස් ඩිප්ලෝමාව හදාරන මෙම රණවිරු දරුවා සදහා අවශ්‍ය අධ්‍යාපනික අත්වැලක් වශයෙන් මෙම පරිත්‍යාගය සිදු කරනු ලැබීය.
රණව්රු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික), සභාපති ලේකම්, බ්‍රිගේඩියර් රෝෂන් තිරිමාන්න, ශිෂ්‍යත්ව අංශ ප්‍රධානී, සුරේඛා ප්‍රනාන්දු මහත්මිය සහ රණව්රු පවුලේ සාමාජිකයන් මෙම අවස්ථාවට සහභාගි විය.

තව දුරටත්
news image

නුවරඑළිය රණවිරු සංසද සාමාජිකයන් සඳහා කාබනික ගොවිතැන පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්

රණවිරු සේවා අධිකාරියේ විශ්‍රාමික රණවිරු ව්‍යවසාය සංවර්ධන හා විශේෂ ව්‍යාපෘති අංශයේ දායකත්වයෙන් ක්‍රියාන්විත රාජකාරියේ දී රණක්ෂිතයට පත් රණවිරුවන් හා ඔවුන් ගේ පවුල්වල සාමාජිකයන් සම්බන්ධ කර ගනිමින් සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළට සමගාමීව කාබනික පොහොර භාවිතය, ගෙවතු වගාව සහ වී ගොවිතැන නගා සිටුවීමේ දීප ව්‍යාප්ත වැඩසටහන් මාලාවේ පස්වන වැඩසටහන නුවරඑළිය දිස්ත්‍රික් වැඩසටහන් නිලධාරිනී අජන්තා හේරත් මහත්මියගේ සංවිධානයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රදේශයේ දී පැවැත්විය.
රණවිරු සේවා අධිකාරියේ කොප්‍රල් සුමිත් කුමාර සහ කෘෂිකර්මික දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සම්පත් දායකත්වයෙන් පවත්වන ලද මෙම වැඩසටහන සඳහා නුවරඑළිය දිස්ත්‍රික්කයේ රණවිරු සංසද සාමාජිකයන් 30 දෙනෙකු පමණ සහභාගී විය.
රණවිරු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරල් නන්දන සේනාධීර මහතාගේ සංකල්පයක් මත සිදු කරනු ලබන මෙම වැඩසටහන තුළින් විශ්‍රාමික රණක්ෂිතයට පත් රණවිරු ප්‍රජාව දැයේ සංවර්ධනයට දායක කරගනිමින් සමාජයට පූර්වාදර්ශයක් ලබාදීම අපේක්ෂා කෙරේ.

තව දුරටත්
news image

"ජාතික රණවිරු සැමරුම -2022" අභිමානවත්ව සැමරීම සඳහා මූලික සැලසුම් සකස් කෙරේ"

රණවිරු සේවා අධිකාරිය මගින් සංවිධානය කරනු ලබන "ජාතික රණවිරු සැමරුම -2022" අභිමානවත්ව පැවැත්වීම සඳහා අවශ්‍ය මූලික කටයුතු පිළිබඳ සාකච්ඡාවක් අද දින රණවිරු සේවා අධිකාරියේ සභාපති, මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබීය.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය, ත්‍රිවිධ හමුදාව පොලීසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතිව ආරක්ෂක අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ දහතුන්වන ජාතික රණවිරු සැමරුම සාර්ථකව සිදුකිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම මෙහි දී සිදු විය.
රණව්රු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ, මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික), සභාපති ලේකම්, බ්‍රිගේඩියර් රෝෂන් තිරිමාන්න, රණව්රු සේවා අධිකාරියේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්, ත්‍රිවිධ හමුදාව පොලීසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් මෙම විශේෂ සාකච්ඡාව සඳහා සහභාගි විය.

තව දුරටත්
news image

2022 වසර පළමු කාර්තුවේ රණවිරු සේවා අධිකාරියේ ප්‍රගතිය සමාලෝචනය කෙරේ.

2022 වසරේ පළමු මාස තුනෙහි රණවිරු සේවා අධිකාරියේ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ විශේෂ සාකච්ඡාවක් 2022 අප්‍රේල් මස 1 වැනිදා රණවිරු සේවා අධිකාරියේ සාකච්ඡා ශාලාවේ දී පවත්වන ලදී.
රණව්රු සේවා අධිකාරිය විසින් රණවිරු සුබසාධනය සඳහා සිදුකරන ලද ක්‍රියාකාරකම් වල ප්‍රගතිය සහ දිස්ත්‍රික්ක සහ පළාත් මට්ටමෙන් රණවිරු ගැටලු අධ්‍යයනය කිරීම සහ කාර්ය මණ්ඩලයේ පරිපාලන ගැටලු අධ්‍යයනය කිරීම ද මෙහිදී සාකච්ඡාවට භාජනය විය.
එමෙන්ම, දහතුන් (13) වන ජාතික රණවිරු සැමරුමට අදාළව සිදුකළ යුතු ක්‍රියාකාරකම් මෙන්ම රණවිරු සේවා අධිකාරියේ ඉදිරි සැලසුම් සාකච්ඡාවට භාජනය කිරීමද මෙහිදී සිදුවිය.
රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් (විශ්‍රාමික) නන්දන සේනාධීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති